ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 1/14 14-15 පි.
  • ඉතාලියට යමු

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඉතාලියට යමු
  • 2014 පිබිදෙව්!
2014 පිබිදෙව්!
g 1/14 14-15 පි.
ඉතාලි මුහුදු තීරය

අපේ විත්ති

ඉතාලියට යමු

ඉතාලියේ සිතියම

සුන්දර රටක් වන ඉතාලියේ එක් පැත්තකින් දකින්න ලැබෙන්නෙ නිල්වන් මුහුදු තීරයයි. අනික් පැත්තෙන් කඳුකරයයි. දකුණේ ග්‍රීෂ්ම දේශගුණයක් තිබුණත් උතුරු පළාත්වල තියෙන්නේ ශීත දේශගුණයක්. ගිනි කඳුවලින් අඩුවක් නැති වුණත් සක්‍රීය ගිනි කඳු ලෙස සැලකෙන්නේ ඉන් කිහිපයක් පමණයි.

ඉතාලිය, විශාල ජනගහනයක් වෙසෙන යුරෝපීය රටවල් අතරින් එකක්. අතීතයේදී අරාබි, බයිසැන්තියානු, ග්‍රීක, නෝර්මන් සහ ෆිනීෂියානු වැනි විවිධ ජාතිකයන් ඒ රට හරහා සංචාරය කර තිබෙනවා.

ගොන්ඩෝලා බෝට්ටුවේ යන සංචාරකයන්

වැනීසියේ ඇළ මාර්ගවල දකින්න ලැබෙන ගොන්ඩෝලාව නම් බෝට්ටුව

එය ප්‍රෞඪ ඉතිහාසයකට හා විශිෂ්ට කලා නිර්මාණවලට උරුමකම් කියන රටක්. ඉතාලියේ නගර හා ගම්වල 15වෙනි සියවසේ සිට 17වෙනි සියවසට අයත් ශිල්ප ක්‍රමවලට හෝ ග්‍රීක සහ රෝම ගෘහ නිර්මාණ ශිල්පයට අනුව තැනූ ගොඩනැඟිලි සහ ඒවායේ නටබුන් අදටත් දකින්න ලැබෙනවා. අග්‍රගණයේ චිත්‍ර, මාබල් ප්‍රතිමා සහ වතුරමල් ආදිය බෙර්නීනි, මයිකල්ආන්ජලෝ සහ රෆායෙල් වැනි විශිෂ්ට කලාකරුවන්ගෙන් ඒ රටට ලැබුණු සුන්දර දායාදයන්.

ඉතාලි ජාතිකයන්ගේ එදිනෙදා ජීවිතේ ආහාර පානවලට හිමි වෙන්නේ විශේෂ තැනක්. ඒ වටා ගෙතුණු චාරිත්‍ර වාරිත්‍රත් තියෙනවා. පීට්සා සහ රිසාටෝ බොහෝදෙනා දන්නා ඉතාලි කෑම වර්ග දෙකක්. ඒ වගේම පාස්තා සහ එළවළු සමඟ මස් හෝ මාළු ඔවුන් නිතර ආහාරයට ගන්නවා. ඔවුන් කෑම උයද්දී හිතේ හැටියට ඔලීව තෙල් පාවිච්චි කරන්නේ එය ඉතාලියේ ඇති තරම් තියෙන නිසයි.

පාස්තා

පාස්තා ඉතාලි ජාතිකයන්ගේ ප්‍රධාන ආහාරයක්

ආගන්තුක සත්කාරයට ළැදි මිත්‍රශීලී ඉතාලි ජාතිකයන් කොතැනක හිටියත් කතාබහ කරන්න දක්වන්නේ ලොකු ආශාවක්.

ඉතාලි ජාතිකයන්ගෙන් බහුතරයක් කතෝලිකයන්. නමුත් නිතිපතා පල්ලි යන්නේ ටිකදෙනයි. බොහෝදෙනෙක් පල්ලියෙන් ඈත් වී තියෙන්නේ ගබ්සාව සහ දික්කසාදය ගැන පල්ලියේ ඉගැන්වීමට එකඟ වෙන්න ඔවුන් අකමැති නිසයි.

ඉතාලියේ සිටින යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් බයිබලය උගන්වන සහ ඒ අනුව ජීවත් වන අය හැටියට ප්‍රසිද්ධයි. රට පුරාම ඔවුන්ගේ සභාවන් 3,000කට වඩා තියෙනවා. සාක්ෂිකරුවන් බොහෝදෙනෙක් වෙනත් භාෂා කතා කරන අයට බයිබලයේ තියෙන ශුභාරංචිය කියලා දෙන්න ලොකු වෑයමක් දරනවා. පහුගිය අවුරුදු 10 ඇතුළත ඉතාලියේ සිටින විදේශිකයන් ගණන තුන් ගුණයකින් වැඩි වෙලා. ඒ නිසා වෙන කවරදාටත් වඩා වෙනත් භාෂාවලින් බයිබලයේ ඇති ඉගැන්වීම් කියා දීමේ අවශ්‍යතාවක් දැන් තියෙනවා.

ඩොලමයිට් කඳුකරය

ඉතාලියේ ඊසාන දෙසට වූ ඩොලමයිට් කඳුකරය

ඔබ දැන සිටියාද?

වතිකානු නගරය රෝමයේ පිහිටා තිබුණත් 1929 සිට එය ක්‍රියා කරන්නේ ස්වාධීන රාජ්‍යයක් ලෙසයි.

තොරතුරු ලුහුඬින්

  • ජනගහනය: 6,10,00,000

  • අගනුවර: රෝමය

  • දේශගුණය: මධ්‍යධරණී මුහුදු සීමාවේ පිහිටි දකුණු පළාත්වල තියෙන්නේ මද ශීත ඍතුවක් සහ දීර්ඝ ග්‍රීෂ්ම ඍතුවක්. ඇල්පයින් කඳුකරයට මායිම්ව පිහිටි උතුරු පළාත්වල තියෙන්නේ තද ශීත දේශගුණයක්

  • භූමිය: කඳුවලින් ගහන රටක්. මුහුදු තීරය කිලෝමීටර් 7,500ක් පමණ

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න