ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 10/12 7 පි.
  • ඉලක්කයක් තියාගන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඉලක්කයක් තියාගන්න
  • 2012 පිබිදෙව්!
  • සමාන තොරතුරු
  • ඉලක්කවලට යන්න ඔයාටත් පුළුවන්
    2023 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • පාසැල් ගමන මම නතර කළ යුතුද?
    2010 පිබිදෙව්!
  • මගේ ජීවිතයේ ඉලක්ක මොනවද?
    2006 පිබිදෙව්!
  • මං ඉස්කෝලේ ගමන නතර කළාට කමක් නැද්ද?
    යොවුන් සිතේ ගැටලු
තව තොරතුරු
2012 පිබිදෙව්!
g 10/12 7 පි.

ඉලක්කයක් තියාගන්න

අධ්‍යාපනයෙන් ඔබ බලාපොරොත්තු වන්නේ කුමක්ද කියා තේරුම්ගන්නවා නම් එය සතුටින් කිරීමට ඔබට හැකි වෙයි.

ඉලක්කයක් නැතුව අධ්‍යාපනය ලැබීම හරියට දිනුම් කණුවක් නැති ධාවන තරඟයක යෙදෙනවා වගෙයි. බයිබලයේ අපට පවසන්නේ “ඔබ යන මාවත සකසාගන්න” කියායි. (හිතෝපදේශ 4:26) ඉලක්කයක් ඇතුව අධ්‍යාපනය ලැබුවොත් අධ්‍යාපන කටයුතු අවසාන කිරීමෙන් පසුව රැකියාවක් සොයාගැනීම පහසු වෙයි. එසේනම් ඉලක්කයක් ඇතුව කටයුතු කරන්නේ කොහොමද?

‘රැකියාවක් හැටියට මම කරන්නේ මොකක්ද’ කියා කවදා හරි දවසක ඔබ කල්පනා කර තිබෙනවාද? එසේ නැත්නම් ඒ ගැන දැන්ම සිතා බලන්න. ඔබ ගමනක් යන්න සූදානම් වෙනවා කියා සිතන්න. ඒ සඳහා ඔබ මුලින්ම කළ යුත්තේ යන තැන තීරණය කිරීමයි. ඊටපසු ඔබ සිතියමක් ගෙන එම ස්ථානයට යෑමට තිබෙන හොඳම මාර්ගය කුමක්ද කියා සොයා බලයි. ඒ දෙයම ඔබේ අධ්‍යාපනයටත් අදාළ කරගත හැකියි. මුලින්ම ඔබ අනාගතයේදී කිරීමට බලාපොරොත්තු වන රැකියාව මොකක්ද කියා තීරණය කර ඒ අනුව ඔබ හදාරන විෂයන් තෝරාගන්න.

අවවාදයක්: බොහෝ යෞවනයන් තමන් ආස දේ විතරයි කරන්න කැමති. උදාහරණයකට සංගීතයට කැමති කෙනෙක් ඒ ක්ෂේත්‍රයෙන් ඉහළට යෑමයි ඔහුගේ අරමුණ. වෙන කිසිම දෙයක් කිරීමට උනන්දුවක් දක්වන්නේ නැහැ. එවැනි අවස්ථාවකදී කළ හැක්කේ කුමක්ද?

  1. ඔබේ හැකියාවන් ගැන සිතා බලන්න. උදාහරණයකට දේවසේවකයෙක් ලෙස අන් අයට උදව් කරන්න ඔබ කැමතිද? කාර්මික අංශයේ වැඩවලට, ගිණුම් වැඩවලට, අලුත්වැඩියා කිරීමේ වැඩවලට ඔබ දක්ෂද?

  2. කළ හැකි තේරීම් ගැන සිතා බලන්න. ඔබේ හැකියාවලට මොන වගේ රැකියා සොයාගත හැකිද? ඔබ කැමති රැකියාව ගැන විතරක්ම සිතසිතා ඉන්නවා වෙනුවට ඔබට කළ හැකි වෙනත් රැකියා ගැනත් සිතා බලන්න. උදාහරණයකට හදිසියේ ඔබට පදිංචිය වෙනස් කරන්න සිදු වුණොත් ඒ ප්‍රදේශයෙත් එම රැකියාවම සොයාගත හැකිදැයි බලන්න. ඔබ තෝරාගත් රැකියාව සඳහා පුහුණුව ලැබීමට විශාල මුදලක් වැය වෙනවාද කියාත් සිතන්න.

  3. රැකියාවක් සඳහා තිබෙන ප්‍රස්තා සොයා බලන්න. ඔබ කරන්න කැමති රැකියාවක් තෝරාගත් පසු එම රැකියාවට ඉල්ලුමක් තිබෙනවාද කියා සොයා බලන්න. එවැනි රැකියාවන් ලබා දෙන ආයතන ඔබ දන්නවාද? ඔවුන්ගෙන් පුහුණුවක් ලබාගන්න හැකි වෙයිද? ඒ රැකියාව සඳහා වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන තිබෙනවාද?

යෝජනාවක්: ඔබේ දෙමාපියන්ගෙන්, ගුරුවරුන්ගෙන් හෝ වැඩිහිටියෙකුගෙන් ඔබ තෝරාගත් රැකියාව ගැන විමසන්න. පුවත්පත්වලින් හා අන්තර්ජාලයෙන් තොරතුරු සොයා බලන්න.

නිගමනය: ඉලක්කයක් තිබෙන විට, ඔබ අධ්‍යාපනයෙන් බලාපොරොත්තු වන දේ ඉටු වෙයි.

ඔබ දැනටමත් පරක්කු නැහැ. පාසැල් යන කාලයේදීම ඉහත සඳහන් කාරණා තුන ගැන සිතා බලන්න. ඔබේ ඉලක්කය ගැන දෙමාපියන් සමඟ කතා කරන්න.

අධ්‍යාපනය සාර්ථක කරගැනීම සඳහා මෙම ලිපි මාලාවේ දුන් මඟ පෙන්වීම්වලට බයිබල් පද යොදාගෙන තිබෙනවා ඔබ දකින්න ඇති. ‘ධර්මිෂ්ඨ ජීවිතයක් ගත කිරීමට’ අවශ්‍ය උපදෙස් තිබෙන්නේ බයිබලයේ බව මෙම සඟරාවේ ප්‍රකාශිතයන් වන යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් තරයේ විශ්වාස කරනවා. (2 තිමෝති 3:16, නව අනුවාදය) එහි උපදෙස් පාසැල් ජීවිතයට පමණක් නොව රැකියාවක් කරන විට, විවාහ ජීවිතයට මෙන්ම ජීවිතයේ සෑම කාරණයකටම ප්‍රයෝජනවත්.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න