ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • gf 3 පාඩම 5 පි.
  • ඔබ දෙවි ගැන ඉගෙනගන්න අවශ්‍යයි

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔබ දෙවි ගැන ඉගෙනගන්න අවශ්‍යයි
  • දෙවිගේ මිතුරා වන්න ඔබටත් පුළුවන්!
  • සමාන තොරතුරු
  • යෙහෝවා දෙවියන්ගේ යාළුවෙක් වෙන්න ඔයාට පුළුවන්
    හැමදාටම සතුටින් ජීවත් වෙන්න! - ඒ කොහොමද කියලා බයිබලයෙන් දැනගන්න
  • දෙවි ඔහුගේ මිතුරා වීමට ඔබට ආරාධනා කරනවා
    දෙවිගේ මිතුරා වන්න ඔබටත් පුළුවන්!
  • සැබෑ ආගම සොයාගන්නා ආකාරය
    දෙවිගේ මිතුරා වන්න ඔබටත් පුළුවන්!
  • කෙසේ ඇති කරගනිමුද මිතුරන්?
    2000 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
දෙවිගේ මිතුරා වන්න ඔබටත් පුළුවන්!
gf 3 පාඩම 5 පි.

3වන පාඩම

ඔබ දෙවි ගැන ඉගෙනගන්න අවශ්‍යයි

දෙවිගේ මිතුරා වෙන්න නම්, ඔබ ඔහු ගැන ඉගෙනගන්න ඕනේ. ඔබගේ මිතුරා ඔබගේ නම දන්නවාද? ඔබව අමතන්නේ ඔබේ නමින්ද? ඔබ ඔව් කියා පිළිතුරු දෙනවාට කිසිම සැකයක් නෑ. දෙවිටත් ඕනෑ කරන්නේ ඔබ ඔහුගේ නම දැනගෙන, ඒ නමින්ම ඔහුව අමතනවාටයි. ඔහුගේ නම යෙහෝවා. (ගීතාවලිය 83:17; මතෙව් 6:9) ඊට අමතරව, ඔහු කැමති දේ සහ අකමැති දේ කුමක්ද කියා ඔබ ඉගෙනගන්න අවශ්‍ය වන අතරම ඔහුගේ මිතුරන් සහ සතුරන් කවුද කියාත් දැනගන්න ඕනේ. යම්කිසි පුද්ගලයෙක්ව දැනහඳුනා ගන්න කාලයක් ගත වෙනවා. නමුත්, දෙවි ගැන ඉගෙනගැනීමට කාලය වෙන් කිරීම ඉතා නැණවත් දෙයක් කියා බයිබලයේ පවසනවා.—එපීස 5:15, 16.

දෙවිගේ මිතුරෝ ඔහු කැමති දේ කරනවා. ඔබේ මිතුරන් ගැන මොහොතකට සිතන්න. ඔබ ඔවුන්ට නරක විදියට සලකමින් ඔවුන් අකමැති දේ කරනවා නම්, ඔවුන් ඔබ සමඟ මිතුරුකම දිගටම තියාගනීවිද? කොහෙත්ම නෑ! ඔබට දෙවිගේ මිතුරෙක් වෙන්න අවශ්‍ය නම් මේ දෙයම අදාළ වෙන්න යනවා. එනම් ඔබ දෙවි කැමති දේ කරන්න ඕනේ.—යොහන් 4:24.

පටු ගේට්ටුවක් ළඟ හිටගෙන, පටු පාරක ගමන් කරන මිනිසුන් දිහා බලන් ඉන්න පවුලක්

සෑම ආගමක්ම දෙවි සමඟ මිත්‍රත්වයකට මඟ පාදන්නේ නෑ. දෙවිගේ කිට්ටුම මිතුරා වන යේසුස්, මාර්ග දෙකක් ගැන කතා කළා. එක මාර්ගයක් මිනිසුන් පිරී සිටින පළල් මාර්ගයක්. එම මාර්ගය මඟ පෙන්වන්නේ විනාශයටයි. අනෙක් මාර්ගය මිනිසුන් ටිකදෙනෙක් ගමන් කරන පටු මාර්ගයක්. ඒ මාර්ගය මඟ පෙන්වන්නේ සදාකාල ජීවනයටයි. මෙයින් අදහස් කරන්නේ, ඔබට දෙවිත් සමඟ මිත්‍රත්වයක් භුක්ති විඳීමට අවශ්‍ය නම් ඔහුට නමස්කාර කළ යුතු නිවැරදි මාර්ගය ඉගෙනගන්න අවශ්‍යයි කියන එකයි.—මතෙව් 7:13, 14.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න