ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 10/14 10-11 පි.
  • බෙලිස් රටට යමු

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • බෙලිස් රටට යමු
  • 2014 පිබිදෙව්!
2014 පිබිදෙව්!
g 10/14 10-11 පි.
බෙලිස් මුහුදු තීරය

අපේ විත්ති

බෙලිස් රටට යමු

බෙලිස් රටේ සිතියමක්

බෙලිස් කියන්නේ විවිධත්වය දෝත දරාගත් පුංචි රටක්. වනාන්තර සහ නිල්වන් කොල පැහැයෙන් දිස් වන මුහුදු තීරයකින් අලංකාර වූ එම රටට දූපත් රාශියක්ද අයිතියි.

එම රටේ සුන්දරත්වය වැඩි කරන තවත් දායාදයක් වන්නේ කුරුළු හා සත්ව සම්පතයි. දීප්තිමත් වර්ණවලින් හැඩ වුණ ටව්කාවන් (Ramphastos sulfuratus) හා රයිනෝට නෑකම් කියන දිය ගොඩ එක වගේ වේගයෙන් යා හැකි සොඬ ඌරන් (Tapirus bairdii) බෙලිස්වල දකින්න පුළුවන්. ජගුවාටත් ඒ රට කදිම නිවහනක්. ලෝකයේ පළවෙනි ජගුවා සංරක්ෂිතයට උරුමකම් කියන්නේ ඔවුන් කියා බෙලිස් වැසියන් ආඩම්බර වෙනවා.

ජගුවා

ලෝකයේ පළවෙනි ජගුවා සංරක්ෂිතයට උරුමකම් කියන්නේ බෙලිස් රටයි

බෙලිස් රට පිහිටා තියෙන්නේ අතීත මායා ශිෂ්ටාචාරය පැතිරී තිබූ ප්‍රදේශයකයි. 16වෙනි සියවසේදී ස්පාඤ්ඤ ආක්‍රමණිකයන් එය අත් පත් කරගන්න උත්සාහ කළත් මායාවරුන්ව සම්පූර්ණයෙන්ම යටත් කරගන්න ඔවුන්ට බැරි වුණා. ඒත් 1862දී එය බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක් බවට පත් වුණා. බෙලිස් රට නැවතත් නිදහස් රාජ්‍යයක් බවට පත් වුණේ 1981දීයි.

ඒ රටේ විවිධත්වය අවට පරිසරයට විතරක් සීමා වෙලා නැහැ. එහි වැසියන් අතරත් විවිධත්වයක් දකින්න ලැබෙනවා. ක්‍රියෝල්, ගරිෆුනා, මායා, මෙස්ටියෝ වැනි ගෝත්‍රිකයන් සහ දකුණු ආසියානු ජාතිකයන් බෙලිස් රටේ මුල් පදිංචිකරුවන් ලෙසට ගණන් ගැනෙනවා. ඔවුන් සුහද, ආචාරශීලී මිනිසුන් වන අතර දරුවන් වැඩිහිටියන්ට කතා කරන්නේ බොහොම ගරුසරු ඇතුවයි.

වෙළඳපොළේ සිටින බෙලිස් කාන්තාවන්

බෙලිස් නගරයේ වෙළඳපොළක්

එම රටේ ඇමරිකානු සංඥා භාෂාව, ඉංග්‍රීසි, ජර්මානු, බෙලිස් ක්‍රියෝල්, මැන්ඩරින් චීන, මෝපන් සහ ස්පාඤ්ඤ යන භාෂාවලින් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ සභාවල රැස්වීම් පවත්වනවා. 2013දී පැවැත්වූ යේසුස්ගේ මරණය සිහි කිරීමේ අවස්ථාවට එරට වැසියන්ගෙන් 8,433දෙනෙක් සහභාගි වුණා.

ඔබ දැන සිටියාද? කිලෝමීටර් 290කට වඩා දිග බෙලිස් රටට අයිති කොරල් පරය විශාලත්වය අතින් දෙවෙනි තැන හිමි වන කොරල් පරයේ කොටසකි. විශාලතම කොරල් පරය ඕස්ට්‍රේලියාවේ මහා බාධක පරයයි.

බෙලිස් රටට අයත් කොරල් පරය

විශාලත්වය අතින් දෙවෙනි තැන හිමි වන කොරල් පරයේ කොටසක් බෙලිස් රටට අයිතියි

තොරතුරු ලුහුඬින්

  • ජනගහනය: 3,33,000

  • අගනුවර: බෙල්මෝපන්

  • පාලනය: පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක්

  • භාෂා: බෙලිස් ක්‍රියෝල්, ඉංග්‍රීසි, ස්පාඤ්ඤ

  • දේශගුණය: උප නිවර්තන

  • භූමිය: වැඩි ප්‍රමාණයක් කඳු, නිවර්තන වනාන්තර සහ වගුරු බිම්වලින් සමන්විතයි. කඩොලාන ශාකවලින් ගහන නොගැඹුරු මුහුදේ දූපත් බොහොමයක්ද තිබෙනවා

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න