ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • gf 6 පාඩම 10-11 පි.
  • පාරාදීසය අත ළඟයි!

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පාරාදීසය අත ළඟයි!
  • දෙවිගේ මිතුරා වන්න ඔබටත් පුළුවන්!
  • සමාන තොරතුරු
  • වඩාත් හොඳ ජීවිතයක්—ළඟදීම!
    1995 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • පොළොව පාරාදීසයක් වෙන්නේ කවදාද?
    දෙවිට සවන් දී සැමදා ජීවත් වෙන්න
  • අප ජීවත් වන්නේ ‘අවසාන කාලයේද?’
    බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු
  • මහත් භූමිකම්පා ගැන බයිබලේ කියන්නේ මොනවාද?
    තවත් ලිපි
තව තොරතුරු
දෙවිගේ මිතුරා වන්න ඔබටත් පුළුවන්!
gf 6 පාඩම 10-11 පි.

6වන පාඩම

පාරාදීසය අත ළඟයි!

දැන් පොළොවේ සිදු වන නරක දේවල් පාරාදීසය ළඟ බව පෙන්නුම් කරනවා. පාරාදීසය පැමිණීමට පෙර අප ඉතාමත් අසීරු කාලයක් අද්දකින්න යන බව බයිබලයේ පවසා තිබෙනවා. ඇත්තෙන්ම අපි දැන් ජීවත් වන්නේ එවැනි අසීරු කාලයකයි! සිදු වෙයි කියා බයිබලයේ පවසා ඇති සමහරක් දේවල් සලකා බලමු:

ප්‍රහාරක ගුවන් යානාවක්

දරුණු යුද්ධ. “ජාතියක් ජාතියකටද රාජ්‍යයක් රාජ්‍යයකටද විරුද්ධව නැගිටිනවා ඇත.” (මතෙව් 24:7) මෙම අනාවැකිය සැබෑවක් වී තිබෙනවා. වර්ෂ 1914 සිට විශාල යුද්ධ දෙකක් සිදු වී ඇති අතර කුඩා යුද්ධ බොහෝ ගණනක් සිදු වී තිබෙනවා. එම යුද්ධවලින් දසදහස් ගණනක් මිනිසුන් මිය ගියා.

පුළුල් ලෙස පැතුරුණු රෝග. “එක් තැනක් පාසා තවත් තැනක වසංගත” වන්නේය. (ලූක් 21:11, NW) මෙය සැබෑවක් නොවෙයිද? මෙය සැබෑවක් බව කීමට පුළුවන්. මන්ද, පිළිකා, හෘද රෝග, ක්ෂය රෝගය, මැලේරියාව, ඒඩ්ස් සහ වෙනත් රෝග මිලියන ගණනක් මනුෂ්‍යයන්ව මරණයට පත් කර තිබෙනවා.

අසනීප සහ කුසගින්නේ ඉන්න මිනිසුන්

ආහාර හිඟය. පොළොව පුරාම සිටින සමහර මනුෂ්‍යයන්ට කුසගින්න නිවාගැනීමට තරම් ප්‍රමාණවත් ආහාරයක් ලැබෙන්නේ නෑ. සෑම වසරකදීම මිලියන ගණන් මනුෂ්‍යයන් කුසගින්න හේතුවෙන් මිය යනවා. ඇත්තෙන්ම මෙය පාරාදීසය ඉක්මනින්ම පැමිණෙන බවට තවත් ලකුණක් ලෙස “සාගත වන්නේය” කියා බයිබලයේ පවසනවා.—මාර්ක් 13:8.

භූමිකම්පා. ‘නොයෙක් තැන්වල පොළෝකම්පා සිදු වෙනවා ඇත.’ (මතෙව් 24:7) මෙයත් අපේ කාලයේ සැබෑවක් වී තිබෙනවා. වර්ෂ 1914 සිට මිලියනයකට වඩා මනුෂ්‍යයන් පොළෝකම්පා හේතුවෙන් මිය ගොස් තිබෙනවා.

මිනිසෙක් තුවක්කුවක් කාන්තාවක්ට එල්ල කිරමින්

දුෂ්ට මනුෂ්‍යයන්. මනුෂ්‍යයන් ‘තමන්ටම ප්‍රේම කරන’ අතර ‘මුදලටත් ප්‍රේමයක් දක්වනවා.’ ඒ වගේම මනුෂ්‍යයන් ‘දෙවිට වඩා සැපසෙල්ලමට ප්‍රේමකරන්නන්ව’ සිටින්න යනවා. දරුවන් පවා ‘දෙමාපියන්ට අකීකරුයි.’ (2 තිමෝති 3:1-5) අදදින සිටින බොහෝදෙනෙක් මේ වගෙයි කියා ඔබට සිතෙන්නේ නැද්ද? ඔවුන් දෙවිට ගරු නොකරන අතර දෙවි ගැන ඉගෙනගැනීමට උත්සාහ කරන අයටත් බාධා කරනවා.

අපරාධ. “නොපනත්කමේ වැඩිවීමක්” දක්නට ලැබෙනවා. (මතෙව් 24:12, NW) පසුගිය අවුරුදුවලට වඩා අපරාධ වැඩි වී තිබෙනවා කීවොත් ඔබ එකඟ වෙයි. සෑම තැනකම සිටින මනුෂ්‍යයන් මංකොල්ලකෑම්, වංචා හෝ හිංසා කිරීම්වලට හසුවීමේ අවදානමෙයි සිටින්නේ.

මේ සෑම දෙයකින්ම දෙවිගේ රාජ්‍යය ළඟ බව පෙන්නුම් කරනවා. ‘මේ දේ සිදු වෙනවා දකින කල, දෙවිගේ රාජ්‍යය ළඟ බව දැනගන්න’ කියා බයිබලයේ පවසනවා. (ලූක් 21:31) දෙවිගේ රාජ්‍යය කියන්නේ කුමක්ද? එය පොළොවට පාරාදීසය ගෙනෙන දෙවිගේ ස්වර්ගික ආණ්ඩුවයි. දෙවිගේ රාජ්‍යය මිනිස් ආණ්ඩුවල තැන ගන්න යනවා.—දානියෙල් 2:44, 45.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න