ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 9/10 23 පි.
  • බෙල්ලෙකුගේ හපන්කමක්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • බෙල්ලෙකුගේ හපන්කමක්
  • 2010 පිබිදෙව්!
  • සමාන තොරතුරු
  • පටුන
    2010 පිබිදෙව්!
  • වර්ණවත් කොරල් පර ලෝකය
    1997 පිබිදෙව්!
  • දස දෙසින්
    2009 පිබිදෙව්!
  • දස දෙසින්
    2014 පිබිදෙව්!
තව තොරතුරු
2010 පිබිදෙව්!
g 9/10 23 පි.

නිර්මාණයක්ද?

බෙල්ලෙකුගේ හපන්කමක්

● බැලූ බැල්මට මේ බෙල්ලා හරි හපනෙක් කියා කියන්න බැහැ. නමුත් ඌ කරන්නේ ලෙහෙසි පහසු දෙයක් නම් නෙවෙයි. මුහුදු වෙරළ ඉතා වේගයෙන් හාරාගෙන ඇතුළට යන්න ඌට තිබෙන්නේ පුදුම හැකියාවක්. පොළොව හෑරීමේ තරඟාවලියක් තිබුණා නම් බෙල්ලන් අතරින් රන් පදක්කම මේ බෙල්ලාට හිමි වන බව නම් කිසිම සැකයක් නැහැ. මැසචුසෙට් තාක්ෂණික ආයතනයේ මහාචාර්යවරියක් වන ඇනට් හොසෝයි ඒ ගැන මෙසේ පවසනවා. “උන්ගේ මේ හපන්කමට මොකක් හරි රහසක් තියෙනවා කියලා අපිට තේරුණා.” ඒ කුමක්ද?

මේ ගැන සිතා බලන්න: මුලින්ම ඌ තම පාදයෙන් පුංචි වළක් හාරාගන්නවා. ඊළඟට ඌ කරන්නේ උගේ කටුව අරින වහන අතර පාදයෙන් වැලි හාරාගෙන ඇතුළට යෑමයි. ඌ කොතරම් වේගවත්ද? තත්පරයකට සෙන්ටිමීටරයක් පමණ හෑරීමේ හැකියාව ඇති මේ සතාට, එම වේගයෙන්ම සෙන්ටිමීටර් 70ක් පමණ හාරාගෙන යා හැකියි. නමුත් පොළොව යටට ගිය පසු ඌව උඩට ඇදගැනීම නම් සිතන තරම් පහසු කාර්යයක් නොවෙයි. මේ බෙල්ලාගේ ප්‍රමාණයට සාපේක්ෂව ඌ පොළොව හාරාගෙන යෑමට හා එතැන රැඳී සිටීමට යොදන ශක්තිය, මිනිසා නිපදවා ඇති ඕනෑම නැංගුරමකට වඩා දස ගුණයක් ඉහළයි.

මේ බෙල්ලා හා සමානව ඇරෙන වැහෙන මෙන්ම පොළොව හාරාගෙන යෑමේ හැකියාවක් ඇති තාක්ෂණයෙන් යුත් නැංගුරමක් නිපදවීම ඉන්ජිනේරුවන්ගේ බලාපොරොත්තුවයි. තාක්ෂණයෙන් දියුණු, ශක්තිමත් මෙවැනි නැංගුරම් ගැඹුරු මුහුදේ පර්යේෂණ කරන හා තෙල් ආකර සෙවීම සඳහා යොදාගන්නා යන්ත්‍රවලට මෙන්ම බිම් බෝම්බ ඉවත් කරන උපකරණ සඳහාද බොහෝ සෙයින් ප්‍රයෝජනවත් වෙයි.

මේ ගැන කල්පනා කර බලන්න. මෙම බෙල්ලාට මෙතරම් හපන්කමක් කිරීමේ හැකියාව ලැබුණේ ඉබේමද? නැත්නම් එය බුද්ධිමත් නිර්මාණයක්ද?

[23වන පිටුවේ පින්තූර]

තාක්ෂණයෙන් දියුණු මෙම කුඩා ආදර්ශ නැංගුරම බෙල්ලා මෙන් ක්‍රියාත්මක වෙනවා

[හිමිකම් විස්තර]

Razor clams: © Philippe Clement/​naturepl.com; “smart” anchor: Courtesy of Donna Coveney, Massachusetts Institute of Technology

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න