ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 4/15 8-9 පි.
  • හොන්ඩ්‍යුරාස්වලට යමු

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • හොන්ඩ්‍යුරාස්වලට යමු
  • 2015 පිබිදෙව්!
2015 පිබිදෙව්!
g 4/15 8-9 පි.
හොන්ඩ්‍යුරාස් මුහුදු තීරය

අපේ විත්ති

හොන්ඩ්‍යුරාස්වලට යමු

ලෝක සිතියමේ හොන්ඩ්‍යුරාස් රට

හොන්ඩ්‍යුරාස් කියන ස්පාඤ්ඤ වචනයේ තේරුම ගැඹුර කියන එකයි. ක්‍රිස්ටෝෆර් කොලොම්බස් ඒ රට අවට අත්ලාන්තික් මුහුදේ ගැඹුර විස්තර කරන්න ඒ වචනය පාවිච්චි කරන්න ඇති. ඒ රටට හොන්ඩ්‍යුරාස් කියන නම පටබැඳුණේ ඒ විදහටයි කියලා සමහරු කියනවා.

ඔවුන්ගේ පවුල්වල ලොකු බැඳීමක් තියෙනවා. සැමියයි බිරිඳයි නිතරම වැඩ කරන්නේ එකමුතුවයි. උදාහරණයකට පවුලේ වියහියදම්, දරුවන්ගේ අධ්‍යාපනය වගේ දේවල් ගැන තීරණ ගන්නේ සැමියා හා බිරිඳ එකතු වෙලයි.

එහි ජීවත් වෙන හුඟදෙනෙක් මෙස්ටිසෝ ජාතිකයන්. ඔවුන් යුරෝපීයන් හා ඒ රටේ ආදිවාසීන්ගෙන් පැවතෙන අයයි. චොටි වගේ සමහර ආදිවාසී කණ්ඩායම් තවමත් ඒ රටේ ඉන්නවා. ඊට අමතරව ගරිෆුනා ජාතිකයන්ද ඉන්නවා.

ගරිෆුනා ජාතිකයෙක් බෙරයක් වාදනය කරමින්

ගරිෆුනා බෙර වාදකයෙක්

අප්‍රිකානු හා කැරිබියානු ජාතිකයන්ගෙන් පැවතෙන ගරිෆුනා ජාතිකයන් මුලින් හිටියේ සාන්ත වින්සන්ට් දූපතේයි. ඒත් 1797දී ඔවුන් හොන්ඩ්‍යුරාස් අසල පිහිටි දූපත්වල පදිංචියට ආවා. ඉන් ටික කාලෙකට පස්සේ කැරිබියානු වෙරළ තීරයේ පිහිටා තිබෙන මධ්‍යම ඇමරිකානු රටවල්වල ඔවුන් පදිංචි වුණා. එතැනින් මධ්‍යම ඇමරිකාවේ වෙනත් රටවල්වලට හා උතුරු ඇමරිකාවට ඔවුන් සංක්‍රමණය කළා.

ලී බෙරවලින් නැඟෙන තාලයට අනුව නටන්න ගරිෆුනා ජාතිකයන් උපන් හපන්නු. වර්ණවත් ඇඳුම් පැළඳුම්වලට ආසාවක් දක්වන ඔවුන් කතන්දර කියන්නත් හරිම රුසියෝ. මඤ්ඤොක්කා පිටිවලින් හදන රොටි වර්ගයක් වන “ඉරෙබා” ඔවුන්ගේ ප්‍රියතම ආහාර වර්ගයක්.

ඒ රටේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ සභා 400ක් විතර තියෙනවා. ඒවායේ ඉංග්‍රීසි, ගරිෆුනා, මැන්ඩරින් චීන, මිස්කිටෝ, ස්පාඤ්ඤ මෙන්ම හොන්ඩ්‍යුරාස් සංඥා භාෂාවෙන් රැස්වීම් පවත්වනවා.

ඉරෙබා රොටියක්

මඤ්ඤොක්කා පිටිවලින් හදන “ඉරෙබා” රොටි

තොරතුරු ලුහුඬින්

  • ජනගහනය: 81,11,000

  • අගනුවර: ටෙගුසිගල්පා

  • පාලනය: ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය

  • භාෂාව: ස්පාඤ්ඤ

  • දේශගුණය: උප නිවර්තන, කඳුකරයේ සෞම්‍ය දේශගුණයක්

  • භූමිය: 75%කට වඩා කඳු ප්‍රදේශයි. වෙරළබඩ තැනිතලා ප්‍රදේශ මෙන්ම දූපත්ද අයිති වෙනවා

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න