පිටුපස කවරය
කවරයෙහි දැක්වෙන ඡායාරූපය අභ්‍යවකාශ දූරේක්ෂයකින් ගත් එකක්. රාජාලි නිහාරිකාවෙහි වායුමය දූවිලි වලාකුළු තිබෙනවා. මෙම වලාකුළු තුළ තරු බිහි වන බව විද්‍යාඥයන් විශ්වාස කරන අතර, එම වලාකුළුවලට “මැවිල්ලේ කුලුනු” යන නම පටබැඳී ඇත.
විශ්වයට, අපේ පෘථිවි ග්‍රහයාට, එමත පවතින ජීවයට හේතුව කුමක්ද සහ ජීවිතයට සෑහීම ගෙන දෙන අරුතක් සෙවීමට මෙය සම්බන්ධ වන්නේ කෙසේදැයි අප අසන විට අප බොහෝ දැන උගත් පුද්ගලයන් හා සමානවයි කල්පනා කරන්නේ.
බොහෝදෙනෙක් මැවීම ගැන, එනම් අප ගැන සලකන මැවුම්කරුවෙකු සිටින බව විශ්වාස කරනවා. අපේ විද්‍යාත්මක යුගයේදී මෙය සාධාරණ මතයක් බව පර්යේෂණවලින් හෙළි වෙනවාද?
අපේ මොළය සහ කතා කිරීමට අප සතු හැකියාව ගැන මෑතක කළ සොයාගැනීම් මෙම අතිවැදගත් විෂයට සම්බන්ධ වන්නේ කෙසේද?
දැන උගත් පුද්ගලයන් බොහෝදෙනෙක් බයිබලය සෝදිසි කර බලන්නේ මන්ද? තවද මැවුම්කරුවෙකු ගැන එහි සඳහන් දෑ අපටත් අපේ ප්රේමනීයයන්ටත් බලපෑ යුතුද?
මෙම පොතෙහි එම විෂයන් සලකා බැලේ. ලැබෙන පැහැදිලි පිළිතුරුවලින්, ඔබේ ජීවිතයට අරුතක් සොයාගැනීමටත්, ප්‍රීතියෙන් පිරි අනාගතයක් සඳහා පදනමක් සැපයීමටත් එය ඔබට උපකාරවත් විය හැකි බව ඔබට පෙනී යාවි.