ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 10/13 16 පි.
  • අරුම පුදුම කන් දෙකක්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අරුම පුදුම කන් දෙකක්
  • 2013 පිබිදෙව්!
  • සමාන තොරතුරු
  • පටුන
    2013 පිබිදෙව්!
  • ඔබේ ඇසීමේ හැකියාව සුරැකිය යුතු දීමනාවක්
    1997 පිබිදෙව්!
  • ඔබ සතු අගනා දායාදයන්!
    2011 පිබිදෙව්!
  • විශිෂ්ට ඇසීමේ හැකියාවක්!
    2015 පිබිදෙව්!
තව තොරතුරු
2013 පිබිදෙව්!
g 10/13 16 පි.

නිර්මාණයක්ද?

අරුම පුදුම කන් දෙකක්

දකුණු ඇමරිකාවේ වනාන්තරයේ වෙසෙන කේටිඩිඩ් (katydid) ගැන අහලා තියෙනවාද? ඌ රැහැයියෙක්. උගේ කන් ප්‍රමාණයෙන් මිලිමීටරයක් තරම්වත් නැති වුණත් ඒවා ක්‍රියාකරන්නේ බොහෝදුරට අපේ කන් වගේමයි. මේ සතාට පුළුවන් ඈතින් ඇසෙන විවිධ හඬවල්වල වෙනස පවා පැහැදිලිව හඳුනාගන්න. උදාහරණයකට දුර ඈතින් ඇහෙන තවත් රැහැයියෙකුගේ හඬෙත් ගොදුරු සොයන වවුලෙකු නිකුත් කරන අති ධ්වනි තරංග (ultra sound) අතරත් වෙනස හඳුනාගන්න ඌට පුළුවන්.

රැහැයියාගේ කන

මේ ගැන සිතන්න: මේ රැහැයියාගේ කන්දෙක තියෙන්නේ ඉස්සරහ පාදවලයි. මිනිසුන්ගේ කන් ක්‍රියා කරන විදිහටම රැහැයියාත් ඌට ඇහෙන ශබ්ද එකතු කරගෙන ඒවා වෙන් වෙන් වශයෙන් හඳුනාගන්නවා. උගේ කනේ තියෙන විශේෂ ඉන්ද්‍රියක් විද්‍යාඥයන් හොයාගෙන තියෙනවා. එය හඳුන්වන්නේ ධ්වනි ආශයිකාව (acoustic vesicle) ලෙසයි. දියරයකින් පිරුණු දිගු බැලුනයක් හැඩැති එය ක්‍රියා කරන්නෙත් ක්ෂීරපායි සතුන්ගේ කනේ තියෙන කර්ණශංඛය හා සමානවයි. නමුත් එහි ප්‍රමාණය හුඟක් කුඩයි. මේ ඉන්ද්‍රිය නිසයි රැහැයියාට මෙතරම් තියුණු ශ්‍රවණ හැකියාවක් තියෙන්නේ.

එක්සත් රාජධානියේ බ්‍රිස්ටල් විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයෙකු වන ඩැනියෙල් රොබට් පවසන ආකාරයට මේ සතාගේ ශ්‍රවණ හැකියාව අධ්‍යයනය කිරීමෙන් ඉංජිනේරුවන්ට “නිවැරදිව ක්‍රියා කරන ඉතා කුඩා දියුණු ශ්‍රවණාධාරක නිපදවීමට හැකියාවක් ලැබෙයි.” පර්යේෂකයන් විශ්වාස කරන්නේ එම දැනුම පසු කාලයකදී රෝහල්වල දියුණු තත්වයේ එක්ස්රේ සහ ස්කෑන් ඡායාරූප ඇතුළු අධි ධ්වනී තරංග ඉංජිනේරු තාක්ෂණයට (ultrasonic engineering technology) රුකුලක් වන බවයි.

ඔබේ නිගමනය කුමක්ද? මේ රැහැයියාට අරුම පුදුම ඇසීමේ හැකියාවක් ලැබුණේ අහම්බෙන්ද නැත්නම් එය නිර්මාණයක්ද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න