ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g04 10/8 32 පි.
  • යෞවනයන්ට අවශ්‍යම දේ

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යෞවනයන්ට අවශ්‍යම දේ
  • 2004 පිබිදෙව්!
2004 පිබිදෙව්!
g04 10/8 32 පි.

යෞවනයන්ට අවශ්‍යම දේ

වසර ගණනාවක් පුරා බාල මහලු දෙගොල්ලන්ම පවසා තිබෙන්නේ යෞවනයන් අසන ප්‍රශ්න—ක්‍රියාවට නැඟිය හැකි පිළිතුරු නමැති පොත යෞවනයන්ට අවශ්‍යම දේ ඉදිරිපත් කරන බවයි. මෙක්සිකෝවේ සිනාලෝආහි නව යොවුන් දැරියක් ඇගේ මිතුරු මිතුරියන් කීපදෙනෙකුට දීම සඳහා මෙම පොතේ පිටපත් දහයක් ඉල්ලුම් කළාය. යෙහෝවාගේ සාක්ෂිකාරියක් නොවුවත් ඇය එම පොතට ඉමහත් කැමැත්තක් දක්වන බව පැවසුවාය. එසේ පැවසුවේ “ඕගොල්ලන්ට මම ඇත්තෙන්ම ගරු කරනවා” යයිද කියමිනි.

ඈ මෙසේ සඳහන් කළාය. “හුඟක් ප්‍රශ්න තියෙන මිතුරු මිතුරියන් හුඟදෙනෙක් මට ඉන්නවා. මම ඔවුන්ට මේ පොත පෙන්නුවා. ඔවුන් ඒකට ගොඩක් කැමතියි. මේ පොත විශිෂ්ටයි. යෞවනයෙක් දැනගන්න ඕන හැම දෙයක්ම මේ පොතේ තියෙනවා.” පාසැල් නිවාඩුවට කලින් මේ පොත් එවන්න පුළුවන්දැයි ඈ විමසුවාය.

යෞවනයන් අසන ප්‍රශ්න පොතේ පරිච්ඡේද 39ක් ඇත. මේ ඉන් කීපයකි. “මගේ දෙමව්පියන් විසින් මට වැඩි නිදහසක් දීමට මා ඉඩ සලසාගන්නේ කෙසේද?” “සැබෑ මිතුරන් ඇති කරගැනීමට මට හැක්කේ කෙසේද?” “පූර්ව විවාහ ලිංගික ඇසුර සම්බන්ධයෙන් කුමක් කිව හැකිද?” “එය සැබෑ ප්‍රේමයද කියා මා දැනගන්නේ කෙසේද?” පහත ඇති කූපනය පුරවා, සඳහන් කර ඇති ලිපිනයට එවීමෙන් හෝ මෙම සඟරාවේ 5වන පිටුවේ සඳහන් ලිපිනයකට එවීමෙන් හෝ පිටු 320කින් සමන්විත මෙම පොතේ පිටපතක් ඔබට ඉල්ලුම් කළ හැකියි.

□ යෞවනයන් අසන ප්‍රශ්න—ක්‍රියාවට නැඟිය හැකි පිළිතුරු නමැති පොත පමණක් ලබාගන්න කැමැත්තෙමි.

□ නොමිලේ පවත්වන නිවාස බයිබල් පාඩමක් සඳහා මා හමු වන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න