ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 11/12 4 පි.
  • 1 උපකාර ලබාගන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • 1 උපකාර ලබාගන්න
  • 2012 පිබිදෙව්!
  • සමාන තොරතුරු
  • තනි මාපියන්ට අභියෝග රැසක්
    2002 පිබිදෙව්!
  • දෙමාපියෙනි, පුංචි හිත්වල යෙහෝවා ගැන ආදරයක් ඇති කරන්න
    2022 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • තනි-මාපිය පවුල්වලට සාර්ථක විය හැක!
    පවුලේ සන්තෝෂයට රහස
  • තනි වූ මව්වරුන් සහ පියවරුන් ගැන සැලකිලිමත් වෙමු
    2010 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2012 පිබිදෙව්!
g 11/12 4 පි.

1 උපකාර ලබාගන්න

“ක්‍රිස්තියානි සභාවේ අපිට හුඟක් යාළුවෝ ඉන්නවා. එයාලා අපේම පවුලේ අය වගේ. අපේ ඕනෑ එපාකම් හොයලා බලනවා.”—යෞවන දරුවන් දෙදෙනෙකුගේ මවක් වන ලයිසාන්.

අභියෝගය.

“මට තියෙන ලොකුම ප්‍රශ්නේ කාලය නැතිකමයි, මහන්සියයි” කියා යෞවනයන් දෙදෙනෙකුගේ මවක් වන අලීනා පවසනවා. එය තනියම දරුවන්ව හදා වඩා ගන්නා මව්වරුන් මුහුණ දෙන තත්වයක්. බොහෝ මව්වරු තමන්ට උදව් කිරීමට කැමති අයගෙන් උපකාර ලබාගන්නේ ඒ නිසයි.

යෝජනා.

විශ්වාසවන්ත නෑදෑයන් හා මිතුරන්ගෙන් උපකාර ලබාගන්න. දරුවන්ව බලාගැනීමට, ගමනක් බිමනක් යෑමට, සැනසීමක් ලබාගැනීමට, නිවසේ යම් අලුත්වැඩියාවක් කරගැනීමට උදව්වක් ලබාගත හැක්කේ කාගෙන්ද කියා සිතා බලන්න. ඒ වගේම රජයේ මෙන්ම රාජ්‍ය නොවන සංවිධානවලින් ලබා දෙන උපකාර ගැනත් සොයා බලන්න.

රෙනාටා, යෙහෝවා දෙවිගේ සාක්ෂිකාරියක්. ඇයට උපකාර ලැබුණේ සභාවේ සිටි ක්‍රිස්තියානීන්ගෙන්. ඇය මෙසේ පවසනවා. “මට අවුරුදු නවයක දුවලා දෙන්නෙක් ඉන්නවා. දවසක් අපි තුන්දෙනාට හොඳටම උණ හැදුණා. අපිට කෑමක්වත් හදාගන්න බැරි වුණා. ඒක ආරංචි වෙලා අපේ සභාවේ අය හැමදාම කෑම අරන් අපිව බලන්න ආවා. ඒ වෙලාවේ මට මතක් වුණේ ‘ප්‍රිය දරුවෙනි, අපගේ ප්‍රේමය වචනවලටත් කතාවටත් සීමා නොකරමු. ඒ වෙනුවට ක්‍රියාවෙන් හා අවංකකමින් ප්‍රේමය පෙන්වමු’ කියන බයිබල් පදයයි.”—1 යොහන් 3:18.

නීතියෙන් භාරකාරත්වය නොලැබුණු මව හෝ පියාගෙන් උදව් ගන්න පුළුවන්ද? උදාහරණයකට භාරකාරත්වය ලැබුණේ මවට කියා සිතන්න. එවැනි අවස්ථාවකදී දරුවන්ව බැලීමට පියාට නීතියෙන් අවසර දී තිබෙනවා නම් ඔහු වගකීම් ඉසිලීමට කැමති පියෙක් නම් ඔහුගේ උදව් නොගන්නේ ඇයි? ඇත්තෙන්ම දරුවන්ට පියෙකුගේ සෙනෙහසත් අවශ්‍යයි.a

දරුවන්ගෙන් උපකාර ලබාගන්න. දරුවන්ගේ වයසට අනුව නිවසේ වැඩවලට ඔවුන්ව හවුල් කරගන්න. එය ඔබටත් ඔවුන්ටත් ප්‍රයෝජනවත් වෙයි. දරුවන්ට වැඩ පැවරීමෙන් ඔවුන් වගකීම් ඉසිලීමට පුහුණු වන අතර එය ඔවුන්ගේ ඉදිරි ජීවිතයට අත්වැලක් වෙයි.

a මෙවැනි අවස්ථාවකදී ක්‍රිස්තියානි දෙමාපියන් බයිබල් ප්‍රතිපත්තිවලට මුල් තැන දිය යුතු අතර දරුවන්ගේ යහපත ගැනත් සැලකිලිමත් විය යුතුයි. ඒ වගේම නීතියටත් ගරු කළ යුතුයි.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න