ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 5/12 3 පි.
  • අසාධාරණය වේදනාවක්!

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අසාධාරණය වේදනාවක්!
  • 2012 පිබිදෙව්!
  • සමාන තොරතුරු
  • හැමෝටම යුක්තිය ඉටු වෙන කාලයක් එයිද?
    තවත් ලිපි
  • පොලිස් නිලධාරීහු—ඔවුන්ගේ අනාගතය කුමක් වේද?
    2002 පිබිදෙව්!
  • අසාධාරණයකට මූණ දෙන්නේ කොහොමද?
    2025 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • අපරාධ අවසන් කිරීමට පොරබැදීම
    1996 පිබිදෙව්!
තව තොරතුරු
2012 පිබිදෙව්!
g 5/12 3 පි.

අසාධාරණය වේදනාවක්!

කෙනෙකුට අවුරුදු 27ක් පුරා නොකළ වරදකට සිරබත් කන්න සිදු වුණොත් ඔහුට කෙසේ හැඟෙයිද? මයිකල්ට සිදු වූයේ එයයි. ස්ත්‍රී දූෂණයක් කළ බවට බොරු චෝදනාවක් මත වරදකරු වූ ඔහු වසර 27ක් සිරගෙයි සිට 2010දී නිදහස් වුණා. ඔහුට එදා තම නිර්දෝෂී බව ඔප්පු කිරීමට නොහැකි වුණේ DNA පරීක්ෂණය එවකට නොතිබුණු නිසයි. පසුව නියම වරදකරුව සොයාගත්තත් එය සිදු වී කාලයක් ගත වී තිබුණු නිසා වරදකරුට දඬුවම් ලැබුණේ නැහැ.

බොහෝ අපරාධකරුවන් නීතියේ රැහැනෙන් ගැලවී යනවා. උදාහරණයකට බ්‍රිතාන්‍යයේ “පසුගිය දශකය පුරා වරදකරුවන්ව සොයාගැනීමට බැරි වූ මිනී මැරුම් සංඛ්‍යාව දෙගුණ වී තිබෙනවා. අපරාධ වැළැක්වීමට පොලීසියට හා අධිකරණයට ඇති හැකියාව ගැන රට වැසියන්ට තිබෙන්නේ සැකයක්” කියා පුවත්පතක සඳහන් වුණා.—The Telegraph.

වර්ෂ 2011 අගෝස්තු මාසයේදී බර්මිංහැම්, ලිවර්පූල්, ලන්ඩන් හා වෙනත් ප්‍රදේශවල ඇති වූ කලහකාරී තත්වයන් මැඩපැවැත්වීමට යෑමේදීත් බ්‍රිතාන්‍ය පොලීසිය මහත් අසීරුතාවට පත් වුණා. කලහකාරී පිරිස් වීථි පුරා ගිනි තබමින් කඩසාප්පු කඩා ඒවායෙහි බඩුමුට්ටු සොරාගත්තා. ඒ විතරක් නොව නිවාසවලට හා වාහනවලට හානි කරමින් මිනිසුන්ගේ ජීවනෝපායන්ද නැති කළා. බොහෝ අය මේ දේවල් කළේ කෑදරකම නිසයි. තවත් අය මෙවැනි දේවලට හවුල් වුණේ තමන්ට සිදු වූ අසාධාරණකම්වලට පළිගැනීමක් ලෙසයි. වාර්තාකරුවන් පැවසුවේ එම කලහකාරීන් අතර සිටි සමහර යෞවනයන් කලකිරීම, රජයෙන් සිදු වී තිබෙන අසාධාරණ, දුප්පත්කම, අනාගතය ගැන ඇති අවිනිශ්චිත බව නිසා එසේ කළ බවයි.

දෙවිගේ සේවකයෙක් වූ යෝබ්ටද මෙසේ හැඟුණා. “මා විලාප නඟා පිහිට පැතුවද කිසිවෙක් මට යුක්තිය ඉටු කර දුන්නේ නැත.” (යෝබ් 19:7) ඔහු හා සමානව අදත් බොහෝ අය යුක්තිය වෙනුවෙන් හඬා වැලපුණත් බොහෝවිට ඔවුන් අසරණයි. එසේනම් යුක්තිය ඉටු කළ හැක්කේ කාටද? කවදා හෝ යුක්තිය ඉටු වෙයි කියා සිතීම සිහිනයක්ද? මේවාට පිළිතුරු දැනගැනීමට පෙර අයුක්තියට හේතු සොයා බලමු.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න