ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 4/15 16 පි.
  • බළල් රැවුල

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • බළල් රැවුල
  • 2015 පිබිදෙව්!
  • සමාන තොරතුරු
  • පටුන
    2015 පිබිදෙව්!
  • සිනිඳුවට රැවුල බෑම
    2000 පිබිදෙව්!
  • වැලි කතරේ ඤාව්වා
    2013 පිබිදෙව්!
  • පූසාගේ දිව
    නිර්මාණයක්ද?
තව තොරතුරු
2015 පිබිදෙව්!
g 4/15 16 පි.
පූසෙක්

නිර්මාණයක්ද?

බළල් රැවුල

සාමාන්‍යයෙන් ගෙවල්වල හැදෙන පූසෝ වැඩියෙන්ම එහා මෙහා ගිහින් සත්තු අල්ලන්නේ රෑට. ඒ වගේ කළුවර වැටුණු වෙලාවට අහළ පහළ ඉන්න පුංචි සත්තු හොයාගන්න උන්ට උදව් වෙන්නේ රැවුලයි.

මේ ගැන සිතන්න: පූසාගේ රැවුල සම්බන්ධ වෙලා තියෙන පටකවලට ස්නායු කීපයක්ම සම්බන්ධයි. ඒ ස්නායු කොච්චර සංවේදීද කියනවා නම් රැවුලට වැදෙන හීන් සුළං පාරක් වුණත් ඒවාට දැනෙනවා. ඒ නිසා කළුවරේදිත් අවට තියෙන දේවල් ගැන දැනගන්න ඌට පුළුවන්.

ඒ හැකියාව නිසා ගොදුරක් තියෙන තැන විතරක් නෙමෙයි ඒ ගොදුර එහේ මෙහේ වෙනවාද කියන එකත් ඌට දැනෙනවා. මොකක් හරි තැනකින් රිංගලා යන්න තරම් ප්‍රමාණවත් ඉඩක් තියෙනවාද කියලා පූසා දැනගන්නෙත් රැවුලෙන්. එක් විශ්වකෝෂයක මෙහෙම කියනවා. “රැවුලෙන් පූසාට කොච්චර ප්‍රයෝජන තියෙනවද කියන එක ගැන පර්යේෂකයන් හැම තොරතුරක්ම දන්නේ නැති වුණත් උගේ රැවුල කැපුවොත් නම් ඌට තියෙන හැකියාවන් සීමා වෙනවා කියලා ඔවුන් හොයාගෙන තියෙනවා.”—Encyclopædia Britannica.

පූසාගේ රැවුල අනුකරණය කරලා හදපු සංවේදක, රොබෝ යන්ත්‍රවලට සවි කළොත් ඉදිරියේ තියෙන දේවල්වල හැප්පෙන්නේ නැතුව ගමන් කරන්න රොබෝ යන්ත්‍රවලට පුළුවන් වෙයි කියලා විද්‍යාඥයන් හිතනවා. ඒ නිසා “රොබෝ තාක්ෂණය හා වෙනත් ඉලෙක්ට්‍රොනික උපකරණ” දියුණු තත්වයකට පත් කරන්න පූසාගේ රැවුල අනුකරණය කරලා හදපු සංවේදක යොදාගන්න බලාපොරොත්තු වෙනවා කියලා කැලිෆෝර්නියා විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයෙක් කිව්වා.

ඔබේ නිගමනය කුමක්ද? පූසාට එතරම් සංවේදී රැවුලක් ලැබුණේ අහම්බෙන්ද? නැත්නම් ඒක කාගේ හරි නිර්මාණයක්ද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න