ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • be 45 පාඩම 240 පි.-243 පි. 1 ¶
  • ඉගැන්වීම සඳහා උපමා/නිදර්ශන භාවිතය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඉගැන්වීම සඳහා උපමා/නිදර්ශන භාවිතය
  • දිව්‍යාණ්ඩු සේවා පාසැල් අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ලබමු
  • සමාන තොරතුරු
  • ‘ඔහු උපමාවක් භාවිත නොකර ඔවුන්ට කතා කළේ නැහැ’
    “මගේ අනුගාමිකයෙක් වෙන්න”
  • සුදුසු උපහැරණ
    දිව්‍යාණ්ඩු සේවා පාසල් ගුරුපොත
  • ඔහු “උපමාවක් නැතිව ඔවුන්ට කතා නොකළේය”
    2002 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උතුම් ගුරුවරයාව අනුකරණය කරන්න
    2002 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
දිව්‍යාණ්ඩු සේවා පාසැල් අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ලබමු
be 45 පාඩම 240 පි.-243 පි. 1 ¶

පාඩම 45

ඉගැන්වීම සඳහා උපමා/නිදර්ශන භාවිතය

කළ යුතු වන්නේ කුමක්ද?

ඔබ ගුරුවරයෙකු ලෙස ඉලක්ක අත් කරගැනීම සඳහා භාෂාලංකාර, වාක් සම්ප්‍රදායන්, කතාන්තර නැතහොත් සැබෑ ජීවිත අද්දැකීම් භාවිත කරන්න.

එය වැදගත් වන්නේ මන්ද?

ඔබේ කතාවේ ගුණය වැඩි කිරීමට, සවන් දෙන අයගේ ජීවිතවලට බලපෑමක් ඇති කිරීමට සහ ලබා දෙන උපදෙස් මතකයේ රැඳවීමට යොදාගත හැකි මෙම ඉගැන්වීමේ ක්‍රම නිසි ලෙස භාවිතයෙන් බොහෝ ප්‍රයෝජන ලබාගත හැක. එනමුත්, ඒවා අනිසි ලෙස භාවිත කළහොත් වටිනා උපදෙස්වලින් අවධානය වෙනතකට යොමු විය හැක.

උපමා සහ නිදර්ශන ඉගැන්වීම සඳහා යොදාගත හැකි ප්‍රබල මෙවලම් වේ. බොහෝ විට, අවධානය ලබාගැනීමට සහ එය රඳවා තබාගැනීමට ඒවායින් ඉතා බලපෑමෙන් යුත් කාර්යයක් ඉටු වනු ඇත. ඒවායින් සිතීමේ ක්‍රියාවලිය පණගැන්වෙයි. එමගින් හැඟීම් කැලතෙන අතර, ප්‍රතිඵලයක් ලෙස හෘදය සාක්ෂියට සහ හදවතට යමක් කාවැද්දීමට උපකාරවත් විය හැක. ඇතැම් අවස්ථාවලදී, යම් අගතිසහගත හැඟීමක් ජයගැනීමට උපමා හෝ නිදර්ශන භාවිත කරන්නට පුළුවන. එමෙන්ම යමක් මතක තබාගැනීමට ඒවා ඉතා බලපෑමෙන් යුත් ආධාරක වේ. ඔබ උගන්වන විට ඒවා භාවිත කරනවාද?

භාෂාලංකාර යනු යමක් නිදර්ශනය කිරීමට භාවිත කළ හැකි වචන ස්වල්පයකින් යුත් යෙදුම් වේ. එනමුත් ඒවායින් ඉතා ප්‍රබල පින්තූරයක් මනසෙහි සිතුවම් කළ හැක. ඒවා කල්පනාකාරිව තෝරාගන්නා විට ඉන් සිදු වන්නේ ඒවායෙන් අර්ථවත් වන දේ ක්ෂණිකව පැහැදිලි වීමයි. එනමුත් ඊට කෙටි පැහැදිලි කිරීමක් එකතු කිරීමෙන් ඒවායෙහි වටිනාකම තවත් කාවැද්දීමට ගුරුවරයෙකුට පුළුවන. ඔබට යමක් උගත හැකි මෙවැනි උදාහරණවලින් බයිබලය පිරී පවතී.

උපමාලංකාර සහ රූපකාලංකාරවලින් අරඹන්න. උපමාලංකාර යනු භාවිත කළ හැකි සරලම භාෂාලංකාර වේ. උපමා භාවිත කිරීමේ කලාව සම්බන්ධයෙන් ඔබ තවමත් සිටින්නේ මුල් අවධියේ නම්, උපමාලංකාර භාවිත කිරීමෙන් ඔබේ හැකියාව ප්‍රගුණ කරගත හැකි වේ. ඒවා සාමාන්‍යයෙන් හඳුන්වා දෙනු ලබන්නේ “මෙන්” හෝ “හා සමාන” වැනි යෙදුම් සම්බන්ධ කරගෙනය. හාත්පසින්ම වෙනස් දේවල් දෙකක් සසඳන විට, උපමාලංකාරයකින් ඒ දේවල් දෙක අතර යම්කිසි පොදු දෙයක් උලුප්පා දක්වයි. අලංකාරමය භාෂාව සුලභව භාවිත කරන බයිබලයෙහි ශාක, සතුන් අහසේ වස්තූන් වැනි මවන ලද දේවල් සහ මිනිස් අද්දැකීමෙන් ඈඳාගත් දේවල් උපයෝගි කරගෙන ඇත. ගීතාවලිය 1:3හි අපට පවසා තිබෙන්නේ දේවවචනය නිතිපතා කියවන පුද්ගලයෙකු “දිය ඇළවල් ළඟ හිඳුවූ . . . ගසක් හා සමාන” වන බවය. එනම් ඵල දරන, නොමැලවෙන ගසක් හා සමාන බවය. තවත් දෙයක් නම්, දුෂ්ටයා ගොදුරක් ඩැහැගැනීමට මඟ රැක සිටින ‘සිංහයෙකු මෙන්’ යයි පවසා තිබීමය. (ගීතා. 10:9) ආබ්‍රහම්ගේ වංශය ගණනින් “අහසේ තාරකා මෙන්ද, මුහුදු වෙරළෙහි වැලි මෙන්ද” වන බවට යෙහෝවා ඔහුට පොරොන්දු විය. (උත්. 22:17) තමා සහ ඉශ්‍රායෙල් ජාතිය අතර යෙහෝවා ඇති කරගත් සමීප සබඳතාව සම්බන්ධයෙන් ඔහු පැවසුවේ “පටිය මනුෂ්‍යයෙකුගේ ඉඟට ඇලෙන්නාක් මෙන්” තමා ඉශ්‍රායෙල් සහ යූදා තමාට ඇලුම් වන්නට සැලැස්වූ බවයි.—යෙරෙ. 13:11.

හාත්පසින්ම වෙනස් දේවල් දෙකක් අතර ඇති සමානකම උලුප්පා දක්වන තවත් ක්‍රමයකි රූපකාලංකාර භාවිතය. එනමුත් රූපකාලංකාරය උපමාලංකාරයට වඩා ප්‍රබලය. රූපකාලංකාරයක් යනු යම්කිසිවක් උපමා කිරීමේදී උපමිත වස්තුව උපමාවට සමාන බව කියන වැනි, මෙන්, සේ, යනාදී නිපාත රහිතව යෙදූ විට ඇති වන අලංකාරයයි. එමනිසා උපමාවේ තිබෙන ගුණයක් උපමිත වස්තුවට ලැබෙයි. මේ අනුව යේසුස් තම ගෝලයන්ට පැවසුවේ “නුඹලා ලෝකයේ ආලෝකයය” කියාය. (මතෙ. 5:14) ඉවක් බවක් නොමැතිව කතා කිරීමෙන් සිදු විය හැකි හානිය විස්තර කරමින්, ශ්‍රාවක යාකොබ් මෙසේ ලීවේය. “දිවද ගින්නක්ය.” (යාකො. 3:​5, 6) දාවිත් යෙහෝවාව අමතමින් “ඔබ මාගේ පර්වතය සහ බලකොටුවය” යනුවෙන් ගායනා කළේය.(ගීතා. 31:3) මනා තේරීමකින් යුතුව භාවිත කරන රූපකාලංකාරයකට අමතර පැහැදිලි කිරීමක් අවශ්‍ය නැත. එය ප්‍රබල වන්නේ එය කෙටි වන තරමටය. ඇත්තෙන්ම සරල වාක්‍ය කිහිපයකින් යම් කාරණයක් විස්තර කරනවාට වඩා රූපාලංකාරයක් භාවිත කරමින් විස්තර කිරීමෙන් එය මතක තබාගැනීමට පහසු වේ.

අතිශයෝක්තිය යනු යමක් වැඩි කොට දැක්වීම හෝ පැවසීමයි. එය ඉතා කල්පනාකාරිව කළ යුතු දෙයකි. එසේ නැතහොත් එහි අභිප්‍රාය වරදවා වටහාගැනීමට පුළුවන. මතකයේ නොමැකෙන සේ රැඳෙන පින්තූරයක් සිතුවම් කිරීමට යේසුස් මෙවැනි භාෂාලංකාරයක් භාවිත කරමින් මෙසේ ඇසුවේය. “නුඹේ ඇසේ තිබෙන දැවය [පරාලය, NW] නොසලකා, නුඹේ සහෝදරයාගේ ඇසේ තිබෙන රොඩ්ඩ කුමකට බලන්නෙහිද?” (මතෙ. 7:3) කෙසේ නමුත්, මෙම භාෂාලංකාරය හෝ වෙනත් වාග් සම්ප්‍රදායක් භාවිත කිරීමට පෙර, උපමාලංකාර සහ රූපකාලංකාර බලපෑමෙන් යුතුව භාවිත කිරීමට ඉගෙනගන්න.

උපමා භාවිත කරන්න. භාෂාලංකාර භාවිත කරනවා වෙනුවට, ඉගැන්වීම් ආධාරක ලෙස ප්‍රබන්ධ කථා හෝ සැබෑ ජීවිත අද්දැකීම් උපමා ලෙස භාවිත කිරීමට ඔබ තීරණය කළ හැක. එසේ කිරීමේදී පාලනයක් නැතුව ඒවාට පමණක් අවධානය දිය හැකි නිසා, ඒවා හොඳින් හැසිරවිය යුතුය. මෙවැනි උපමා භාවිත කළ යුත්තේ සැබවින්ම වැදගත් වන කරුණු පැහැදිලි කිරීමට ආධාරකයක් සේ පමණි. තවද ඒවා ඉදිරිපත් කළ යුත්තේ නිකම්ම කතාවක් සේ මතකයේ රැඳවීම සඳහා නොව, නමුත් ඉගැන්වීමට අදහස් කළ කාරණය මතකයෙහි රඳවා තැබීමටය.

මෙහිදී භාවිත කරන සියලුම උපමා සැබෑ සිදුවීම් විය යුතුය කියා අදහස් නොකෙරේ. එනමුත් ඒවායින් එදිනෙදා ජීවිතයේ දක්නට ලැබෙන තත්වයන් හෝ මනුෂ්‍යයන් පොදුවේ දරන ආකල්ප පිළිබිඹු විය යුතුය. පසුතැවිලි වූ පව්කාරයෙකුව සැලකිය යුතු ආකාරය ගැන ඉගැන්වූ අවස්ථාවේදී, යේසුස් එම කාරණය නිදර්ශනය කළේ නැති වූ බැටළුවෙකු සොයාගත් මිනිසෙකු තුළ ඇති වන ප්‍රීතිය ගැන විස්තර කිරීමෙනි. (ලූක් 15:1-7) තම අසල්වාසියාට ප්‍රේම කරන්න යන ආඥාවේ සැබෑ අභිප්‍රාය තේරුම්ගැනීමට අපොහොසත් වූ මනුෂ්‍යයෙකුට යේසුස් පිළිතුරු වශයෙන්, පූජකයෙකු සහ ලෙවීවරයෙකු විසින් නොසලකා හැරිය තුවාල වූ මිනිසෙකුට උපකාර කළ සමාරිය ජාතිකයෙකු පිළිබඳ කතාවක් පැවසීය. (ලූක් 10:30-37) මිනිසුන්ගේ ආකල්ප ගැන සාවධානව සිටීමට සහ ඔවුන්ගේ ක්‍රියාවන් හොඳින් නිරීක්ෂණය කිරීමට ඔබත් පුරුදු වෙනවා නම්, මෙම ඉගැන්වීමේ ක්‍රමය බලපෑමෙන් යුක්තව භාවිත කිරීමට ඔබට පුළුවන.

අනාගතවක්තෘ නාතාන් යම් කල්පිත සිදුවීමක් යොදාගෙන දාවිත් රජුට අවවාද කළේය. එම අවස්ථාවේදී පැවසූ කතාව ප්‍රතිඵලදායක එකක් වූයේ, එයින් දාවිත්ට නිදහසට කරුණු ඉදිරිපත් කිරීමට අවස්ථාවක් ලබා නොදුන් නිසාය. කතාව ගෙතී තිබුණේ බැටළුවන් රාශියකට හිමිකම් කියූ ධනවතෙකු හා ඉතා ආදරයෙන් ඇති දැඩි කරමින් සිටි එක බැටළු පැටවෙකුගේ අයිතිකරු වූ මිනිසෙකු වටාය. දාවිත් කලින් එඬේරෙකුව සිටි නිසා, එම බැටළුපැටවාගේ අයිතිකරුගේ හැඟීම් තේරුම්ගැනීම ඔහුට අපහසු නොවීය. මෙම දිළින්දාගේ ආදරවන්ත බැටළුපැටවා පැහැරගෙන ගිය ධනවතා ගැනද දාවිත් තුළ හටගත්තේ ඉතා ප්‍රබල වූ ධර්මිෂ්ඨ කෝපයකි. අනතුරුව නාතාන් දාවිත්ට ඉතා ඍජුව මෙසේ පැවසීය. “ඒ මනුෂ්‍යයා නුඹය”! නාතාන් දාවිත්ගේ හදවතටම කෙළින්ම තට්ටු කළ නිසා, ඔහු අවංකව පසුතැවිලි වූයේය. (2 සාමු. 12:1-14) මෙලෙස උපමා භාවිත කිරීමෙන් අද්දැකීම් ලබන විට, පුද්ගලයෙකුගේ හැඟීම් උත්සන්න වී ඇති අසීරු අවස්ථාවලදී ඔබට හදවතට ළඟා වන අන්දමකින් ප්‍රශ්නය හැසිර වීමට හැකි වේ.

ඉගැන්වීම සඳහා උපකාරවත් වන වටිනා නිදර්ශන රැසක් ශුද්ධ ලියවිල්ලෙහි වාර්තා වී ඇති සිද්ධීන්වලින් ලබාගත හැක. “ලොත්ගේ භාර්යාව සිහි කරන්න” කියා යේසුස් පැවසූ විට ඔහු ප්‍රබල පාඩමක් වචන ස්වල්පයකින් ඉගැන්වීය. (ලූක් 17:32) තමා පැමිණ සිටින කාලපරිච්ඡේදයේ ලකුණ විස්තර කරද්දී යේසුස් යොමු දැක්වූයේ ‘නෝවාගේ දවස්වලටය.’ (මතෙ. 24:37-39) හෙබ්‍රෙව් 11වන පරිච්ඡේදයෙහි ප්‍රේරිත පාවුල් ඇදහිල්ලේ ආදර්ශ වශයෙන් පුරුෂයන් සහ ස්ත්‍රීන් 16දෙනෙකුව නම්වලින් සඳහන් කළේය. බයිබලයෙහි අඩංගු දේවල් ගැන ඔබ තව තවත් දැනගනිද්දී එහි පිටු තුළ සඳහන්ව ඇති සිද්ධීන් සහ පුද්ගලයන් ගැන පවසා ඇති දෙයින් ප්‍රබල නිදර්ශන ගෙනහැර දැක්වීමට ඔබට හැකි වනු ඇත.—රෝම 15:4; 1 කොරි. 10:11.

සමහර අවස්ථාවන්හිදී යම් කරුණක් උගන්වද්දී එය තහවුරු කිරීමට වර්තමානයේ සැබෑ ජීවිත අද්දැකීමක් භාවිත කිරීම ප්‍රයෝජනවත් වන බව ඔබට පෙනී යා හැක. කෙසේවෙතත්, භාවිත කරන අද්දැකීමෙහි නිරවද්‍යතාව තහවුරු කරගත යුතුය. අනික් අතට, ඔබේ සබයේ ඇතමෙකුව බාධාවට පත් කළ හැකි යමක් හෝ සාකච්ඡාවට සම්බන්ධයක් නැති මතභේදයට තුඩු දෙන විෂයකට අවධානය දීමෙන්ද වැළකී සිටින්න. එම අද්දැකීමෙන් යම්කිසි සුවිශේෂ අරමුණක් ඉටු විය යුතු බවත් මතක තබාගන්න. එමනිසා ඔබේ ඉදිරිපත් කිරීමේ අරමුණ වෙතින් අවධානය ඉවතට හරවන අනවශ්‍ය තොරතුරු පිළිබඳව විස්තර සැපයීමට කාලය නොගන්න.

එය තේරුම්ගත හැකි වේවිද? ඔබ භාවිත කරන උපමාව හෝ නිදර්ශනය කුමක් වුවත්, එයින් යම් නිශ්චිත අරමුණක් ඉටු විය යුතුය. එමනිසා, සාකච්ඡා කරන විෂයට එය සම්බන්ධ කර දැක්වූයේ නැත්නම් එවැන්නක් සිදු වෙයි කියා සිතිය හැකිද?

තම ගෝලයන් “ලෝකයේ ආලෝකය” බව සඳහන් කිරීමෙන් පසු, යේසුස් කළේ පහනක් භාවිත කරන අන්දම ගැන අදහස් කිහිපයක් සහ ඔවුන්ට ඉන් ඇඟවෙන වගකීමද පැහැදිලි කිරීමයි. (මතෙ. 5:15, 16) නැති වූ බැටළුවා පිළිබඳ ඔහුගේ උපමාව සඳහන් කිරීමෙන් පසු, පව්කාරයෙකු පසුතැවිලි වන විට ස්වර්ගයෙහි ඇති වන ප්‍රීතිය ගැන ඔහු අදහස් පළ කළේය. (ලූක් 15:7) කාරුණික සමාරියයා පිළිබඳ ඔහුගේ කතාව ඉදිරිපත් කිරීමෙන් පසු, තමාට සවන් දෙමින් සිටි තැනැත්තාගෙන් පැහැදිලි ප්‍රශ්නයක් ඇසූ යේසුස්, අනතුරුව ඍජු උපදෙස් කිහිපයක් ලබා දුන්නේය. (ලූක් 10:36, 37) මීට වෙනස් ක්‍රමයක් අනුගමනය කරමින්, විවිධ පස් වර්ග පිළිබඳ තම උපමාවද, කෙතේ හටගත් කිරිඳි පිළිබඳ උපමාවද ඔහු පැහැදිලි කර දුන්නේ සමූහයන්ට නොව, නමුත් ඔහුගෙන් විමසීමට තරම් නිහතමානිකමක් දැක්වූ අයට පමණි. (මතෙ. 13:1-30, 36-43) සිය මරණයට දින තුනකට පෙර, යේසුස් කතා කළේ මිදි වත්තක සිටි මිනීමරු වැවිලිකරුවන් හා සම්බන්ධ උපමාවක් ගැනය. ඒ අවස්ථාවේදී, ඔහු කිසි අදාළ කිරීමක් කළේ නැත. එනමුත් ‘නායක පූජකයෝද ඵරිසිවරුද . . . ඒවා තමුන් ගැන කී බව දැනගත්තෝය.’ (මතෙ. 21:33-45) මේ අනුව, යම් අදාළ කිරීමක් කළ යුතුද, කළ යුතු නම් එය කොතරම් දුරට කළ යුතුද යන්න රඳා පවතින්නේ ඔබ භාවිතයට ගන්නා උපමාව, සබය දරන ආකල්පය සහ ඔබේ පරමාර්ථය මතය.

බලපෑමෙන් යුතුව උපමා සහ නිදර්ශන භාවිත කිරීමේ හැකියාව ප්‍රගුණ කරගැනීමට කාලයක් ගත වුවත්, ඒ වෙනුවෙන් දරන වෑයම බොහෝසෙයින් වටී. හොඳින් තෝරාගත් උපමා හෝ නිදර්ශන භාවිත කරන විට, ඉදිරිපත් කරන තොරතුරු මනසට පමණක් නොව හදවතට, එනම් හැඟීම්වලට බලපායි. ප්‍රතිඵලයක් ලෙස, ඔබේ පණිවිඩය කැපීපෙනෙන ප්‍රබලත්වයකින් ඉදිරිපත් කළ හැකි වේ. මෙය වාක්‍ය කිහිපයකින් නිකම්ම තොරතුරු ඉදිරිපත් කිරීමෙන් ඉටු කරගත හැකි දේට වඩා සාර්ථක වනු ඇති බව නිසැකය.

උචිත ඒවා තෝරාගත හැකි අන්දම

  • නිතිපතා බයිබලය කියවන්න; එහි සඳහන් උපමා හෝ නිදර්ශන සැලකිල්ලට ගන්න; එම නිදර්ශනවලින් උගත හැකි දේ ගැන මෙනෙහි කරන්න.

  • අවට පරිසරය නිරීක්ෂණය කරන විට මහජනයාගේ ආකල්ප සහ ක්‍රියාවන්, ඔබට කතා කිරීමට සිදු වන විෂයන් සමඟ සම්බන්ධ වන අන්දම ගැන සිතින් මවාගන්න.

  • බලපෑමෙන් යුත් උපමා සහ නිදර්ශන ලිපි ගොනුවක එකතු කරන්න. ඔබ කියවන පොත පතින්, අසන කතාවලින් හෝ පෞද්ගලික නිරීක්ෂණයෙන් රැගත් ඒවා මෙලෙස එකතු කරගත හැකිය. අනාගත පාවිච්චිය සඳහා ඒවා තබාගන්න.

අභ්‍යාසය: මතු දැක්වෙන ශුද්ධ ලියවිලි පදවල උපමා සහ නිදර්ශන විග්‍රහ කර බලන්න: යෙසායා 44:9-20; මතෙව් 13:44; මතෙව් 18:21-35. මෙම උපමාවලින් උගත හැකි පාඩම් මොනවාද? ඒවා බලපෑමෙන් යුක්ත වන්නේ මන්ද?

ඉගැන්වීමේදී මා භාවිත කිරීමට අදහස් කරන භාෂාලංකාර

․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․

․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․

․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․

․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․

․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․

․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․

․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․

․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․

․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․

මතකයේ රඳවා තබාගෙන මා භාවිත කිරීමට අදහස් කරන සැබෑ ජීවිත අද්දැකීම්

․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․

․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․

․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․

․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․

․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․

․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․

․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․

․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․

․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න