ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 10/12 3 පි.
  • ප්‍රයෝජන ගැන සිතන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ප්‍රයෝජන ගැන සිතන්න
  • 2012 පිබිදෙව්!
  • සමාන තොරතුරු
  • ඉස්කෝලේ යන්න ආස නැත්නම් මොකද කරන්නේ?
    යොවුන් සිතේ ගැටලු
  • මා පාසල හැර යා යුතු ද?
    යෞවනයන් අසන න—ක්‍රියාවට නැගිය හැකි තුරු
  • පාසැල් ගමන මම නතර කළ යුතුද?
    2010 පිබිදෙව්!
  • මං ඉස්කෝලේ ගමන නතර කළාට කමක් නැද්ද?
    යොවුන් සිතේ ගැටලු
තව තොරතුරු
2012 පිබිදෙව්!
g 10/12 3 පි.

ප්‍රයෝජන ගැන සිතන්න

ඔබ යම් දෙයක් උනන්දුවෙන් කිරීමට පෙලඹෙන්නේ ඉන් ලැබෙන ප්‍රයෝජන තේරුම්ගන්නවා නම් පමණයි.

ඔබ දැනුම් තේරුම් ඇති ප්‍රඥාවන්ත පුද්ගලයෙක් වන්නේ පාසැල් අධ්‍යාපනයක් ලැබුවොත් පමණයි. ප්‍රඥාව අපේ ජීවිතයට අත්‍යවශ්‍යයි. බයිබලයේ සඳහන් වන්නේ ‘ප්‍රඥාව ආරක්ෂාවක්’ කියායි. (දේශනාකාරයා 7:12) එය මේ උදාහරණයෙන් තේරුම්ගන්න පුළුවන්. ඔබ භයානක ප්‍රදේශයක ගමන් කරනවා කියා සිතන්න. ඔබ කැමති තනියම යන්නද නැත්නම් ඔබට අවශ්‍ය වෙලාවක උදව් කරන්න පුළුවන් යාළුවොත් එක්ක යන්නද? අනිවාර්යයෙන්ම යාළුවොත් එක්ක යන්න ඔබ සතුටු වෙයි. අධ්‍යාපනයත් ඔබේ ජීවන ගමනට අතහිත දෙන මිත්‍රයන් හා සමානයි. ඒවායින් කිහිපයක් සලකා බලමු.

  • සිතීමේ හැකියාව. හොඳ පාසැල් අධ්‍යාපනයක් ලැබුවොත් බයිබලයේ සඳහන් ලෙස ‘ප්‍රඥාවද [හෙවත් තැනට සුදුසු නුවණ] සිතීමේ හැකියාවද’ දියුණු කරගත හැකියි. (හිතෝපදේශ 3:21) මෙම හැකියාවන් දියුණු කරගැනීමෙන් සෑමවිටම අන් අය මත රඳා නොසිට ඔබේ ප්‍රශ්න ඔබටම විසඳාගැනීමට ඔබට පුළුවන් වෙයි.

  • යහපත් ගතිගුණ. බයිබලය මාර්ගයෙන් දෙවියන් අපට උපදෙස් දෙන්නේ බොහෝ ඉවසිලිවන්තකම, තමන්ව පාලනය කරගැනීම වැනි ගතිගුණ වර්ධනය කරගන්න කියායි. (ගලාති 5:22, 23) පාසැලේදී විවිධ පෞද්ගලිකත්වයන් තිබෙන මිතුරන්ව ඇසුරු කිරීමෙන් අන් අයට ගෞරව කිරීමට, විවිධ අසීරු තත්වයන් දරාගැනීමට සහ අන් අයගේ දුක හඳුනන සංවේදී පුද්ගලයෙක් වීමට හැකිකම ලබා දෙනවා. ඔබ වැඩිහිටියෙක් වූ පසුවත් එම ගතිගුණ ප්‍රයෝජනවත්.

  • හොඳ පුහුණුවක්. කඩිසරව හා කලට වේලාවට වැඩ කිරීමට ඔබ පුහුණු වන්නේ පාසැලේදීයි. එය යම් දිනක රැකියාවක් සොයාගැනීමටත් එහි දිගටම නියැලීමටත් හැකියාව ලබා දෙනවා. ඒ වගේම ඔබ ආශ්‍රය කරන අය ගැන අවබෝධයක් ලබාගන්නා තරමට ඔබ ගැනත් ඔබට වඩාත් වැදගත් වන්නේ මොනවාද කියාත් ඔබට තේරුම්ගත හැකියි. (හිතෝපදේශ 14:15) එවිට ඔබේ ආගමික විශ්වාසයන් අන් අයට පැවසීමටත් එසේ කරන විට ඔවුන්ගේ සිත් නොරිදෙන ආකාරයෙන් කිරීමටත් හැකි වෙනවා.—1 පේතෘස් 3:15.

නිගමනය: ඔබට අධ්‍යාපනය අවශ්‍යයි. ඒ නිසා අධ්‍යාපනය ගැන තිබෙන වැරදි හැඟීම් ඉවත් කරගෙන ඉහත සඳහන් ප්‍රයෝජන ගැන සිතන්න. ඒ විතරක් නොවෙයි තවත් බොහෝ ප්‍රයෝජන තිබෙනවා.

ඔබ දැනටමත් පරක්කු නැහැ. පාසැල් අධ්‍යාපනයෙන් ඔබට ලැබෙන වඩාත්ම වැදගත් ප්‍රයෝජනය ගැන හිතන්න.

හොඳ ගුරුවරු ගෞරවය ලබයි!

“අපේ ආර්ථික විද්‍යාව උගන්වන සර්ට හොඳ රස්සාවක් කරන්න අවස්ථාව තිබුණා. ඒත් සර් අපේ ගමේ පාසැලට උගන්වන්න ආවා. ආර්ථික විද්‍යාවට ළමයින්ගේ එච්චර උනන්දුවක් තිබුණෙත් නැහැ. ඒත් අපේ සර් සරලව, අපිට ආස හිතෙන විදිහට ඉගැන්නුවා. එක දවසක් දුන්න වැඩක් මම හොඳට කළා කියලා අපේ අම්මට කෝල් කරලා ඒක අගය කරලා තිබුණා. ළමයි ඇහුවම මේ වගේ පාසැලක් සර් තෝරගත්තේ ඇයි කියලා, සර් කිව්වේ එයා වැඩ කරපු තැන්වලින් ආසම කරන තැන අපේ පාසැල කියලයි. සර් අපිව හොඳින් තේරුම්ගත්තා. ඒ වගේම අපි ගැන හුඟක් සැලකිලිමත් වුණා. අපිව අගය කළා. මගේ ජීවිතේට හම්බවුණ හොඳම ගුරුවරයා ඒ සර් තමයි.”—ඇමරිකාවේ පාසැල් ශිෂ්‍යයෙක්.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න