ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 4/14 12-13 පි.
  • කාම්බෝජයට යමු

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • කාම්බෝජයට යමු
  • 2014 පිබිදෙව්!
2014 පිබිදෙව්!
g 4/14 12-13 පි.
කාම්බෝජයේ කුඹුරු

අපේ විත්ති

කාම්බෝජයට යමු

සිතියම

වතුර මත පාවෙන ගෙවල් හා සෙනඟ පිරුණු වෙළඳ පොළවල් කාම්බෝජයේ සුලබ දසුනක්. ඔවුන්ගේ ප්‍රධාන ප්‍රවාහණ මාධ්‍යයක් වන මෝටර් සයිකලේ නොගෙනියන දෙයක් නැහැ. කුකුල්ලු ප්‍රවාහණය කරන්නෙත් ගෙදරට අවශ්‍ය කරන ශීතකරණය රැගෙන එන්නෙත් මෝටර් සයිකලෙන්.

කාම්බෝජයේ වැසියන් මිත්‍රශීලී ඒ වගේම එකමුතුව වැඩ කරන සෙනඟක්. සාමාන්‍යයෙන් ඔවුන් නාඳුනන කෙනෙක්ට වුණත් කතා කරන්නේ අයියා, අක්කා, නැන්දා, මාමා, ආච්චි, සීයා කියලයි.

දියේ කණු සිටුවා තනා ඇති ගෙවල්

බෝට්ටු හෝ පාරු මත සෑදූ ගෙවල් සහ උස් ලී කණු මත සෑදූ ගෙවල් ඒ රටේ දකින්න තියෙනවා. දිය මත පාවෙන පාසැල්, වෛද්‍ය සායන, වෙළඳ පොළවල් සහ ඉන්ධන පිරවුම්හල්ද දකින්න ලැබෙනවා

ඩ්‍රැගන් ෆෘට්

ඩ්‍රැගන් ෆෘට් ප්‍රණීත පලතුරක්

ඔවුන්ගේ ප්‍රධාන ආහාරය බත්. ඒ සමඟ පැණි රස, ඇඹුල් රස සහ ලුණු රස ඇති ව්‍යාංජන තුන හතරක් කෑම වේලට එක් කරගන්නවා. බොහෝවිට සුප් වර්ගයක්ද ඒ සමඟ පිළිගන්වන අතර ඔවුන්ගේ ප්‍රියතම ආහාරය මාළු.

මීට අවුරුදු 2,000කට පමණ කලින් ඉන්දියාවේ සිට චීනයට ගිය වෙළෙන්ඳන් සහ වන්දනාකරුවන් නිතර නිතර කාම්බෝජයේ මුහුදු තීරයට ආවා. ඒ ගමන්වලදී ඔවුන් ගෙනා සේද සහ ලෝහ භාණ්ඩ කාම්බෝජයේ තිබෙන කුළු බඩු, සුවඳ ලී, ඇත්දළ හා රන් වැනි දේවල්වලට හුවමාරු කරගත්තා. ඉන්දියානුවන්ගේ හා චීන ජාතිකයන්ගේ ආභාසය නිසා බෞද්ධ හා හින්දු ධර්මය එහි පැතිර ගියා. අද වන විට කාම්බෝජයේ වැසියන්ගෙන් සියයට අනූවක්ම බෞද්ධයන්.

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කාම්බෝජයේ වැසියන්ට බයිබලයේ තියෙන ශුභාරංචිය ගැන කියා දෙනවා. ඒ සඳහා ඔවුන් යොදාගන්නේ ‘බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු’ යන පොතයි. කාම්බෝජියානු භාෂාව ඇතුළු භාෂා 250කින් පමණ එම පොත ලබාගන්න පුළුවන්.

කාම්බෝජියානු වැසියෙක්ට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් බයිබලයේ පණිවිඩය පවසමින්

1,500කට වඩා වැඩිදෙනෙක් සාක්ෂිකරුවන් සමඟ බයිබලය පාඩම් කරනවා. ඔවුන්ට “මිය ගිය අය කොහේද?” සහ “මිනිස් වර්ගයා සඳහා දෙවිගේ අරමුණ කුමක්ද?” වැනි ප්‍රශ්නවලට බයිබලයෙන් පිළිතුරු ලැබී තිබෙනවා

තොරතුරු ලුහුඬින්

  • ජනගහනය: මිලියන 14ක් පමණ

  • අගනුවර: නොම් පෙන්

  • දේශගුණය: වැසි සහිත කාලයක් හා වියළි කාලයක් පවතිනවා

  • අපනයන: ඇඟලුම්, දැව, රබර්, සහල්

‘බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු’ යන පොත කාම්බෝජියානු භාෂාවෙන්

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක් වන ‘බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු’ යන පොත කාම්බෝජියානු භාෂාවෙන්ද ලබාගන්න පුළුවන්.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න