ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • gf 15 පාඩම 24-25 පි.
  • දෙවිගේ මිතුරන් යහපත් දේ කරනවා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දෙවිගේ මිතුරන් යහපත් දේ කරනවා
  • දෙවිගේ මිතුරා වන්න ඔබටත් පුළුවන්!
  • සමාන තොරතුරු
  • සතුට පිරුණු පවුල් ජීවිතයක් ඔයාටත්
    බයිබලයේ ඉගැන්වීම් සරලව තේරුම්ගමු
  • පවුලේ සතුට රැකගන්නේ කොහොමද?
    පවුලේ සතුට රැකගන්නේ කොහොමද?
  • කල්පවතින විවාහයකට යතුරු දෙකක්
    පවුලේ සන්තෝෂයට රහස
  • දෙවිව සතුටු කරන පවුල් ජීවිතය
    දෙවිට අපෙන් ඕනෑ කරන්නේ කුමක්ද?
තව තොරතුරු
දෙවිගේ මිතුරා වන්න ඔබටත් පුළුවන්!
gf 15 පාඩම 24-25 පි.

15වන පාඩම

දෙවිගේ මිතුරන් යහපත් දේ කරනවා

ඔබ ප්‍රශංසා හා ගෞරව කරන මිතුරෙක් ඔබට සිටින විට ඔහු මෙන් වීමට ඔබ වෑයම් කරනවා. ‘යෙහෝවා යහපත්ය, අවංකය’ කියා බයිබලයේ පවසනවා. (ගීතාවලිය 25:8) දෙවිගේ මිතුරන් වීමට නම්, අප යහපත් මෙන්ම අවංක විය යුතුයි. “ප්‍රිය දරුවන්මෙන් [දෙවි] අනුව යන්නෝ වෙන්න” කියාත් “ප්‍රේමයෙන් හැසිරෙන්න” කියාත් බයිබලයේ පවසනවා. (එපීස 5:1, 2) එය කිරීමට මාර්ග කිහිපයක් පහත දක්වා තිබෙනවා.

වැඩ බිමක වැඩ කරමින් ඉන්න දෙන්නෙක්

අනික් අයට උපකාර කරන්න. ‘සියල්ලන්ටම යහපත්කම් කරන්න.’—ගලාති 6:10.

වෙහෙස වී වැඩ කරන්න. “සොරකම්කළාවූ අය තවත් සොරකම් නොකෙරේවා. ඒ වෙනුවට . . . තමාගේ අත්වලින් යහපත් වැඩක් කරමින් වීර්යකෙරේවා.”—එපීස 4:28.

ශාරීරිකව සහ සදාචාරාත්මකව පිරිසිදුව සිටීම. “මාංසයේද ආත්මයේද සියලු කිලුටුකම්වලින් අපම පවිත්‍රකර ගනිමින්, [දෙවි] කෙරෙහි භයින් යුක්තව, ශුද්ධකම සම්පූර්ණකරගනිමු.”—2 කොරින්ති 7:1.

පවුලක් එකතු වෙලා කෑම හදමින්

ඔබේ පවුලේ අයට ප්‍රේමයෙන් සහ ගෞරවයෙන් සලකන්න. “නුඹලා එක් එක්කෙනාත් තම තමාට මෙන් තම තමාගේ භාර්යාවට ප්‍රේමකරන්න; භාර්යාවද පුරුෂයාට භයපක්ෂව [ගැඹුරු ගෞරවය ඇතුව, NW] සිටින්ට බලාගනීවා. දරුවෙනි, නුඹලාගේ දෙමවුපියන්ට . . . කීකරුවෙන්න.”—එපීස 5:33–6:1.

එකිනෙකාට ප්‍රේමය පෙන්වන්න. ‘එකිනෙකාට ප්‍රේම කරමු. මක්නිසාද ප්‍රේමය දෙවිගෙන්ය.’—1 යොහන් 4:7.

රටේ නීතියට කීකරු වෙන්න. ‘හැමදෙනාම [ආණ්ඩුවට] යටත් විය යුතුයි. සියල්ලන්ට දෙන්ට යුතු දේ දෙන්න. අයබදු දෙන්න නිස්සාට අයබදු දෙන්න.’—රෝම 13:1, 7.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න