ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 3/14 10-11 පි.
  • එල් සැල්වදෝරයට යමු

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • එල් සැල්වදෝරයට යමු
  • 2014 පිබිදෙව්!
2014 පිබිදෙව්!
g 3/14 10-11 පි.
එල් සැල්වදෝරයේ දසුනක්

අපේ විත්ති

එල් සැල්වදෝරයට යමු

එල් සැල්වදෝරයේ සිතියමක්

අද එල් සැල්වදෝරය ලෙස හැඳින්වූවත් මීට අවුරුදු 500කට පමණ කලින් ස්පාඤ්ඤ ජාතිකයන් ඒ රටට යද්දී එහි සිටි ගෝත්‍රික ජනයා එය හැඳින්වූයේ අනර්ඝ මැණිකක් කියන අර්ථය ඇති කූස්කැට්ලන් යන නමින්. එල් සැල්වදෝරයේ අද ජීවත් වෙන්නේ ආදිවාසී ගෝත්‍රවලින් සහ යුරෝපීයයන්ගෙන් පැවතෙන අයයි.

සැල්වදෝරයේ ජනයා කඩිසර හා මිත්‍රශීලී සෙනඟක් ලෙස ප්‍රසිද්ධයි. ඒ වගේම ඔවුන් අන් අයට ගරු කරන, ආචාරශීලී සෙනඟක්. සාමාන්‍යයෙන් කෙනෙක් කතාබහක් හෝ ව්‍යාපාරික කටයුත්තක් ආරම්භ කරන්නේ අනිත් කෙනාට සුබ පැතීමෙන් අනතුරුවයි. ගම්බද පළාත්වල අනිත් අයට සුබ පතන්නේ නැති කෙනෙක්ව සැලකුවේ අණක් ගුණක් නැති කෙනෙක් හැටියටයි.

කෝපි කඩන කාන්තාවක්

අතීතයේ පටන් කෝපි වගාවට එල් සැල්වදෝරය ප්‍රසිද්ධයි

සැල්වදෝරයේ වැසියන්ගේ ප්‍රධාන ආහාරයක් වන්නේ “පුපුසා”යි. එය චීස්, බෝංචි ඇට, ඌරු මස් හෝ වෙනත් පිරවුමක් දැමූ ඉරිඟු පිටිවලින් හදන රොටි වර්ගයක්. බොහෝ විට ගෝවා, කැරට්, ලූණු, විනාකිරි යොදා සෑදූ සලාදයක් සහ තක්කාලි සෝස් සමඟ එය ආහාරයට ගන්නවා. සමහරුන් එය කන්න ගෑරප්පුවක් සහ පිහියක් යොදාගත්තත් සාම්ප්‍රදායික ක්‍රමය නම් අතින් කෑමයි.

Pupusas

“පුපුසා” එල් සැල්වදෝරයේ වැසියන්ගේ ප්‍රසිද්ධ ආහාරයක්

ලෝස් ටෙර්සියොස් දිය ඇල්ල

ලෝස් ටෙර්සියොස් දිය ඇල්ල

ඔබ දැන සිටියාද? එල් සැල්වදෝරයේ ගිනි කඳු 20කට වඩා තියෙන අතර ඉන් සමහරක් සක්‍රීය ඒවායි. සුප්‍රසිද්ධ ලෝස් ටෙර්සියොස් දිය ඇල්ල ගලා හැළෙන්නෙත් ගිනි කඳු පුපුරා යෑමෙන් ඇති වුණ ෂඩස්‍රාකාර කුලුනුවලින් සෑදුණු ගල්තලාවක් මතින්.

එම රටේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් 38,000කට වඩා සිටින අතර සභාවන් 700ක් පමණ තිබෙනවා. ඔවුන් ස්පාඤ්ඤ, ඉංග්‍රීසි සහ සැල්වදෝර සංඥා භාෂාවෙන් පුද්ගලයන් 43,000කට පමණ බයිබල් පාඩම් පවත්වනවා.

තොරතුරු ලුහුඬින්

  • ජනගහනය: 62,67,000

  • අගනුවර: සැන් සැල්වඩෝර්

  • රාජ්‍ය භාෂාව: ස්පාඤ්ඤ

  • දේශගුණය: මුහුදු බඩ සහ අභ්‍යන්තර තැනිතලා ප්‍රදේශවල උණුසුම් දේශගුණයක්ද කඳුකර ප්‍රදේශවල සෞම්‍යය දේශගුණයක් තිබෙනවා

  • භූමිය: සානු සහිත කඳුවලින් ගහනයි

ඔබේ දැනුම මැන බලන්න

මේ අදහස් හරිද, වැරදිද?

  1. අ. එල් සැල්වදෝරය මධ්‍යම ඇමරිකාවේ පුංචිම රටයි.

  2. ආ. මධ්‍යම ඇමරිකාවේ වැඩිම ජනගහනයක් සිටින රට එල් සැල්වදෝරයයි.

  3. ඇ. එල් සැල්වදෝරයේ කෑම හරිම සැරයි.

  4. ඈ. අතීතයේ පටන් කෝපි වගාවට එල් සැල්වදෝරය ප්‍රසිද්ධයි.

පිළිතුරු: අ, ආ සහ ඈ හරි. ඇ වැරදියි. එල් සැල්වදෝරයේ කෑමවලට කුළු බඩු දැම්මත් ඒවා සැර නැහැ.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න