ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • gf 9 පාඩම 15 පි.
  • දෙවිගේ මිතුරෝ කවුද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දෙවිගේ මිතුරෝ කවුද?
  • දෙවිගේ මිතුරා වන්න ඔබටත් පුළුවන්!
  • සමාන තොරතුරු
  • “මහජන සේවය සඳහා වූ” දේවදූතයන්
    2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • මිනිසා මිය ගිය විට දේවදූතයන් වේද?
    2006 පිබිදෙව්!
  • පැනයට පිළිතුර බයිබලයෙන්
    2014 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ඔබට උපකාර කරන්න දේවදූතයන්ට හැකි අන්දම
    1998 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
දෙවිගේ මිතුරා වන්න ඔබටත් පුළුවන්!
gf 9 පාඩම 15 පි.

9වන පාඩම

දෙවිගේ මිතුරෝ කවුද?

යේසුස් දේවරාජ්‍යයේ රජු සහ දේවදූතයන් දේශනා සේවයට උදව් කරනවා

යේසුස් ක්‍රිස්තුස් යෙහෝවාගේ පුත්‍රයා මෙන්ම කිට්ටුම සහ හිතවත්ම මිතුරායි. යේසුස් පොළොවේ මනුෂ්‍යයෙකු ලෙස ජීවත් වීමට පෙර, ස්වර්ගයේ බලවත් ආත්ම මැවිල්ලක් ලෙස ජීවත් වුණා. (යොහන් 17:5) පසුව ඔහු මනුෂ්‍යයන්ට දෙවි ගැන සත්‍යය ඉගැන්වීමට පොළොවට පැමිණියා. (යොහන් 18:37) ඒ වගේම ඔහු කීකරු මනුෂ්‍යයන්ව පාපයෙන් සහ මරණයෙන් බේරාගැනීමට තම මනුෂ්‍ය ජීවිතය දුන්නා. (රෝම 6:23) දැන් යේසුස් පොළොව පාරාදීසයක් කරන්න යන ස්වර්ගික ආණ්ඩුව වන දෙවිගේ රාජ්‍යයේ රජ වී සිටිනවා.—එළිදරව් 19:16.

දේවදූතයනුත් දෙවිගේ මිතුරන්. දේවදූතයන්ගේ ජීවිතය ආරම්භ වුණේ පොළොවේ මනුෂ්‍යයන් හැටියට නොවෙයි. දෙවි පොළොව මැවීමට පෙර ඔවුන්ව ස්වර්ගයෙහි මවනු ලැබුවා. (යෝබ් 38:4-7) දේවදූතයන් දසදහස් ගණන් සිටිනවා. (දානියෙල් 7:10) දෙවිගේ මෙම ස්වර්ගික මිතුරන් කැමතියි මනුෂ්‍යයන් යෙහෝවා ගැන සත්‍යය දැනගන්නවාට.—එළිදරව් 14:6, 7.

යෙහෝවාදෙවිගේ සාක්ෂිකරුවන් කාන්තාවකට දේශනා කරමින්

දෙවිට පොළොවෙත් මිතුරන් සිටිනවා. දෙවි ඔවුන්ව තමන්ගේ සාක්ෂිකාරයෝ ලෙස හඳුන්වනවා. උසාවියකදී සාක්ෂිකාරයෙක් යම් කෙනෙක් ගැන හෝ යම් දෙයක් ගැන ඔහු දන්න දේ පවසනවා. ඒ වගේම යෙහෝවාගේ සාක්ෂිකාරයනුත් යෙහෝවා ගැන හා ඔහුගේ අරමුණ ගැන ඔවුන් දන්න දේ අනිත් අයට පවසනවා. (යෙසායා 43:10) දේවදූතයන්ට මෙන් සාක්ෂිකාරයන්ටත් අවශ්‍ය කරන්නේ යෙහෝවා ගැන සත්‍යය ඉගෙනගැනීමට ඔබට උපකාර කරන්නයි. ඔවුන්ට අවශ්‍ය වන්නේ ඔබත් දෙවිගේ මිතුරෙක් වෙනවා දකින්නයි.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න