ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 2/11 28 පි.
  • ඔබේ සිහින සැබෑ වෙයිද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔබේ සිහින සැබෑ වෙයිද?
  • 2011 පිබිදෙව්!
  • සමාන තොරතුරු
  • ඔබව සන්තෝෂවත් කරන්න ධනයට හැකිද?
    1998 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • මුදලට සහ වස්තුවට නොව මිනිසුන්ට ප්‍රේම කරන්න
    2010 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • තෘප්තිමත් ජීවිතයක් පාරාදීසයේදී
    2006 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ආත්මික සාරධර්මවලින් පිරිපුන් ජීවිතයක සතුට
    2004 මුරටැඹ යහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2011 පිබිදෙව්!
g 2/11 28 පි.

ඔබේ සිහින සැබෑ වෙයිද?

● ඔබේ අනාගතය ගැන ඔබ සිහින මවනවාද? එක් ප්‍රඥාවන්ත රජ කෙනෙක් මෙසේ පැවසුවා. “ඉටු කරගත නොහැකි ආශාවන් පසුපස හඹා යනවාට වඩා තමා සතු දෙයින් සෑහීමට පත් වීම හොඳය. මන්ද එයත් සුළඟ පසුපස හඹා යන්නාක් මෙන් වූ නිෂ්ඵල වෑයමකි.”—දේශනාකාරයා 6:9.

සාර්ථක ජීවිතයක් ගත කිරීමට ආශා වීමත් ඒ සඳහා වෙහෙසීමත් වැරදි නැහැ. නමුත් ඉහත බයිබල් පදයේ පෙන්නුම් කරන්නේ අත් කරගත නොහැකි ඉලක්ක පසුපස හඹා යෑම අනුවණ දෙයක් බවයි. එමෙන්ම ඉන් අපට සතුටක් ලැබෙන්නේද නැහැ. උදාහරණයකට ධනවතෙක් වීම, ප්‍රසිද්ධත්වයක් සහ පූර්ණ ශරීර සෞඛ්‍යයක් ලබාගැනීම, සර්ව සම්පූර්ණ සහකරුවෙකුව සොයාගැනීම වැනි ඉලක්ක අනුවණ ඒවා විය හැකියි.

ධන සම්පත් පසුපස හඹා යන අය කවදාවත් සෑහීමට පත් වන්නේ නැහැ. “රිදීවලට ඇලුම් වන්නාට රිදී ලැබුණත් ඔහු එයින් සෑහීමට පත් නොවෙයි. ධනයට ඇලුම් වන්නාද තමා කොපමණ ආදායමක් ලැබුවත් එයින් සෑහීමට පත් නොවෙයි. මෙයද මහා නිෂ්ඵලකමකි” කියා බයිබලයේ පවසන්නේ හොඳ හේතු ඇතුවයි. (දේශනාකාරයා 5:10) ඒ නිසා ඇති දෙයින් සතුටු වීමට ඉගෙනගැනීම අත්‍යවශ්‍යයි. බයිබලයේ අපට මෙවැනි දෙයක්ද පවසනවා. “අප මෙලොවට කිසිවක් ගෙනාවේ නැත. එයින් කිසිවක් ගෙන යෑමටවත් නුපුළුවන.”—1 තිමෝති 6:7.

ජීවිතයට සතුට එක් කරගත හැක්කේ කෙසේද කියා යේසුස් පෙන්නුම් කළා. ‘මිනිසාගේ ජීවිතය රඳා පවතින්නේ කෑම වේලක් මත පමණක් නොව යෙහෝවා දෙවි පවසන සෑම දෙයක් මතයි.’ (මතෙව් 4:4) යෙහෝවා දෙවි පවසන දේවල් අපට බයිබලයෙන් දැනගත හැකියි. එම මඟ පෙන්වීම් අදාළ කරගන්නා අය ඇත්තෙන්ම මහත් සතුටක් අද්දකිනවා.—මතෙව් 5:3.

බයිබලයේ මෙසේද සඳහන් වෙනවා. “යෙහෝවා දෙවිව ඔබේ ජීවිතයේ සතුට කරගන්න. එවිට ඔබේ සිතේ ආශාවන් ඔහු ඉටු කරනු ඇත.” (ගීතාවලිය 37:4) කිසි මනුෂ්‍යයෙකුට දිය නොහැකි පොරොන්දුවක් දෙවි දී තිබෙනවා. එය නම් අනාගතයේදී සෞඛ්‍ය සම්පන්න ජීවිතයක්, එදිනෙදා ජීවිතයට අවශ්‍ය දේවල් හා පාරාදීස පොළොවක සදාකාල ජීවිතයක් ලබා දීමයි. (ලූක් 23:43; එළිදරව් 21:3, 4) ඒ වෙනුවෙන් දේවල් කිරීම කිසිවිටෙක අපතේ යන්නේ නැහැ.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න