ධර්මිෂ්ඨකම වෙනුවෙන් පීඩාකරනු ලැබීම
යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් නීතිය සමඟ කරදරයට පත් වන බවත්, සමහර ආණ්ඩු මගින් ඔවුන් තහනම් කරනු ලැබ ඇති බවත්, හෝ ඔවුන් වෙන අන්දමකින් නරක මනුෂ්‍යයන් බවත්, මිත්‍රයින්ගෙන් හෝ ඥාතීන්ගෙන් ඔබ ඇසිය හැක. ඔවුන් ගැන මෙම ප්‍රතිවිරුද්ධ කථා කුමක් නිසා ද?
එය සාක්ෂිකරුවන් නීතියට අගෞරව කරන නිසා නොව, නමුත් ඔවුන් යේසුස් වහන්සේගේ පියසටහන් අනුගමනය කරන බැවිනි. මනුෂ්‍යයන් ඔවුන්ට නින්දා, පීඩා කොට, ඔවුන්ට විරුද්ධ ව සියලු ආකාර අගුණ බොරුවෙන් කියන බව, යේසුස් වහන්සේ තම ගෝලයින්ට වදාළ සේක. මෙසේ වන්නේ දෙවියන් වහන්සේගේ ප්‍රධාන විරුද්ධකාරයා වන සාතන්, මේ ලෝකයේ දෙවියා වන බැවිනි. ඔහු, දෙවියන් වහන්සේට සේවය කිරීමෙන් මනුෂ්‍යයන් හැරවීමට කැමති ය.—මතෙව් 5:10-12; 10:16-22, 34-39; 24:9, 10; යොහන් 15:17–16:3; 2 තිමෝති 3:12; 1 පේතෘස් 5:8; එළිදරව් 12:17.
ප්‍රේරිතයින් අත්අඩංගුවට ගෙන, අධිකරණයට ගෙන යන ලද්දේ, ඒ ඔවුන් අපරාධකරුවන්, සාහසික මිනිසුන්, හෝ බෙදුම්වාදීන් වූ නිසා නොවේ. එසේ වූයේ, ඔවුහු ශුභාරංචිය දේශනා කරමින් සිටි නිසා ය. ප්‍රේරිත පාවුල් ඔහුගේ නඩුව උසස් අධිකරණයකට අභියාචනය කළ විට, එසේ කරන ලද්දේ, ආරක්ෂා කිරීමටත් හා ශුභාරංචිය දේශනා කිරීමට ක්‍රිස්තියානින්ට ඇති අයිතිය තහවුරු කිරීමටත් ය.—ක්‍රියා 4:18-20; 5:28-32; පිලිප්පි 1:7.
අද යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්, තම බදු ගෙවන, බලයලත් අයට ගෞරව කරන, නීති ගරුක අය වනු ඇත. ඔවුහු සේසරුගේ දේ සේසරුටත්, දෙවියන් වහන්සේගේ දේ දෙවියන් වහන්සේටත් ගෙවති. ඔවුන්ට පාලක අධිකාරියක් සමඟ ආරවුලක් ඇත්නම්, එසේ වන්නේ, ආණ්ඩුව ඔවුන්ගේ දේශනා වැඩය පිළිනොගන්නා නිසා හෝ, ජාතීන් අතර කටයුතුවල දී ඔවුන්ගේ මධ්‍යස්ථ භාවයන් නිසා ය. නමුත් මෙහි දී යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවෝ ප්‍රේරිතයන් ගත් ස්ථාවරය ම ගත යුතු ව ම ඇත. ඔවුන් මෙසේ ප්‍රකාශ කර ඇත: “පාලකයාණන් වශයෙන්, මනුෂ්‍යයන්ට වඩා දෙවියන් වහන්සේට අප විසින් කීකරු විය යුතු ය.”—ක්‍රියා 5:29, NW; මාර්ක් 12:17; යොහන් 18:36; තීතස් 3:1, 2.
යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවෝ පීඩාවන් සොයා යන්නේ නැතිමුත්, නිශ්චල සහ සන්සුන් ජීවිතයක් ගත කිරීමට ආශා වෙති. කෙසේ වුවත්, ඔවුන් පීඩා කරනු ලබන්නේ ඔවුන්ගේ දෙවියන් වහන්සේගේ නීති අනුගමනය කිරීම නිසා සහ යේසුස් වහන්සේගේ ආදර්ශය අනුගමනය කිරීම නිසා වේ නම්, එය විඳදරා ගැනීමට ඔවුහු ප්‍රීතිවෙති.—මතෙව් 5:10-12; ක්‍රියා 5:40, 41; 1 කොරින්ති 4:12; 1 තිමෝති 2:2; 1 පේතෘස් 3:14, 15; 4:12-16.
• යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් නින්දා කරනු සහ පීඩා කරනු ලබන්නේ මක්නිසා ද?
• ක්‍රිස්තියානි ප්‍රේරිතයින් කළාක් මෙන්, යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් සමහර විට ආණ්ඩුවේ බලධාරින් සමඟ ගැටෙන්නේ මන්ද?
• යෙහෝවඃ වහන්සේගේ සේවකයින් පීඩා දකින්නේ කෙලෙස ද?
[29වන පිටුවේ පින්තූර]
යේසුස් වහන්සේ පිලාත් ඉදිරියට ගෙන යනු ලැබුවෙත්, ප්‍රේරිත පාවුල් සිරභාරයට ගනු ලැබුවෙත් දෙවියන් වහන්සේගේ රාජ්‍යය දේශනා කළ නිසා ය