නව ලොවක් දෙවිගේ පොරොන්දුවට අනුව
අප ඉදිරියෙහි බලාපොරොත්තුවක් තබමින් දෙවිගේ ලිඛිත වචනය වන බයිබලය මෙසේ පවසනවා. “ඔහුගේ පොරොන්දුවට අනුව, ධර්මිෂ්ඨකම වාසය කරන්නාවූ අලුත් අහසක් හා අලුත් පොළොවක් අපි බලා සිටින්නෙමු.”—2 පේතෘස් 3:13.
“අලුත් අහස” යනු කුමක්ද? බයිබලයේ අහස සම්බන්ධ කර දක්වන්නේ පාලන තන්ත්රයක් සමඟයි. (ක්‍රියා 7:49) “අලුත් අහස” කියන්නේ පොළොව පාලනය කරනු ලබන අලුත් ආණ්ඩුවකටයි. මෙය අලුත් කියා හඳුන්වන්නේ ඉදිරියේදී එය වත්මන් පාලන තන්ත්රවලට හිමි තැන අත් කරගන්න නිසයි. එමෙන්ම එය දෙවිගේ අරමුණ ඉටු කිරීමේදී ගනු ලබන නව පියවරක්ද වෙනවා. යේසුස් අපට යාච්ඤා කරන්න කියා ඉගැන්වූ රාජ්‍යය වන්නේද එයයි. (මතෙව් 6:10) එය පිහිටෙවූ තැනැත්තා දෙවි වන නිසාත් ඔහු වාසය කරන්නේ ස්වර්ගයේ වන නිසාත් එය “ස්වර්ග රාජ්‍යය” කියාද හඳුන්වනු ලබනවා.—මතෙව් 7:21.
“අලුත් පොළොව” යනු කුමක්ද? පොළොව සදාකාලයටම ජනාවාස වී පවතින බව බයිබලයේ පැහැදිලිව සඳහන් කර තිබෙන නිසා එය අලුත් පෘථිවි ග්‍රහයෙක් නොවේ. ඉදිරියේදී “අලුත් පොළොව” වන්නේ අලුත් මිනිස් සමාජයක්. මෙය අලුත් වන්නේ මෙය පවතින කාලය වන විට දුෂ්ටයන්ව සිඳ දමා තිබෙන නිසයි. (හිතෝපදේශ 2:21, 22) ඒ කාලයේදී ජීවත් වන සියලුදෙනාම මැවුම්කරුව ගෞරවයට පත් කරමින් ඔහුට කීකරු වනු ඇති අතර ඔහුගේ නියමයන්ට එකඟවද ජීවත් වෙයි. (ගීතාවලිය 22:27) එම නියමයන් ගැන ඉගෙනගෙන, ඒවාට එකඟව තමන්ගේ ජීවිත හැඩගස්වා ගන්න කියා සියලුම ජාතීන්වලට අයත් ජනයාට දැන් ආරාධනා කරනු ලබනවා. ඔබත් එසේ කරමින් සිටිනවාද?
දෙවිගේ නව ලොවේ ජීවත් වන සියලුදෙනාම ඔහුගේ පාලනයට ගරු කරයි. දෙවිට තිබෙන ප්‍රේමය නිසා ඔහුට කීකරු වීමට ඔබ පෙලඹෙනවාද? (1 යොහන් 5:3) ඒ බව ඔබ නිවසේ සිටින විට දැකිය හැකිද? රැකියාව කරන විට හෝ පාසැලේ සිටින විට දැකිය හැකිද? ඔබ ජීවත් වන ආකාරයෙන් දැකිය හැකිද?
ඒ නව ලොවේදී ජනයා එකමුතුව සැබෑ දෙවිට නමස්කාර කරයි. ඔබ නමස්කාර කරන්නේ අහසෙහි හා පොළොවෙහි මැවුම්කරුටද? ඔබ නිරත වී සිටින නමස්කාරයේම සිටින සියලුම ජාතීන්, වර්ග හා භාෂාවලට අයත් සෙසු නමස්කාරකයන් සමඟ සැබවින්ම එකමුතුව සිටීමට ඔබේ නමස්කාරය හේතු වී තිබෙනවාද?—ගීතාවලිය 86:9, 10; යෙසායා 2:2-4; ශෙපනියා 3:9.
[17වන පිටුවේ කොටුව]
මේ දේවල් පොරොන්දු කරන දෙවි
ඔහු තමයි අහසේ හා පොළොවේ මැවුම්කරු. “එකම සැබෑ දෙවි” කියා යේසුස් ක්‍රිස්තුස් හැඳින්වූයේ ඔහුවයි.—යොහන් 17:3.
මුළු මනුෂ්‍ය වර්ගයාගෙන් වැඩි පිරිසක් ගරු බුහුමන් දක්වන්නේ ඔවුන් විසින්ම සාදාගත් දෙවිවරුන්ටයි. දශලක්ෂ ගණනක් නමස්කාර කරන්නේ අජීවි පිළිමවලටයි. තවත් අය මහත් ගෞරවයෙන් යුතුව සලකන්නේ මිනිසුන් පිහිටුවාගෙන තිබෙන ආයතන හෝ ලෞකික සම්පත් හඹා යෑමට අනුබල දෙන දර්ශනයන් හෝ ඔවුන්ගේම ආශාවන්. තමන් නමස්කාර කරන්නේ බයිබලයට අනුවයි කියා පවසන සෑම කෙනෙක්ම සැබෑ “දෙවි” වශයෙන් එහි හඳුන්වනු ලබන තැනැත්තාගේ නාමයට ගෞරව කරන්නේ නැහැ.—ද්විතීය කතාව 4:35.
මැවුම්කරුම තමන් ගැන මෙසේ පවසනවා. “යෙහෝවා මමය; ඒක මාගේ නාමය වේ.” (යෙසායා 42:5, 8) බයිබලය ලියූ මුල් භාෂාවල එම නාමය 7,000 වාරයක් පමණ සඳහන් වෙනවා. යේසුස් ක්‍රිස්තුස් ඔහුගේ අනුගාමිකයන්ට මෙසේ යාච්ඤා කරන්න කියා ඉගැන්වූවා. “ස්වර්ගයෙහි සිටින අපගේ පියාණෙනි, ඔබගේ නාමය විශුද්ධ වේවා.”—මතෙව් 6:9.
සැබෑ දෙවි මොන වගේ කෙනෙක්ද? තමන් “අනුකම්පාවෙන්ද කරුණාවෙන්ද සම්පූර්ණ වූ උදහස් වීමට ප්‍රමාද වන්නාවූ දයාවෙන්ද සත්‍යතාවෙන්ද අධිකතර [වූද],” හිතා මතාම තමන්ගේ ආඥාවන් කඩ කරන අයව කවර ප්‍රකාරයකින්වත් දඬුවමින් නිදහස් නොකරන්නාවූද තැනැත්තෙකු කියා ඔහුම ඔහු ගැන විස්තර කරනවා. (නික්මයාම 34:6, 7) අතීතයේදී දෙවි මනුෂ්‍ය වර්ගයා සමඟ කටයුතු කර තිබෙන ආකාරයෙන් තහවුරු වන්නේ ඔහු ගැන ඉහත කර ඇති විස්තරය සත්‍යයක් බවයි.
එම නාමය මෙන්ම එයින් නියෝජනය කරනු ලබන පුද්ගලයාව ශුද්ධ ලෙස සැලකිය යුතුයි. මැවුම්කරු හා විශ්වනීය පරමාධිපති වශයෙන් ඔහු අපේ කීකරුකම හා නමස්කාරය මුළුමනින්ම ලබන්න වටී. ඔබ පෞද්ගලිකව ඔහුට කීකරු වෙනවාද? නමස්කාර කරනවාද?
[18වන පිටුවේ කොටුව⁄පින්තූරය]
“අලුත් අහසක් හා අලුත් පොළොවක්” මගින් කරනු ලබන වෙනස්කම් මොනවාද?
පොළොව පාරාදීසයක් බවට පත් කරයි ලූක් 23:43
සියලුම ජාතීන්, වර්ග හා භාෂා වලට යොහන් 13:35;
අයත් ජනයා ජීවත් වන සමස්ත ලෝක එළිදරව් 7:9, 10
ජන සමාජයක් ප්‍රේමයෙන් එකමුතුව සිටී
ලොව පුරා සාමය, සියල්ලන්ට ගීතාවලිය 37:10, 11;
සැබෑ සුරක්ෂිතභාවය මීකා 4:3, 4
තෘප්තිමත් වැඩ හා ආහාර ඕනෑ තරම් යෙසායා 25:6; 65:17, 21-23
අසනීප, ශෝකය හා මරණය පහ කෙරේ යෙසායා 25:8
එකමුතුව සැබෑ දෙවිට නමස්කාර එළිදරව් 15:3, 4
කරන ලෝකයක්
[19වන පිටුවේ කොටුව⁄පින්තූර]
ඔබ ප්‍රයෝජන ගනු ඇද්ද?
දෙවිට බොරු කිව නොහැකියි!—තීතස් 1:2.
යෙහෝවා මෙසේ පවසයි. “මාගේ මුඛයෙන් පිට වන මාගේ වචනය මා වෙතට හිස්ව හැරී නෑවිත් මා කැමති දෙය සිදු කොට මා විසින් නියම කළ කාරණය දියුණු කරන්නේය.”—යෙසායා 55:11.
යෙහෝවා දැනටමත් “අලුත් අහසක්ද අලුත් පොළොවක්ද” සාදමින් සිටියි. ස්වර්ගික ආණ්ඩුව මේ වන විටත් ක්‍රියාත්මක වෙමින් පවතී. “අලුත් පොළොව” සඳහා අත්තිවාරම දැනටමත් දමා තිබෙනවා.
‘අලුත් අහසක් හා අලුත් පොළොවක්’ මගින් මනුෂ්‍ය වර්ගයාට ගෙනෙනු ලබන මවිතකර දේවල් සමහරක් ගැන විස්තර කිරීමෙන් පසු, විශ්වනීය පරමාධිපති දෙවිම පවසන මෙම වදන් එළිදරව් පොතේ මෙසේ උපුටා දක්වනවා. “බලන්න! මම සියල්ල අලුතෙන් සාදන්නෙමි.” ඔහු මෙසේද පවසයි. “ලියන්න. මන්ද මේ වචන විශ්වසනීයය, සැබෑය.”—එළිදරව් 21:1, 5.
අතිවැදගත් ප්රශ්නය වන්නේ මෙයයි. එම “අලුත් අහස” යටතේ පවතින ‘අලුත් පොළොවේ’ වැසියෙක් වීමට සුදුසුකම් ලැබීම සඳහා, අපි අවශ්‍ය වෙනස්කම් කරමින් සිටිනවාද?