ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 6/13 8-10 පි.
  • මේ තරම් බඩු මුට්ටු ඕනෙද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • මේ තරම් බඩු මුට්ටු ඕනෙද?
  • 2013 පිබිදෙව්!
  • සමාන තොරතුරු
  • TV එකෙයි සඟරාවලයි ඉන්න අයව අනුකරණය කරන එක හරිද? – 1වෙනි කොටස
    යොවුන් සිතේ ගැටලු
  • පාලනයක් ඇතුව මිල දී ගන්නේ කොහොමද?
    2013 පිබිදෙව්!
  • TV එකෙයි සඟරාවලයි ඉන්න අයව අනුකරණය කරන එක හරිද? - 2වෙනි කොටස: පිරිමි ළමයින්ට
    යොවුන් සිතේ ගැටලු
  • සල්ලිවලට ගන්න බැරි දේවල් තුනක්
    2013 පිබිදෙව්!
තව තොරතුරු
2013 පිබිදෙව්!
g 6/13 8-10 පි.
[8වන පිටුවේ පින්තූරය]

මුල් පිටුවෙන්: මේ තරම් බඩු මුට්ටු ඕනෙද?

මේ තරම් බඩු මුට්ටු ඕනෙද?

මිනිස්සු සාප්පු ගිහින් ගෙදර ගෙනියන්නේ තමන්ට ඕන දේවල්මද? ඒ ගැන 2012දී ජාත්‍යන්තර සමීක්ෂණයක් කළා. සහභාගි වූ අයගෙන් අඩක් කිව්වේ ඔවුන් මිල දී ගත්තේ අවශ්‍ය නැති දේවල් කියලයි. තුනෙන් දෙකක්ම කිව්වේ ඕනෑවට වඩා මිල දී ගන්නවා කියලයි. හුඟදෙනෙක් ණයකාරයො වෙලා. පර්යේෂකයන් කියන විදිහට මෙහෙම බඩු මිල දී ගැනීමෙන් සතුට නෙමෙයි වැඩිවෙලා තියෙන්නේ පීඩනය! එහෙමනම් ඇයි මිනිස්සු මේ විදිහට මිල දී ගන්නේ?

කොහෙ බැලුවත් වෙළඳ දැන්වීම්! වෙළඳ දැන්වීම් කරන අයගේ ඉලක්කය මොකක්ද? අවශ්‍ය නැති දේත් නැතුවම බැරි දෙයක් විදිහට පෙන්වන එක. භාණ්ඩයක් දැක්ක ගමන්ම පාරිභෝගිකයා හැඟීම්වලට වහල් වෙනවා කියලා අලෙවිකරුවන් හොඳට දන්නවා. ඒ නිසා වෙළඳ දැන්වීම් සහ භාණ්ඩ ප්‍රදර්ශනය කරන්නෙ පාරිභෝගිකයාව අල්ලගන්න විදිහට.

එක පොතක මෙසේ සඳහන් වෙනවා. “යම් භාණ්ඩයක් මිල දී ගන්න යමෙකුට ආසාවක් ඇති වුණොත් ඒ භාණ්ඩය ගන්න කල් ඔහු සිහින මවනවා. ඉන්පසු ඔහු කොහොමහරි ඒක මිල දී ගන්නවා.” (Why People Buy Things They Don’t Need) මිනිස්සු සාප්පු යද්දී කොච්චර උද්දාමයට පත්වෙනවද කිව්වොත් ඔවුන්ට ඇඩ්‍රිනලින් හෝමෝනය ස්‍රාවය වෙනවා කියලා විද්වතුන් හිතනවා. (උද්වේගකර අවස්ථාවලදී ස්‍රාවය වේ.) “පාරිභෝගිකයාගේ ඒ හැසිරීම වෙළෙන්දාට තේරුණොත් ඒක තම වාසියට හරවගෙන භාණ්ඩය කොහොමහරි විකුණගන්න බලනවා. ඒ වෙලාවට පාරිභෝගිකයා අනුවණ තීරණයක් ගන්න පවා ඉඩ තියෙනවා.” එහෙම කියන්නේ අලෙවි ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක් වන ජිම් පූලර්.

දැන්වීම්වලට අහු නොවී බුද්ධිමත් පාරිහෝගිකයෙක් වෙන්නෙ කොහොමද? හැඟීම්වලට වහල් නොවී දැන්වීම්වල කියන දේ ඇත්තද කියලා මුලින්ම හොයලා බලන්න.

කියන්නෙ නම් මෙහෙමයි: “කරදර නැති ජීවිතේකට!”

නිරෝගීව ජීවත් වෙන්න, පවුලේ අයත් එක්ක සතුටු වෙන්න, මනස සැහැල්ලු කරගන්න, සොර සතුරු බියෙන් මිදෙන්න කවුරුත් කැමතියි. දැන්වීම්කරුවන් පාරිභෝගිකයන්ව අල්ලගන්නේ ඒ ආශාවන්වලට ගැළපෙන විදිහට දැන්වීම් නිර්මාණය කරලා.

කියන දේ ඇත්තද:

බඩු වැඩි වෙන්න වැඩි වෙන්න ජීවිතේ සතුටත් අඩු වෙනවා. ගත්ත බඩු නඩත්තු කරන්න අමතර කාලය සහ මුදල් ඕනෙ වෙනවා. බඩු ගන්නෙ ණය වෙලා නිසා මානසික පීඩනයත් වැඩියි. අන්තිමට පවුලෙ අය සහ යාළුවන් එක්ක ඉන්නවත් වෙලාවක් නැති වෙනවා.

බඩු වැඩි වෙන්න වැඩි වෙන්න ජීවිතේ සතුටත් අඩු වෙනවා

උපදෙසක්: ‘කෙනෙකුට කොතරම් දේවල් තිබුණත් තිබෙන දේවලින් ඔහුගේ ජීවිතය රැකගන්න ඔහුට බැහැ.’—ලූක් 12:15.

කියන්නේ නම් මෙහෙමයි: “කා අතරත් කැපිලා පේන්න!”

කිසි කෙනෙක් පිළිගන්නෑ තමන් බඩුවක් ගන්නෙ අනිත් අය ඉස්සරහ කැපිලා පේන්න කියලා. ඒත් “මිනිස්සු යම් දේවල් මිල දී ගන්න පෙලඹෙන්නෙ යාළුවෝ, නෑයෝ එක්ක එයාලට පොඩි තරඟයක් තියෙන නිසා” කියලා ජිම් පූලර් කියනවා. මේ හැසිරීම දැන්වීම්කරුවන් හොඳට දන්නවා. ඒ නිසා සමාජයේ ඉහළ පැළැන්තියේ අයයි මේවා ගන්නෙ කියලා දැන්වීම්වලින් පෙන්වනවා. ඒ හරහා පාරිභෝගිකයාට දෙන පණිවිඩය තමයි “ඔයාටත් පුළුවන් ඒ තත්වෙට එන්න” කියන එක.

කියන දේ ඇත්තද:

අපි කවුද කියලා පෙන්වන්න අනිත් අයත් එක්ක සසඳන්න ගියොත් අපි කවදාවත් සෑහීමට පත්වෙන්නෑ. මොකද එක ආසාවක් සන්සිඳෙන කොටම තව දේවල් ගන්න ආසාවක් ඇති වෙනවා.

උපදෙසක්: “රිදීවලට ඇලුම් වන්නාට රිදී ලැබුණත් ඔහු එයින් සෑහීමට පත් නොවෙයි.”—දේශනාකාරයා 5:10.

කියන්නේ නම් මෙහෙමයි: “කවුද කියලා පෙන්නන්න”

එක පොතක මෙහෙම කියනවා. “තමන් කවුද කියලා සමාජයට පෙන්වන්න (කවුරු වගේ වෙන්න කැමතිද කියලා පෙන්වන්න) හුඟක් අය කරන්නේ තමන් සතු දේවල් ප්‍රදර්ශනය කිරීමයි.” (Shiny Objects) දැන්වීම්කරුවන් ඒක දන්න නිසා සමහර ප්‍රසිද්ධ වෙළඳ නාම කෙනෙක්ගේ සමාජ මට්ටම සහ ගතිලක්ෂණ සමඟ සම්බන්ධ කරලා දැන්වීම් හදනවා.

අනිත් අය ඔයාව කොහොම දකිනවටද ඔයා කැමති? නවීන තාලෙ කෙනෙක් විදිහටද? කඩවසම් කෙනෙක් විදහටද? තරුවක් විදිහටද? එහෙමනම් මෙන්න මේ වෙළඳ නාමය තියෙන භාණ්ඩ ගන්න කියලා දැන්වීම්කරුවන් කියනවා.

කියන දේ ඇත්තද:

අපි මිල දී ගන්න බඩුවලින් ‘අපි ඇත්තටම කවුද’ කියන එක වෙනස් වෙන්නෙ නෑ. නුවණ, මව් සෙනෙහස වගේ හොඳ ගතිලක්ෂණ පෙන්වන්න අපි ගන්න බඩු මිම්මක්ද නෙමෙයි.

උපදෙසක්: ‘ඔබේ බාහිර අලංකාරයට එනම් රන් ආභරණවලින් සහ වටිනා ඇඳුම් පැළඳුම්වලින් සැරසී සිටීමට මුල් තැන නොදෙන්න. ඒ වෙනුවට ඔබේ ඇතුළාන්තය අලංකාරවත් කරගන්න.’—1 පේතෘස් 3:3, 4.

රැවටෙන්න එපා!

[පින්තූරය]

නියම සතුට ලැබෙන්නෙ මිල දී ගන්න බඩු නිසා නෙමෙයි. ඒ නිසා දැන්වීම්වල කියන හැම දෙයක්ම ඇත්ත කියලා හිතන්න එපා. සතුටින් ජීවත් වෙන්න අවශ්‍ය මඟ පෙන්වීම් බයිබලයේ තියෙනවා. මේ ලිපියෙ හැම උපදෙසක්ම අරං තියෙන්නෙ බයිබලයෙන්. සීමාවක් නැතුව බඩු ගන්න තියෙන ආශාව නිසා මුදල්වලටත් ආශාවක් ඇති වෙනවා. ඒත් බයිබලේ කියන්නෙ “මුදලට තිබෙන ආශාව නැති කර දමන්න” කියලයි.—හෙබ්‍රෙව් 13:5.

සැඟවුණු ප්‍රචාරණ උපායන්

රූපවාහිනිය, පුවත්පත්, සඟරා සහ අන්තර්ජාලය හරහා ප්‍රසිද්ධියේ වෙළඳ ප්‍රචාරණය කරනවාට අමතරව දැන් වෙනත් සූක්ෂ්ම උපක්‍රම තියෙනවා.

රූපවාහිනි නාට්‍ය, චිත්‍රපට සහ වීඩියෝ ක්‍රීඩා අතරතුර කාටත් නොදැනෙන සේ වෙළඳ භාණ්ඩ පෙනෙන්න සැලැස්වීම. (PRODUCT PLACEMENT)

නිෂ්පාදකයා රහසිගතව ගෙවීමක් කර ජනප්‍රිය තරු වගේ අය ලවා යම් නිෂ්පාදනයක් එදිනෙදා පාවිච්චි කරනවා වගේ පෙන්වීම. (STEALTH MARKETING)

නිෂ්පාදනයක් ගැන මිතුරන් අතරේ සහ සමාජ වෙබ් අඩවිවල ප්‍රචාරයක් කිරීමට නිෂ්පාදකයන් යම් අයව දිරිගන්වනවා. ඒ සඳහා දිරි දීමනා හෝ සාම්පල ලබා දෙනවා. (WORD-OF-MOUTH MARKETING)

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න