වියෝදුකට සහනයක්!
වියෝදුක
“කාලයක් තිස්සේ අසනීපෙන් ඉඳලා මගේ බිරිඳ මැරුණා. ඒ වෙද්දී අපි බැඳලා අවුරුදු 39යි. ඒ ගැනම හිතහිතා ඉන්නේ නැතුව මොනවා හරි වැඩක් කරන්නයි මං බැලුවේ. මගේ යාළුවොත් මට හුඟක් උදව් කළා. හැබැයි මුල් අවුරුද්ද ගෙවාගන්න එක පොඩ්ඩක්වත් ලේසි වුණේ නැහැ. මට දැනුණේ මගේ ඇඟෙන් කොටසක් නැහැ වගෙයි. සොෆියාa මැරිලා දැන් අවුරුදු තුනක් විතර වෙනවා. ඒත් තාමත් ඉඳලා හිටලා මට එයාව මතක් වෙලා ලොකු වේදනාවක් දැනෙනවා.”—කොස්ටාස්.
ඔයාත් වියෝදුකින් ඉන්න කෙනෙක් නම් කොස්ටාස්ට හැඟෙන විදිහ ඔයාට තේරෙනවා ඇති. අපි ආදරේ කරන කෙනෙක් මැරෙන එක තරම් වේදනාකාරී අද්දැකීමක් තවත් නැහැ. වියෝදුක ගැන අධ්‍යයනය කරන අයත් ඒ දේට එකඟ වෙනවා. සඟරාවක මෙහෙම සඳහන් වුණා. “ආදරය කරන කෙනෙක් මැරුණාම ඒ කෙනාව ආයේ දකින්න ලැබෙන්නේ නැහැ කියලා හිතන නිසා හුඟක් අය ඉන්නේ ලොකු වේදනාවකින්.” (The American Journal of Psychiatry) වියෝදුකින් ඉන්න කෙනෙක්ට මෙහෙම හිතෙන්න පුළුවන්. ‘මට කවදාවත් මේ දුකින් ගොඩ එන්න බැරි වෙයිද? මට ආයේ හිනා වෙලා ඉන්න පුළුවන් වෙයිද? මේ දුක දරාගන්න පුළුවන් කොහොමද?’
මේ සඟරාවෙන් ඒ ප්‍රශ්නවලට උත්තර දැනගන්න පුළුවන්. අපි ආදරය කරන කෙනෙක් මැරුණොත් අපිට මොන වගේ දේවලට මුහුණ දෙන්න වෙයිද කියලා ඊළඟ ලිපියේ කතා කරනවා. වියෝදුකින් ගොඩ එන්න උදව් වෙන තොරතුරු අනිත් ලිපිවලින් දැනගන්න පුළුවන්.
මේ සඟරාවේ සඳහන් වෙන තොරතුරුවලින් ඔයාට සහනයක් ලැබෙයි කියලත් වියෝදුකින් ගොඩ එන්න ඒවා ඔයාට උදව් වෙයි කියලත් අපි හිතනවා.
a මේ ලිපි මාලාවේ සමහර නම් වෙනස් කර ඇත.