ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g04 9/8 32 පි.
  • නීතිඥයෙක් උපකාර පතයි

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • නීතිඥයෙක් උපකාර පතයි
  • 2004 පිබිදෙව්!
2004 පිබිදෙව්!
g04 9/8 32 පි.

නීතිඥයෙක් උපකාර පතයි

විවාහයන් බොහොමයක් දික්කසාදයෙන් කෙළවර වීම ගැන දුක් වෙන එක් නීතිඥයෙක්, බ්‍රසීලයේ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලයට ලිපියක් එවා තිබුණා. “මගෙන් සේවය ලබාගන්න එන බොහෝදෙනෙක් ඒ එන විටත් වෙන්වීමට තීරණයක් අරගෙන ඉවරයි. දික්කසාද වීමට හේතුව මොකක්ද කියා ඒ අයගෙන් අහනකොට පුදුම දුකක් දැනෙනවා. නිසි ලෙස අදහස් හුවමාරු නොකිරීම, අව්‍යාජ ප්‍රේමයක් නැතිකම වැනි දේවල් තමයි ඔවුන් පෙන්වන සමහර හේතු. ඒ අය ඔබේ ප්‍රකාශනවල තිබෙන උපදෙස් ගැන කිසිම දෙයක් දන්නේ නැහැ.”

එම නීතිඥවරයා යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව හොඳින් දැන හඳුනන නිසා ඔහු මෙසේ ලියා තිබුණා. “මගෙන් උපදෙස් ගන්න එන අයට විවාහයේ බැරෑරුම්කම ගැන මෙන්ම ඔවුන්ගේ තීරණය ගැන නැවත සිතා බලන්නත්, සතුටෙන් හා සමඟියෙන් ජීවිතය යළි ගෙන යෑමටත් උපකාරය පිරිනැමිය හැකි උපදෙස් අඩංගු පොත් පත් එවිය හැකි නම් ඒක මට ලොකු උපකාරයක් වේවි.”

සාර්ථක විවාහ දිවියක් ගත කරන්නේ කෙසේද යන්න පිළිබඳව බයිබලයේ සඳහන් වටිනා උපදෙස් ලබාගැනීමට ඔබ කැමති නම් පවුලේ සන්තෝෂයට රහස නමැති පොතේ පිටපතක් ඔබට ලබා දෙන්න අප සතුටුයි. බොහෝ ආශීර්වාද ලබාගැනීමට මං විවෘත කරමින් විවාහක යුවළකට සතුටෙන් ජීවත් වීම සඳහා අවශ්‍ය කරන ප්‍රධාන කාරණා දෙකක් එම පොතේ සාකච්ඡා කරනවා. මෙම සඟරාව සමඟ තිබෙන කූපනය පුරවා එම කූපනයේ සඳහන් ලිපිනයට හෝ සඟරාවේ පස්වන පිටුවේ සඳහන් ලිපිනයකට එවීමෙන් හෝ ඔබටත් පොතක් ලබාගත හැකියි.

□ පවුලේ සන්තෝෂයට රහස නමැති පොතේ පිටපතක් පමණක් ලබාගැනීමට මා කැමතියි.

□ නොමිලේ පවත්වන නිවාස බයිබල් පාඩමක් සඳහා මා හමු වන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න