ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g05 11/8 3 පි.
  • ධනය නිසා බෙදුණු ලෝකයක්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ධනය නිසා බෙදුණු ලෝකයක්
  • 2005 පිබිදෙව්!
  • සමාන තොරතුරු
  • ‘ප්‍රබලතම විපර්යාසයන්’
    1999 පිබිදෙව්!
  • අප පැතූ සමඟියට කුමක් සිදු වී ඇද්ද?
    2005 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • මේ ධනස්කන්ධයේ හිමිකරැ කවුද?
    2007 පිබිදෙව්!
2005 පිබිදෙව්!
g05 11/8 3 පි.

ධනය නිසා බෙදුණු ලෝකයක්

විසිවන සියවසේ අග භාගයේදී ලෝකයම ශීත යුද්ධයට මැදි වී සිටි නිසා දේශපාලනික වශයෙන් කොටස් තුනකට බෙදුණා. එක කොටසක් කොමියුනිස්ට් රටවල්. ඉන් වැඩි හරියක්ම සෝවියට් සමාජවාදී ජනරජ සංගමයට අයත් ඒවායි. අනෙක් කොටස කොමියුනිස්ට්වාදය අනුගමනය නොකළ රටවල්. මින් පෙරමුණ ගත්තේ එක්සත් ජනපදයයි. මෙම කොටස් දෙකටම අයත් නොවූ රටවල් තුන්වන ලෝකයේ රටවල් ලෙස හඳුන්වනු ලැබුවා.

“තුන්වන ලෝකයේ” රටවල් ලෙස හැඳින්වීම අපහාස කිරීමක් කියා සිතූ නිසා “සංවර්ධනය නොවූ රටවල්” ලෙස හැඳින්වීමට පටන්ගත්තා. කාලයක් යන විට මෙයද සුදුසු නැති බව පෙනුණ නිසා ආර්ථික විද්‍යාඥයන් “සංවර්ධනය වෙමින් පවතින” රටවල් ලෙස ඒවා හැඳින්වුවා. මෙම හැඳින්වීම නිසා දේශපාලනිකමය වශයෙන් අවධානය යොමු කරනවාට වඩා ආර්ථිකමය වශයෙන් වැඩි අවධානයක් දීමට පෙලඹුණා.

මෙම විසි එක්වන සියවසේදී ඉහත සඳහන් කළ දේශපාලනික වශයෙන් බෙදුණු කොටස් තුන දක්නට ලැබෙන්නේ නැහැ. නමුත් ආර්ථික හා කාර්මික දියුණුව අනුව ලෝකයේ රටවල් සංවර්ධිත සහ සංවර්ධනය වෙමින් පවතින රටවල් ලෙස බෙදා තිබෙනවා. ධනවත් රටවල සංචාරකයන් දිලිඳු රටක සංචාරයේ යෙදෙන විට මෙම බෙදීම් දෙක අතර තිබෙන පරතරය මනාව දැකගත හැකියි.

එයින් පැහැදිලි වන්නේ මෙම ඇති නැති පරතරය තවමත් උග්‍රව තිබෙන බවයි. ලෝකය හැමදාමත් ආර්ථිකමය වශයෙන් බෙදී තියේවිද? නැත්නම් ඇති අය හා නැති අය සම තත්වයට පැමිණ එක හා සමාන ජීවන තත්වයක් භුක්ති විඳියිද?

[3වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

© Qilai Shen/Panos Pictures

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න