ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 6/13 12-13 පි.
  • පැනමාවට යමු

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පැනමාවට යමු
  • 2013 පිබිදෙව්!
2013 පිබිදෙව්!
g 6/13 12-13 පි.

අපේ විත්ති

පැනමාවට යමු

පැනමාව කියූ ගමන් අපිට මතක් වෙන්නේ පැනමා ඇලයි. එය අත්ලාන්තික් සහ පැසිෆික් සාගර යා කරන සුප්‍රසිද්ධ ඇල මාර්ගයයි. පැනමාව පිහිටලා තියෙන්නෙ උතුරු සහ දකුණු ඇමරිකාවට මැදි වෙලා නිසා විවිධ සංස්කෘතීන්ට අයත් ජාතීන් හා ජනවර්ග බොහොමයක් එහි වෙසෙනවා. ජනගහනයෙන් වැඩි කොටසක් ආදිවාසීන් සහ යුරෝපීය සම්භවයක් ඇති අයයි.

ඔබ දැන සිටියාද? පැනමාවේ ගෙඹි විශේෂයක් ඉන්නවා රන් ගෙම්බා (Atelopus zeteki) කියලා. ඌ සහකාරියව ආකර්ෂණය කරගන්නත් සතුරන්ව පලවාහරින්නත් ඉදිරි පාදය ‘වනන්නෙ’ හරියට අත වනනවා වගේ

ස්පාඤ්ඤ දේශ ගවේෂකයන් පැනමාවට ගොඩ බැස්සේ 1501දී. එහි ආදිවාසී ගෝත්‍රික ජනවර්ග බොහොමයක් ඉන්නවා කියලා ඔවුන් දැක්කා. එදා සිටි සමහර ගෝත්‍රිකයන් අදටත් ඉන්නවා. ගූනා ඉන් එක් ගෝත්‍රයක්. (කලින් හැදින්නුවේ කූනා ලෙසයි.) ඔවුන් ජීවත් වෙන්නෙ පැනමාවත් කොලොම්බියාවත් අතර කැරිබියන් මුහුදේ පිහිටි සන් බ්ලාස් කියන දූපත් සමූහයේ. ඔවුන් දඩයම් කරනවා. ගස් කඳන් හාරලා සාදාගත්ත ඔරුවල ගිහින් මාළු අල්ලාගන්නවා. ඒ වගේම බෝග වගා කරගෙන ජීවත් වෙනවා.

ගූනා ගෝත්‍රයේ පිරිමියෙක් විවාහ වුණාම බිරිඳගේ ගෙදර බින්න බහිනවා. කල් යද්දී ඔවුන්ට දුවෙක් හම්බ වුණොත් බිරිඳගෙ පවුලෙන් වෙන් වෙලා තමන්ටම කියලා පැලක් අටවගෙන ජීවත් වෙනවා.

පැනමාවේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ සභා 300ක් විතර තියෙනවා. ස්පාඤ්ඤ භාෂාවට අමතරව චීන, ඉංග්‍රීසි, ගුජරාටි, ගූනා සහ නව්බරේ යන භාෂාවලිනුත් හයිටි ක්‍රියෝල් කියන මිශ්‍ර භාෂාවෙනුත් පැනමා සංඥා භාෂාවෙනුත් රැස්වීම් පවත්වනවා.

තොරතුරු ලුහුඬින්

  • ජනගහනය: 36,29,000

  • අගනුවර: පැනමා සිටි රාජ්‍ය

  • භාෂාව: ස්පාඤ්ඤ

  • ආණ්ඩු ක්‍රමය: ප්‍රජාතන්ත්‍රවාදී

  • දේශගුණය: නිවර්තන

  • භූමිය: තණබිම්, කඳුකර වනාන්තර, වැසි වනාන්තර සහ දූපත් 1,600ක් පමණ

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න