ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 1/13 12-13 පි.
  • කැමරූන් රටට යමු

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • කැමරූන් රටට යමු
  • 2013 පිබිදෙව්!
2013 පිබිදෙව්!
g 1/13 12-13 පි.

අපේ විත්ති

කැමරූන් රටට යමු

කැමරූන් රටේ ආදිවාසීන් වුණේ බාකා කියන පිග්මි ගෝත්‍රිකයන්. මේ රටට පෘතුගීසීන් ආවේ 1500 ගණන්වලදී. සියවස් කිහිපයකට පස්සේ ෆුලානි කියන මුස්ලිම් ගෝත්‍රිකයෝ එහි උතුරු ප්‍රදේශය අල්ලාගත්තා. අද වෙද්දී ඒ රටේ ක්‍රිස්තියානීන් සියයට 40කුත් ඉස්ලාම් භක්තිකයන් සියයට 20කුත් ඉන්නවා. ඉතුරු සියයට 40 අප්‍රිකාවේ පාරම්පරික ඇදහිලි ක්‍රමවල යෙදෙනවා.

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කැමරූන් රටේ බාසා කියන භාෂාවෙන් බයිබලය මත පදනම් පොත්පත් මුද්‍රණය කරලා තියෙනවා

කැමරූන් රටේ ආගන්තුක සත්කාරයට විශේෂයෙන්ම ළැදි ගැමියන්. ඔයාලත් දවසක එහේ ගියොත් ගෙදරට සාදරෙන් පිළි අරං වතුර වීදුරුවක් දීලා කෑමට ඉන්න කියයි. අමුත්තෙක් සංග්‍රහය ප්‍රතික්ෂේප කළොත් එයාලට දැනෙන්නේ හරියට මූණට දමලා ගහනවා වගෙයි. හැබැයි ගෙදරින් කෑම ටිකක් කාලා යනවා කියන්නේ ඊට වඩා දෙයක් නැහැ. ඒක එයාලට කරන ලොකු ගෞරවයක්.

සාමාන්‍යයෙන් ගෙදරට එන කෙනෙක් කතාව පටන්ගන්නේ පවුලේ අයගේ සැප දුක් අහලයි. ගෙදර ඉන්න බල්ලා පූසාගෙ පවා වගතුග අහන එක එයාලගේ පුරුද්දක්! “අමුත්තා ගෙදරින් පිට වෙලා යද්දි ‘ගිහිං එන්න’ කියලා විතරක් කියනවා වෙනුවට ගෙදර කෙනා එයාව ඇරලවන්න කතා කර කර ටික දුරක් යනවා. ඊටපස්සේ අමුත්තාට සමු දීලා ආපහු හැරිලා එනවා. මේ විදිහට සැලකුවේ නැත්නම් අමුත්තාට දැනෙන්නේ එයාව ගණන් ගත්තේ නැහැ කියලයි.” එහෙම කිව්වේ කැමරූන් රටේ ජෝසෆ්.

රුවල් ඔරු සනගා ගඟේ නිතර දකින්න ලැබෙන දසුනක්. රුවල් හදාගන්න ඒ අය ගැළපෙන ඕනෙම දෙයක් පාවිච්චි කරනවා

කෑම කන වෙලාවට සමහර අවස්ථාවලදී යාළුවෝ දෙතුන්දෙනෙක් එකම පිඟානෙ කනවා. එයාලා කන්නෙත් අපි වගේම අතින්. එකම පිඟානට බෙදාගෙන කන එක එයාලගේ එකමුතුකම පෙන්වන ප්‍රබල ලකුණක්. හිත් අමනාපයක් තිබුණු දෙන්නෙක් එහෙම කරනවා කියන්නේ ‘දැන් අපේ හිතේ කහටක් නෑ’ කියනවා වගෙයි.

මේ සඟරාව ප්‍රකාශයට පත් කරන යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ සභාවන් 300කට වඩා කැමරූන් රටේ තියෙනවා. ඒ විතරක් නෙමෙයි ඒ සභාවල අය බයිබල් පාඩම් 65,000ක් විතර පවත්වනවා

තොරතුරු ලුහුඬින්

පිග්මි ගෝත්‍රිකයන් මිටියි. වැඩිහිටි පිග්මි ගෝත්‍රිකයෙකුගේ උස සාමාන්‍යයෙන් අඩි හතරත් හතරයි අඟල් අටත් අතර වෙනවා

  • ජනගහනය: මිලියන 20ක් පමණ

  • අගනුවර: යෝන්ඩේ

  • දේශගුණය: උතුරු ප්‍රදේශය උණුසුම් හා වියළියි. වෙරළාසන්න ප්‍රදේශය උණුසුමින් හා තෙතමනයෙන් යුක්තයි

  • අපනයන: කොකෝවා, කෝපි, පුළුන්, දැව, ඇලුමිනියම් හා ඛනිජ තෙල්

  • භාෂා: ඉංග්‍රීසි, ප්‍රංශ වගේම අප්‍රිකානු භාෂා හා උපභාෂා 270ක් පමණ

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න