ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 7/09 20 පි.
  • ගසක මහිම

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ගසක මහිම
  • 2009 පිබිදෙව්!
  • සමාන තොරතුරු
  • පටුන
    2009 පිබිදෙව්!
  • ලීයෙන් තැනිය යුත්තේ මන්ද?
    1996 පිබිදෙව්!
  • මම රුව වඩන සැත්කමක් කරගත යුතුද?
    2002 පිබිදෙව්!
  • යෙහෝවාට සේවය කිරීමට අපි ගත්ත අධිෂ්ඨානය
    2006 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2009 පිබිදෙව්!
g 7/09 20 පි.

ගසක මහිම

◼ මැඩගස්කරයේ නිරිත දිගින් පිහිටි වෙරළ තීරයේ ජීවත් වන කාන්තාවන් සංචාරකයන්ට විකිණීම සඳහා සිප්පි කටු එකතු කරමින් මුහුදු තීරයේ ඇවිද යනවා. එම මුහුදු තීරය අවට දේශගුණය ඉතාමත් වියළි නිසා ඔවුන් එම කාර්යයේ නිරත වන්නේ සුදු පාටට හුරු ආලේපයක් මුහුණේ තවරාගෙනයි. මෙම ආලේපය හඳුන්වන්නේ ටෙබෙස්කී කියායි. එමගින් හිරු කිරණෙන් සම ආරක්ෂා කර දෙනවා පමණක් නොව එය මුහුණටද අලංකාරයක් ගෙන දෙනවා.

මෙම ආලේපය සාදාගන්නේ මැඩගස්කරයේ වැඩෙන විශේෂිත ගස් වර්ග දෙකක (masonjoany, fihamy) කඳෙහි නොමේරූ කොටස්වලිනුයි. මෙය සමෙහි ආලේප කරන්නේ සුදු හඳුන් ගලේ උරච්චි කර මුහුණෙහි තවරන ආකාරයටයි. මෙම ආලේපය හීන් තුඩකින් මුහුණේ විවිධ මෝස්තර රටා නිර්මාණය කරගැනීමටද භාවිතා කරනවා.

සමහර අය ඇස් වටා ආලේප නොකර මුහුණේ අනිකුත් තැන්වල සම්පූර්ණයෙන්ම ආලේපය ගල්වන අතර තවත් සමහරුන් නළලට කම්මුල් දෙකට හෝ නිකටට පමණක් ආලේපය තවරනවා. මෙම ආලේපය මුහුණේ ලප කැළැල් වැසීමටත් සමේ තෙල් ගතිය පාලනය කිරීමටත් මුහුණ හැඩගැන්වීම සඳහා මෝස්තර ඇඳීමටත් භාවිත කරනවා. මෙම ආලේපයට වෙනත් ද්‍රව්‍ය එකතු කිරීමෙන් වර්ණය මෙන්ම එහි ස්වාභාවයද වෙනස් කළ හැකියි.

ලෝකයේ වෙනත් රටවල කාන්තාවන් තමන්ගේ රුව රැකගැනීමට බොහෝ වෙහෙසුනත් මැඩගස්කරයේ කාන්තාවන්ට නම් එය එතරම් අපහසු කාර්යයක් නොවෙයි.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න