ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 8/07 4 පි.
  • 2 ආදරය ලබා දෙන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • 2 ආදරය ලබා දෙන්න
  • 2007 පිබිදෙව්!
  • සමාන තොරතුරු
  • දෙමාපියෙනි, යෙහෝවා දෙවියන්ට ආදරේ කරන්න දරුවන්ට කියලා දෙන්න
    2019 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • “දරුවෝ යෙහෝවාගෙන් ලැබෙන උරුමයක්”
    2026 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • ආත්මිකව ශක්තිමත් පවුලක් ගොඩනැඟීම
    2001 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • අවංක ප්‍රේමය ගොඩනඟන අයුරු
    2003 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2007 පිබිදෙව්!
g 8/07 4 පි.

2 ආදරය ලබා දෙන්න

ඇයි මෙය වැදගත්? ආදරය නොලැබී ඇති දැඩි වෙන දරුවෙක් හරියට අවශ්‍ය පෝෂණය නොලැබී මැළ වී යන පැළයක් වගෙයි. දරුවන්ට ආදරය අත්‍යවශ්‍ය දෙයක්. විශේෂයෙන්ම ඔවුන්ගේ පළමු අවුරුදු හය තුළදී ඔවුන්ට එය නොඅඩුව ලබා දිය යුතුයි. එවැනි අදහසක් 1950දී සුප්‍රසිද්ධ මානවවේදියෙක් වූ ඇෂ්ලි මොන්ටෙගු ඉදිරිපත් කළා. ඔහුගේ එම අදහසට එකඟ වෙමින් නවීන දින ප්‍රවීණයන්ද පවසන්නේ “අවශ්‍ය තරම් ආදරය නොලබන දරුවන්ගේ ජීවිත තිබෙන්නේ අඳුරේ” කියායි.

අභියෝගය: ආදරය, කරුණාව නැති ආත්මාර්ථකාමී ලෝකයක ජීවත් වන පවුල් අද්දකින්නේ ලොකු පීඩනයක්. (2 තිමෝති 3:1-5) විවාහ ජීවිතයේදී මුහුණ දෙන්න සිදු වෙන පීඩනවලට අමතරව දරුවන් ඇති දැඩි කිරීමේදී ඔවුන්ට මුහුණ පෑමට සිදු වෙන ආර්ථික මෙන්ම වෙනත් ප්‍රශ්න, ඔවුන්ගේ මෙම පීඩනය දෙගුණ තෙගුණ කරනවා. නිදසුනකට, විවාහක යුවළකට අදහස් හුවමාරු කරගන්න කාලය සොයාගැනීම අසීරු දෙයක්. ඒ අතර තම දරුවන්ව පුහුණු කිරීම ගැන හා ඔවුන්ගේ යහපත් හැසිරීම අගය කිරීම සම්බන්ධයෙන් දෙමාපියන්ට තිබෙන විවිධ අදහස් සාකච්ඡා කිරීමට කාලය ගැනීම ඊටත් වඩා අසීරු කාර්යයක්.

විසඳුම: පවුලක් හැටියට එකට කාලය ගත කිරීමට සැලසුම් කරන්න. දෙමාපියන් වශයෙන් ඔවුන් දෙදෙනාත් තනිවම කාලය ගත කිරීමටත් ප්‍රස්තා සොයාගත යුතුයි. (ආමොස් 3:3) දරුවන් නින්දට ගිය පසු ඔවුන්ට තනිවම කාලය ගත කළ හැකි අතර එම කාලය සොරාගැනීමට රූපවාහිනියට ඉඩ දෙන්න එපා. ඔබ එකිනෙකා ආදරය කරන බව ඔබේ කතා බහෙන් හා හැසිරීමෙන් පෙන්වීම අත්‍යවශ්‍යයි. (හිතෝපදේශ 25:11; සලමොන්ගේ ගීතිකාව 4:7-10) ඔබේ ස්වාමිපුරුෂයාගේ හෝ භාර්යාවගේ “වැරදි” සොයනවා වෙනුවට ඔහුව හෝ ඇයව ප්‍රශංසාවට ලක් කිරීමට හැකි පැති ගැන නිතරම සොයන්න.—ගීතාවලිය 103:9, 10, නව ලොව පරිවර්තනය; හිතෝපදේශ 31:28.

ඔබේ දරුවන්ට ඔබ ආදරය කරන බව පවසන්න. යෙහෝවා දෙවි තම පුත්‍රයා වන යේසුස්ට ප්‍රසිද්ධියේ ප්‍රශංසා කිරීමෙන් දෙමාපියන්ට තැබුවේ කදිම ආදර්ශයක්. (මතෙව් 3:17; 17:5) ඔස්ට්‍රියාවේ ජීවත් වන පියෙක් වන ෆ්ලෙක් මෙසේ පැවසුවා. “දරුවන් හරියට මල් පැළ වගෙයි. පැළයක් හිරු එළිය සොයා ඒ දෙසට හැරෙනවා වගේ දරුවනුත් ආදරය කරුණාව සොයා දෙමාපියන් වෙතට හැරෙනවා. ඔවුනුත් පවුලේ වටිනා සාමාජිකයන් කියා දැනෙනවාට ඔවුන් කැමතියි.”

දෙමාපියන් හැටියට හෝ තනි මාපියෙක් හැටියට ඔබේ පවුලේ අය අතරත් දෙවිටත් ප්‍රේමයක් වර්ධනය කරගැනීමට පවුලේ අයට උපකාර කිරීම තුළින් ප්‍රීතිමත් පවුල් ජීවිතයක් භුක්ති විඳිය හැකියි.

පවුල තුළ අධිකාරිය පැවැත්වීම සම්බන්ධයෙන් බයිබලයේ පවසන්නේ කුමක්ද?

[4වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

‘ප්‍රේමය එක්සත් කරවන සම්පූර්ණ වූ බැඳීමකි.’—කොලොස්සි 3:14

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න