“දෙවියනි, මට ඔබෙන් සැනසීම අවශ්‍යයි”
● මෙක්සිකෝවේ පිහිටි යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලයට එක්තරා කාන්තාවකගෙන් ලිපියක් ලැබුණා. ඇය සේවය කරන්නේ ශාරීරික හා මානසික ආබාධවලින් පෙළෙන අය සිටින පාසැලකයි. ඇය එම ලිපියේ මෙසේ ලියා තිබුණා. “මගේ ආදරණීය අම්මා මැයි මාසේ නවවෙනිදා මිය ගියා. ඒ ගැන මට දැනුණ වේදනාව විස්තර කරන්න වචන නැහැ. ඒ වගේ දුකක් දරාගන්න මොනවද කරන්න ඕනේ කියලා අම්මා මිය යන්න මාස කිහිපයකට කලින් මම තොරතුරු සොයා බැලුවා. දුක දරාගන්න ඒක මට උපකාරවත් වෙයි කියලා හිතුවත් ඒක එහෙම වුණේ නැහැ.”
දිනක් ඇය දුකෙන් සිටින වෙලාවක “සැනසීම ලබා දෙන්න” කියා දෙවිට යාච්ඤා කළා. ඒ ගැන ඇය මෙහෙම කියනවා. “ඔබ ප්‍රේම කරන යමෙක් මිය ගිය විට කියන විවරණිකාව එදා රෑ මම කියෙව්වා. ඒක හරියට මටම ලියපු එකක් වගේ. දුක ප්‍රකාශ කරන්න කඳුළු සැලුවට වරදක් නැහැයි කියා එහි සඳහන් වුණා. ඒ වගේම ‘මට මගේ ශෝකය සමඟ ජීවත් විය හැකිද?’ යන කොටසෙහි මෙසේ සඳහන් වී තිබුණා. ‘යාච්ඤාවේ වටිනාකම අඩුවෙන් තක්සේරු නොකරන්න. දෙවි සපයන උපකාරය ඇත්තටම වෙනසක් සිදු කරනවා. දෙවිගේ උපකාරය මගින් වේදනාව තුරන් කරන්නේ නැති බව සැබෑයි. නමුත් දුක දරාගැනීමට ඒක උපකාරයක්. ඔබ තවදුරටත් අඬන්නේ නැහැයි කියා හෝ ඔබට ඔබේ ප්‍රේමණීය තැනැත්තාව අමතක වෙයි කියා ඉන් අදහස් කරන්නේ නැහැ. නමුත් ඔබට නැවතත් යථා තත්වයට පත් වීමට එය උපකාරයක්.’ ඒ වචන ඇත්තෙන්ම මට උපකාරවත් වුණා.”
ඔබ ප්‍රේම කළ කෙනෙක් මිය ගොස් තිබෙනවා නම් ඔබ ඒ ගැන දුකෙන් පසු වන නිසා යම් සහනයක් බලාපොරොත්තුවෙන් සිටිනවා ඇති. ඔබටත් ඔබ හා සමාන තත්වයකට මුහුණ දෙන වෙනත් අයටත් සහනයක් ලබාගැනීම සඳහා පිටු 32කින් යුත් ඔබ ප්‍රේම කරන යමෙක් මිය ගිය විට යන විවරණිකාව කියවීම ප්‍රයෝජනවත්.
එම විවරණිකාවෙන් පිටපතක් ලබාගැනීමට ඔබත් කැමති නම් පහත සඳහන් කූපනය පුරවා එහි ඇති ලිපිනයට හෝ පස්වන පිටුවේ සඳහන් යෝග්‍ය ලිපිනයකට තැපැල් කරන්න.
□ මෙහි සඳහන් විවරණිකාව පමණක් ලබාගන්න කැමතියි.
□ නොමිලේ පවත්වන නිවාස බයිබල් පාඩමක් සඳහා මා හමු වන්න.