ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 12/13 14 පි.
  • සමනලයෙකුගේ අභිරහස් ගමන

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සමනලයෙකුගේ අභිරහස් ගමන
  • 2013 පිබිදෙව්!
  • සමාන තොරතුරු
  • සියුමැලි නමුත් ශක්තිමත් සංචාරකයෙක්
    1996 පිබිදෙව්!
  • මොනාක් සමනලයාගේ සංක්‍රමණය
    නිර්මාණයක්ද?
  • ලොක්කා සහ පොඩ්ඩා
    1999 පිබිදෙව්!
  • දුර ඈත පියඹා යන සමනලයෙකුගේ රහස
    2008 පිබිදෙව්!
තව තොරතුරු
2013 පිබිදෙව්!
g 12/13 14 පි.

සමනලයෙකුගේ අභිරහස් ගමන

කාගෙත් සිත්ගත් මේ සමනලයාගේ නම පේන්ටඩ් ලේඩි. යුරෝපයේ සමනලුන් ගැන නිරීක්ෂණය කරන අයගේ අවධානය ඇදගැනීමට සමත් වූ මේ සමනලයන්ට ගිම්හානය අවසන් වෙද්දී සිදු වන්නේ කුමක්ද කියා අභිරහසක්ව තිබුණා. සීත කාලයේ ආරම්භයත් සමඟ උන් මිය යනවා කියා සිතුවත් මෑතක සොයාගත් තොරතුරුවලින් හෙළි වුණේ මේ සමනලුන් උතුරු යුරෝපයේ සිට බටහිර අප්‍රිකාව දක්වා රටවල් ගණනාවක් පසු කරමින් අවුරුද්දකට වතාවක් දීර්ඝ සංචාරයක නියැලෙනවා කියායි.

නවීන රේඩාර් යන්ත්‍ර හා යුරෝපයේ වෙසෙන නිරීක්ෂකයන්ගෙන් ලබාගත් තොරතුරුවලින් මේ සමනලයා ගැන බොහෝ දේ පර්යේෂකයන් විසින් සොයාගෙන තියෙනවා. ඔවුන් සොයාගත් තොරතුරුවලට අනුව ගිම්හානය අවසන් වෙනවාත් සමඟම මේ සමනලුන් මිලියන ගණනක් අප්‍රිකාව දෙසට පියඹා යනවා. උන් පියඹා යන්නේ මීටර් 500කට වඩා ඉහළ අහසේ. මේ දසුන මිනිසුන්ගේ නෙත නොගැටෙන්නේ ඒ නිසයි. කිලෝමීටර් 15,000ක් පමණ වන මේ ගමන යන්න සමනලුන්ට සුළඟේ උපකාරයත් ලැබෙනවා. සාමාන්‍යයෙන් පැයට කිලෝමීටර් 45ක වේගයකින් උන්ට පියඹා යන්න පුළුවන් වෙන්නේ ඒ නිසයි. මේ හා සමාන සංචාරයක යෙදෙන මොනාක් සමනලයා මෙන් දෙගුණයක දුර ප්‍රමාණයක් මේ සමනලයා සංචාරය කරනවා. ඒ වගේම මේ දීර්ඝ ගමන අවසානයේදී මේ සමනලුන්ගේ පරම්පරා හයක්ම බිහි වී අවසන්.

එංගලන්තයේ යෝර්ක් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරියක් වන ජේන් හිල් පවසන්නේ “මේ සමනලුන්ගේ දීර්ඝ සංචාරය වර්ගයා බෝ කරමින් නොනවත්වා යන ගමනක්” කියායි. මෙලෙස සෑම වසරකදීම සියලුම පේන්ටඩ් ලේඩි සමනල්ලු යුරෝපයෙන් අප්‍රිකාවටත්, අප්‍රිකාවෙන් නැවත යුරෝපයටත් ගමන් කරනවා.

සමනල්ලු සංරක්ෂණය කරන සංවිධානයක අධ්‍යක්ෂකවරයෙක් වන රිචඩ් ෆොක්ස් මෙවැනි දෙයක් කියනවා. “මේ පුංචි සමනලයාට තියෙන්නේ ඇල්පෙනෙත්ති තුඩක් තරම් කුඩා මොළයක් වුණත් වැඩිහිටියන්ගේ ගුරුහරුකම් නොලැබුණත් මේ වගේ දීර්ඝ සංචාරයක උන් යෙදීම ඇත්තෙන්ම විස්මයක්. කලින් සිතුවේ මේ සමනලයා ඔහේ සුළඟට ගසාගෙන ගිහිල්ලා සීත කාලයේදී මිය යනවා කියලා. ඒත් සොයාගත් අලුත්ම තොරතුරුවලින් හෙළි වුණේ මේ සමනල්ලු අරුම පුදුම සංචාරකයන් කියලයි.”

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න