ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 12/13 8-9 පි.
  • බ්‍රසීලයට යමු

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • බ්‍රසීලයට යමු
  • 2013 පිබිදෙව්!
2013 පිබිදෙව්!
g 12/13 8-9 පි.

අපේ විත්ති

බ්‍රසීලයට යමු

ෆයිසුආඩා නම් රසවත් ව්‍යංජනය බ්‍රසීලයේ සම්ප්‍රදායික ආහාරයක්

ටව්කාවා

බ්‍රසීලයේ මුල් වැසියන් තම ජීවිකාව ගෙන ගියේ ගොවිතැන් කිරීමෙන්, දඩයම් කිරීමෙන් සහ වනයේ පල වැල නෙළාගැනීමෙන්. පෘතුගීසි ගවේෂකයන්ගේ පැමිණීමත් සමඟම කතෝලික ආගම ඒ රටේ පැතිර ගියා. රන් ආලේප කළ ලී කැටයම්වලින් අලංකාරවත් වූ පල්ලි බොහොමයක් තැනුවේ ඔවුනුයි.

16වන සියවසේ මැද භාගයේ සිට 19වන සියවසේ මැද භාගය දක්වා කාලයේදී වතු යායවල්වල සේවය කිරීමට අප්‍රිකානු වහලුන් මිලියන 4ක් පමණ බ්‍රසීලයට ගෙනාවා. ඔවුන්ගේ ආගමික වත්පිළිවෙත් බ්‍රසීල වැසියන් ඈඳා ගත්තා. මකුම්බා ආගමත් කාන්ඩෝම්බ්ලේ වැනි ආගමික නිකායන් බිහි වෙන්නත් හේතු වුණේ එයයි. අප්‍රිකානුවන්ගේ ආභාසය බ්‍රසීලියානු නැටුම් ගැයුම්වලට සහ ආහාර පානවලටත් බලපෑවා.

බත් සහ පළා ජාති සමඟ අනුභව කරන ෆයිසුආඩා නම් රසවත් ව්‍යංජනය පෘතුගීසි ජාතිකයන්ගෙන් ඈඳාගත් ජනප්‍රිය කෑමක්. එය හදන්නේ බෝංචි හා මස් වර්ග එකතු කිරීමෙනුයි. 19වන සහ 20වන සියවසේදී ජර්මනිය, ඉතාලිය, පෝලන්තය, ස්පාඤ්ඤය, ජපානය සහ වෙනත් රටවලින් විශාල ජන පිරිසක් බ්‍රසීලයට සංක්‍රමණය වුණා.

අද බ්‍රසීලයේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් 7,50,000ක් සිටිනවා. ඔවුන් බයිබල් පාඩම් 8,00,000ක් පවත්වන අතර සභා 11,000කට වඩා තිබෙනවා. ඉදි කිරීම් කණ්ඩායම් 31ක් සෑම වසරකම නමස්කාර මධ්‍යස්ථාන 250ත් 300ත් අතර සංඛ්‍යාවක් ගොඩනඟන්න හා අලුත්වැඩියා කරන්න ඒ ඒ ප්‍රදේශවල ඉන්න සාක්ෂිකරුවන් සමඟ වෙහෙස මහන්සි වී වැඩ කරනවා. 2000 මාර්තු මාසයේ සිට එවැනි ව්‍යාපෘති 3,647ක් එම කණ්ඩායම් විසින් නිම කර තිබෙනවා.

ලෝකයේ විශාලතම වැසි වනාන්තරය තිබෙන්නේ ඇමසන් ද්‍රෝණියේ

ඔබ දැන සිටියාද?

ගංගා අතරින් විශාලම ජල කඳක් මුහුදට එකතු වෙන්නේ කිලෝමීටර් 6,275කට වඩා දිග ඇමසන් ගඟෙනුයි

තොරතුරු ලුහුඬින්

  • ජනගහනය: 20,10,00,000

  • අගනුවර: බ්‍රසිලියා

  • භාෂා: පෘතුගීසි සහ ස්වදේශීය භාෂා 180කට වඩා

  • නම: රටට නම ලැබුණේ බ්‍රසීල්වුඩ් යන ගස් වර්ගය නිසයි. එයින් ලබාගන්නා සායම්, රෙදි වර්ණ ගැන්වීමට යොදාගන්නවා

  • දේශගුණය: උතුරු ප්‍රදේශය උණුසුම් හා තෙතමනයෙන් යුක්තයි. දකුණු ප්‍රදේශයේ තිබෙන්නේ සෞම්‍ය දේශගුණයක්. කඳුකර පළාත්වල ශීත කාලයේදී කඩින් කඩ හිම පතනයක් සිදු වෙනවා

  • භූමිය: දකුණු ඇමරිකාවෙන් අඩක් පමණ. එහි ගංගා පද්ධතිය ලෝකයේ විශාලතම ගංගා පද්ධති අතරින් එකක්

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න