ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • be 7 පාඩම 105 පි.-106 පි. 2 ¶
  • ප්‍රධාන අදහස් අවධාරණය කිරීම

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ප්‍රධාන අදහස් අවධාරණය කිරීම
  • දිව්‍යාණ්ඩු සේවා පාසැල් අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ලබමු
  • සමාන තොරතුරු
  • ‘ප්‍රසිද්ධ කියවීමේ යෙදී සිටින්න’
    දිව්‍යාණ්ඩු සේවා පාසල් ගුරුපොත
  • අර්ථය නිසි ලෙස කාවැද්දීම
    දිව්‍යාණ්ඩු සේවා පාසැල් අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ලබමු
  • මූලික කරුණු කැපීපෙනෙන්නට සැලැස්වීම
    දිව්‍යාණ්ඩු සේවා පාසැල් අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ලබමු
  • සභාව වෙනුවෙන් කතා සූදානම් කිරීම
    දිව්‍යාණ්ඩු සේවා පාසැල් අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ලබමු
තව තොරතුරු
දිව්‍යාණ්ඩු සේවා පාසැල් අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ලබමු
be 7 පාඩම 105 පි.-106 පි. 2 ¶

පාඩම 7

ප්‍රධාන අදහස් අවධාරණය කිරීම

කළ යුතු වන්නේ කුමක්ද?

ශබ්ද නඟා කියවන විට, ඇතැම් වාක්‍යවල දැකගත හැකි ප්‍රධාන අදහස් පමණක් නොව, කියවන මූලාශ්‍රයේ සමස්තයක් හැටියට දකින ප්‍රධාන අදහස්ද විශේෂයෙන් අවධාරණය කිරීමට වෑයම් කරන්න.

එය වැදගත් වන්නේ මන්ද?

ප්‍රධාන අදහස් අවධාරණය කරන විට, ඔබ කීමට යන පණිවිඩය මතකයේ තබාගැනීම වඩාත් පහසු වනු ඇත.

බලපෑමෙන් යුක්තව කියවන කෙනෙක් වාක්‍යයකට හෝ ඡේදයකට පමණක් අවධානය යොමු නොකරයි. ඔහු කියවන විට ඔහුගේ මනසෙහි නොමැකෙන සේ තැන්පත් වී ඇත්තේ තමා ඉදිරිපත් කරන තොරතුරු මූලාශ්‍රයේ සමස්තයක් ලෙස දක්නට ලැබෙන ප්‍රධාන අදහස්ය. ඔහු අවධාරණය කරන දේ මෙහෙයවනු ලබන්නේ මෙම පුළුල් දෘෂ්ටිය මගිනි.

මෙම ක්‍රියා පිළිවෙත අනුගමනය කරනු නොලැබේ නම්, ඉදිරිපත් කිරීමේ කැපීපෙනෙන අවස්ථා දක්නට ලබන්නේ නැත. කිසිදු කාරණයක් උලුප්පා දැක්වීමටද ඔහු අසමත් වනු ඇත. කියවීම කළායින් පසු, විශේෂයෙන් කැපීපෙනුණු කාරණයක් සිහියට නැඟීම අසීරු විය හැක.

බයිබලයෙන් යම් වාර්තාවක් කියවන විට, අදහස් අවධාරණය කිරීමට නිසි අවධානයක් දීමෙන් කියවීමේ ගුණය බොහෝ දුරට ඔප් නැංවිය හැක. නිවාස බයිබල් පාඩමකදී හෝ සභා රැස්වීමකදී අවධාරණය කරමින් ඡේද කියවද්දී, කියවන දෙයෙහි වැදගත්කම තවත් කාවැද්දිය හැක. අපගේ සමුළුවලදී කරන්නාක් මෙන් ලේඛනගත කතාවක් දෙන අවස්ථාවලදී මෙම ගුණාංගය විශේෂ වැදගත්කමකින් යුක්ත වේ.

කළ හැකි අන්දම. පාසැලේදී ඔබට බයිබලයෙන් කොටසක් කියවීමේ පැවරුම ලැබිය හැක. අවධාරණය කළ යුතු වන්නේ කුමක්ද? ඔබ කියවීමට බලාපොරොත්තු වන කොටස යම් ප්‍රධාන අදහසක් නැතහොත් වැදගත් සිදුවීමක් වටා කේන්ද්‍රගත වී ඇත්නම්, එය උලුප්පා දැක්වීම යෝග්‍ය වනු ඇත.

කියවන කොටස කාව්‍ය ස්වරූපයක් හෝ ගද්‍ය රචනාවක්, නැතහොත් ආප්තෝපදේශයක් හෝ කතන්දරයක ස්වරූපයක් ගන්නවා නම්, එය හොඳින් කියවීමෙන් ඔබේ සබය ප්‍රයෝජන ලබනවා නිසැකය. (2 තිමෝ. 3:16) මෙසේ කිරීමට නම්, ඔබේ සැලකිල්ලට බඳුන් විය යුත්තේ කියවීමට නියමිත කොටස හා ඔබේ සබයයි.

බයිබල් පාඩමකදී හෝ සභා රැස්වීමකදී පොතකින් හෝ සඟරාවකින් ශබ්ද නඟා කියවීමට සිදු වේ නම්, අවධාරණය කළ යුතු ප්‍රධාන අදහස් මොනවාද? පාඩමට අදාළ මුද්‍රිත ප්‍රශ්නවලට උත්තර, ප්‍රධාන අදහස් ලෙස සැලකිය යුතුය. තද අකුරින් දක්වා ඇති උපමාතෘකාවලට අදාළ අදහස්ද අවධාරණය කරන්න.

සභාවේ කතාවක් දීමට සිදු වන විට, එය ලේඛනයක් සේ පිළියෙළ කිරීමේ පුරුද්දට හසුවීම අප නිර්දේශ කරන්නේ නැත. කෙසේවෙතත්, සමුළුවලදී ඉදිරිපත් කරනු ලබන ඇතැම් කතා සඳහා ලේඛන පිටපතක් සපයා ඇත. එසේ කර ඇත්තේ සියලුම සමුළුවලදී එකම අදහස් එකම ආකාරයට ඉදිරිපත් කිරීමේ ඉලක්කය පෙරදැරි කරගෙනය. මෙවැනි ලේඛන පිටපතක ප්‍රධාන අදහස් අවධාරණය කිරීමට නම්, කථිකයා මුලින්ම ඉතා සුපරීක්ෂාකාරිව එහි තොරතුරු විග්‍රහ කර බැලිය යුතුය. මූලික කරුණු මොනවාද? මේවා හඳුනාගැනීමට හැකියාවක් ඔහුට තිබිය යුතුය. මූලික කරුණු යනු නිකම්ම ඔහුගේ සිත්ගත් අදහස්යයි පැවසිය නොහැක. ඒවා ලේඛනයේ සියලු තොරතුරු ගොඩනඟා ගැනීමට ඉවහල් වූ ප්‍රධාන අදහස්ය. ඇතැම් අවස්ථාවලදී යම් විස්තරයක් හෝ තර්කයක් හැඳින්වීමට ප්‍රධාන අදහසක් කෙටි වාක්‍යයකින් දක්වා ඇත. ප්‍රධාන අදහස් ඉදිරිපත් කරනු ලබන තවත් ක්‍රමයක් නම්, මුලින්ම ආධාරක වන සාක්ෂි සියල්ල ඉදිරිපත් කර, ප්‍රධාන අදහස බලගතු ප්‍රකාශයක් ලෙස අවසානයේදී පළ කිරීමයි. මෙලෙස අවධාරණය කෙරෙන ප්‍රධාන කරුණු හඳුනාගත් පසු, කථිකයා ඒවා තම ලේඛනයෙහි සලකුණු කළ යුතුය. සාමාන්‍යයෙන් ප්‍රධාන අදහස් බොහොමයක් නැත. වැඩිම වුණොත් සතරක් හෝ පහක් තිබේ. ඊළඟට, සබයට එම ප්‍රධාන අදහස් පහසුවෙන් හඳුනාගත හැකි වන ආකාරයෙන් ලේඛනය ශබ්ද නඟා කියවීම පෙරහුරු කළ යුතුය. මෙම ප්‍රධාන අදහස් කතාවේ උච්චාවස්ථාවන් නැතහොත් විශේෂයෙන් කාවැද්දිය යුතු අවස්ථා වේ. තොරතුරු මෙසේ නිසි අවධාරණයක් ඇතුව ඉදිරිපත් කරනු ලැබේ නම්, මෙම ප්‍රධාන අදහස් මතකයේ නොමැකෙන සේ සනිටුහන් වීමට තිබෙන ඉඩ කඩ වැඩිය. කථිකයාගේ ඉලක්කය විය යුත්තේ මෙයයි.

සබයට මූලික කරුණු හඳුනාගැනීමට උපකාරයක් ලෙස ඒවා නිසි ලෙස අවධාරණය කිරීමට කථිකයාට උපයෝගි කරගත හැකි ක්‍රම රාශියක් ඇත. උද්‍යෝගය වැඩි කිරීම, කියවන වේගය වෙනස් කිරීම, වඩා හැඟීමකින් යුතුව කියවීම, යෝග්‍ය අභිනය යොදාගැනීම ඒ ක්‍රම අතුරින් සමහරකි.

මතකයෙහි තබාගත යුතු කරුණු

  • මුද්‍රිත තොරතුරුවල ප්‍රධාන අදහස් හඳුනාගැනීමට මුලින්ම එම තොරතුරු විග්‍රහ කර බලන්න. එම ප්‍රධාන අදහස් සලකුණු කරන්න.

  • ශබ්ද නඟා කියවන විට, එම ප්‍රධාන අදහස් උලුප්පා දැක්වීමට ස්ථානෝචිත ප්‍රඥාව යොදාගෙන උද්‍යෝගය වැඩි කරන්න. කියවන වේගය අඩු කරන්න. වැඩි හැඟීමකින් යුතුව කියවන්න.

අභ්‍යාසය: පාඩම් කිරීමට නියමිත මුරටැඹ ලිපියෙන් ඡේද පහක් තෝරාගන්න. පාඩමේ ප්‍රශ්නවලට උත්තර යටින් ඉරි ගසන්න. සවන් දෙන්නෙකුට ඒ උත්තර පහසුවෙන් හඳුනාගත හැකි වන පරිද්දෙන් එම ඡේද ශබ්ද නඟා කියවන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න