ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g04 4/8 15-17 පි.
  • වෙලාවට වැඩ කරන්න!

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • වෙලාවට වැඩ කරන්න!
  • 2004 පිබිදෙව්!
  • සමාන තොරතුරු
  • වෙලාවට වැඩ කිරීම වැදගත් ඇයි?
    2010 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • කාලය හොඳින් පාවිච්චි කරන්නේ කොහොමද?
    යොවුන් සිතේ ගැටලු
  • වෙලාවට වැඩ කරන්න
    2016 පිබිදෙව්!
  • වෙලාවට වැඩ කරන්න පුරුදු වෙමු
    2014 අපගේ රාජ්‍ය සේවාව
තව තොරතුරු
2004 පිබිදෙව්!
g04 4/8 15-17 පි.

වෙලාවට වැඩ කරන්න!

“ප්‍රධාන විධායක නිලධාරීන්ගේ ප්‍රමාද වීම පුරුද්දට ගිහින්” යයි යූ.එස්.ඒ. ටුඩේ වාර්තා කරයි. එමෙන්ම “ඔවුන් රැස්වීම් දහයකින් හයකටම පැමිණෙන්නේ ප්‍රමාද වී” යැයි ප්‍රධාන විධායක නිලධාරීන් 2,700ක් පිළිබඳව කරන ලද සමීක්ෂණයක තවදුරටත් සඳහන් වේ.

ව්‍යාපාරික ලෝකයෙහි ප්‍රමාද වීම සලකන්නේ හුදෙක් නරක පුරුද්දක් වශයෙන් පමණක්ම නොවේ. රැකියා ඉල්ලුම් කළ 81,000ක් පිළිබඳව කළ අධ්‍යයනයක නිගමනය වූයේ මෙයයි. “ප්‍රමාද වීම නිසාත් දැනුම් දීමකින් තොරව නිවාඩු ගැනීම නිසාත් පාඩු වූ පැය ගණන විශාල මූල්‍යමය පාඩුවකට හේතු පාදක වූ ප්‍රධාන දෙයකි.” ප්‍රමාද වීම නිසා ගැටලු ඇති වන්නේ ව්‍යාපාරික ලෝකයේ පමණක් නොවන බව සැබෑවකි. උසස් පාසැල් විදුහල්පතිවරුන් සමඟ කරන ලද සමීක්ෂණයකින් හෙළි වූයේ, “ශිෂ්‍යයන්ව හික්මවීමට සිදු වූ ප්‍රධානතම හේතුව ප්‍රමාද වීම වූ අතර එය නිතර නිතර පැනනැඟි ගැටලුවක්” වූ බවය.

අපේ මැවුම්කරුගේ අභිප්‍රාය වූයේ අප වෙලාව ගැන සැලකිලිමත් වෙනවා දැකීමයි. අපට වෙලාව සටහන් කරගත හැකි වන පිණිස ඔහු හිරු සහ සඳු යන “මහත් ආලෝක දෙක සෑදුවේය.” (උත්පත්ති 1:14-16) අද දින නවීන ඔරලෝසු තිබෙන නිසා විනාඩි හා තත්පරවලින් වේලාව මැනගන්න අපට හැකියි. තාක්ෂණික දියුණුව තිබෙතත් අප බොහෝදෙනෙකුට තවමත් රැකියාවට, පාසැලට හෝ වෙනයම් කටයුත්තක් සඳහා වෙලාවට යෑමට නොහැකි වී තිබේ.

ඇත්තෙන්ම ගැටලුව වී තිබෙන්නේ කාලය හිඟකමද? රැකියාවේ හා පවුලේ කාරණා ඉහටත් උඩින් තිබිය හැකි බව සැබෑවකි. කෙසේනමුත්, රැකියාවේ නියුතු මවක් වන වොන්ඩා රෝස්ලන්ඩ් මෙසේ පවසයි. “අපි හැමෝටම තියෙන්නේ දවසකට පැය 24ක් බව මට වැටහුණාම වෙලාව මදි කියලා චෝදනා කරන එක මම නැවැත්තුවා. ඒ ගැන සෑහෙන්න කල්පනා කළා. ඇත්තෙන්ම අපේ නවීන ලෝකයේ ප්‍රශ්නේ වෙලා තියෙන්නේ කාලය මදිකම නෙවෙයි. බාධාවන් සහ සිත වෙනතකට යොමු කරන දේවල් හුඟක් තියෙන එකයි ප්‍රශ්නේ කියලා මම තේරුම්ගත්තා.”

දරුවන් පස්දෙනෙකුගේ මවක් මෙන්ම යෙහෝවාගේ සාක්ෂිකාරියක් වන රෙනේa ගැනත් කල්පනා කර බලන්න. ඇය මෙසේ මතකයට නඟන්නීය. “මගේ දරුවන් කුඩා කාලයේදී, ඔවුන්ව පාසැලට යවන්නත්, ක්‍රිස්තියානි රැස්වීම්වලට යවන්නත් සූදානම් කරන එක අභියෝගයක් වුණා. ඒත්, වෙලාවට වැඩ කරන එක මට ගැටලුවක් වුණේ නැහැ. දැන් ඔවුන් ලොකු මහත් වෙලා. ඒත් දැන් මම වෙලාවට වැඩ නොකරන නරක පුරුද්ද ඇති කරගෙන තියෙනවා.” මේ නරක පුරුද්ද ඔබටත් තිබෙනවාද? එසේනම් එය වෙනස් කරගත හැකියි. ඔබට කළ හැකි දේවල් කීපයක් මෙහි සඳහන් වේ.

● ප්‍රතිඵල ගැන සිතා බලන්න. පුරුද්දක් ලෙස ප්‍රමාද වීම සුළු දෙයක් මෙන් පෙනිය හැක. එහෙත් බයිබලයේ ඇති මෙම වදන් සලකා බලන්න. “මළ මැස්සන් නිසා තෛල මිශ්‍ර කරන්නාගේ තෙල් ගඳ ගසා නරක් වේ. එසේම ප්‍රඥාවටත් ගෞරවයටත් වඩා ස්වල්ප මෝඩකමක් බරය.” (දේශනාකාරයා 10:1) ඇත්තෙන්ම, අන්‍යයන් කෙරෙහි සැලකිල්ල නොදැක්වීම වැනි “ස්වල්ප මෝඩකමක්” මගින් ගුරුවරයෙකු හෝ ස්වාමියෙකු හමුවේ ඔබට තිබෙන හොඳ නමට කැළලක් ඇති විය හැකියි.

ප්‍රාදේශීය විද්‍යාලයක පාඨමාලාවන් හැදෑරූ මාරි නම් ස්ත්‍රියක් තම පන්තියේ මිතුරියන්ගෙන් සමහරෙකු “වෙලාව ගැන පොඩ්ඩක්වත් නොසිතා” නිතරම ප්‍රමාද වී පන්තියට පැමිණෙන බව දුටුවාය. “ඒත් වැඩි කල් යන්න ඉස්සෙල්ලා ඔවුන්ට සිද්ධ වුණා වෙනස් වෙන්න” යයි ඇය පවසයි. “මහාචාර්යවරුන් දෙන්නෙක්, වෙලාවට පැමිණිය යුතුයි කියන අදහස දැරුවා. ඒ නිසා විනාඩි කීපයක් හෝ ප්‍රමාද වෙලා ආව හැම ශිෂ්‍යයෙක්වම නොපැමිණි බවට ලකුණු කළා. නොපැමිණි දවස් වැඩිවීම ලකුණු කපාගැනීමට හේතුවක් වුණා.”

පුරුද්දක් ලෙස ප්‍රමාද වීමෙන් මිතුරන් හා සම වයසේ මිතුරන් අතර පවතින ඔබේ කීර්ති නාමයටද කැළලක් විය හැක. මැදි වියේ තැනැත්තෙකු වන ජෝසෆ් දශක කීපයකට පෙර ඔහු දැන සිටි සෙසු ක්‍රිස්තියානියෙකුව මතකයට නඟයි. ගුරුවරයෙකු වූ මොහු සතු හැකියාවන් නිසා මොහු ගෞරවයට පත්ව සිටියත් මොහු තුළ ලජ්ජාවට පත් වන දෝෂයක් තිබිණ. “ඔහු හැමතිස්සෙම ප්‍රමාද වුණා. ඒ කියන්නේ හැම දෙයකදීම! ඔහු ඒ ගැන සැලකිල්ලක් දැක්වුව බවක් කොහොමටවත් පෙනෙන්න තිබුණේ නැහැ. ඔහුගේ ප්‍රමාද වීම ගැන අනිත් අය විහිළු කළා.” ඔබ සැමවිටම ප්‍රමාද වී පැමිණෙන්නෙකු හැටියට නම් කිරීමට අන් අය පටන්ගෙන ඇද්ද? එසේනම් ඔවුන් ඔබේ හොඳ ගුණාංගද පහසුවෙන්ම නොසලකාහැරිය හැකියි.

● අන්‍යයන් ගැන සැලකිලිමත් වන්න. ප්‍රමාද වීම අකාරුණික මෙන්ම අන්‍යයන්ව බාධාවට පත් කරවන දෙයකි. තවද අනිත් අයට වඩා ඔබ උසස්ය යන ආකල්පය දරනවාය යන ඇඟවීමද එමගින් දිය හැකියි. ව්‍යාපාරික විධායකයන් බොහෝදෙනෙකු ප්‍රමාද වී රැස්වීම්වලට පැමිණීමේ ප්‍රවණතාවක් දක්වන්නේ මන්දැයි පැහැදිලි කරමින් එක් ව්‍යාපාරිකයෙක් මෙසේ පිළිගත්තේය. “වෙන මුකුත් නෙවෙයි අහංකාරකමයි අපෙන් වැඩිදෙනෙක්ට තියෙන්නේ.” ඊට වෙනස්ව ක්‍රිස්තියානීහු තමන්ට වඩා අන්‍යයන්ව උසස් කොට සලකති. (පිලිප්පි 2:3) එමෙන්ම ඔවුහු රන් අණද පිළිපදිමින් අන්‍යයන්ගෙන් බලාපොරොත්තු වන ආකාරයටම අන්‍යයන්ට සලකති. (මතෙව් 7:12) අන්‍යයන් නිසා ඔබට බලා සිටීමට සිදු වුවහොත් එය ඔබට කරදරයක් නොවෙයිද? එසේනම් ඔබ නිසා අන්‍යයන්ට බලා සිටීමටත් නොසලස්වන්න.

● වෙලාව පාලනය කිරීමේ දක්ෂතා ඉගෙනගන්න. ඔබ හැම දෙයක්ම කල් දමා අන්තිම මොහොතේ ඒවා ලහි ලහියේ කරන කෙනෙක්ද? ඔබ කෙටි කාල පරිච්ඡේදයකදී බොහෝ දේවල් කිරීමට වෑයම් කරමින් හුස්ම ගන්න බැරි වෙන තරමටම වැඩ පටවගන්න කෙනෙක්ද? දේශනාකාරයා 3:1හි ප්‍රතිපත්තිය උපකාරවත් විය හැක. ‘සෑම කාරණාවලට කාලයක් ඇත.’ දේවල් කිරීමට “කාලයක්” වෙන් කිරීමෙන් ඒවා පිළිවෙළකට කරගැනීමට ඔබට හැකි වේ.

පළමුව, ඔබට කිරීමට තිබෙන දේවල් සියල්ල පිළිබඳව ලැයිස්තුවක් සාදන්න. ඊළඟට, ෆිලිප්පි 1:10හි [NW] ප්‍රතිපත්තිය අනුගමනය කරන්න. “වඩා වැදගත් දේවල් සහතික කරගන්න.” ප්‍රමුඛතා නිශ්චය කරගන්න. ඇත්තෙන්ම කිරීමට තිබෙන්නේ කුමක්ද? පසුවට කල් දැමිය හැකි ඇතැම් දේවල් මොනවාද? ඉන්පසු, එම දේවල් කිරීමට ගත වෙන කාලය සහ කළ හැකි වේලාව සලකා බලන්න. යථාර්ථවාදී වන්න. සුළු වෙලාවක් ඇතුළත බොහෝ දෑ කිරීමට යෑමෙන් වළකින්න.

තමන්ට වෙලාවට වැඩ කිරීමට ඉගැන්වීම සම්බන්ධයෙන් ඩොරති නම් ස්ත්‍රිය ඇගේ දෙමාපියන්ට ස්තුතිය පළ කරන්නීය. ඇය මෙසේ පවසයි. “අපිට ක්‍රිස්තියානි රැස්වීමකට ප.ව. 7:30 වෙනකොට යන්න තිබුණ නිසා මගේ අම්මා අපිව එයිට වඩා පැයකුත් විනාඩි 45කට කලින් ලෑස්ති කරන්න පටන්ගත්තා. කෑම කන්න, පිඟන් කෝප්ප හෝදන්න, ඇඳ පැළඳගන්න සහ රැස්වීමට වාහනයෙන් යන්න කාලය වෙන් කරන්න අපිට සිද්ධ වුණා. වෙලාවට වැඩ කිරීමේ පුරුද්ද අපේ ජීවිතයේ කොටසක් වුණා.” සමහරවිට අනපේක්ෂිතව උද්ගත විය හැකි තත්වයන් වෙනුවෙන් කාලය මිඩංගු කිරීම උපකාරවත් වේ. ඩොරති මෙසේ ආවර්ජනය කරන්නීය. “මෑතකදී රැස්වීමකට යන අතරවාරයේදී තවත් කීපදෙනෙකුව ගෙනියන්න මට සිද්ධ වෙලා තිබුණා. ඒ යන අතරතුරේදී මගේ මෝටර් රථයේ ටයර් එකේ හුළං ගියා. ඒක හරිගස්සගෙන, ඊට පස්සේ ඒ අයවත් දාගෙන යන්න මට පුළුවන් වුණා. මොකද රථයේ දෝෂයක් හෝ වාහන තදබදයක් ඇති වෙන්න ඉඩ තියෙන නිසා මම නිතරම ඒ වෙනුවෙන් කාලයක් වෙන් කරලයි පිටත් වෙන්නේ.”

● අනිත් අයගෙන් අදහස් විමසන්න. බයිබලයේ හිතෝපදේශ 27:17හි මෙසේ පවසයි. “යකඩින් යකඩ මුවහත් වේ. එසේම මනුෂ්‍යයෙක් තම මිත්‍රයාගේ මුහුණ පැහැපත් කරයි.” එම ප්‍රතිපත්තියට එකඟව ඔබේ තත්වයන්ට සමාන තත්වයන්වල සිටින නමුත් වෙලාවට දේවල් කිරීමෙන් සාර්ථකත්වයක් ලබා සිටින අයට කතා කරන්න. බොහෝවිට ඔවුහු ප්‍රයෝජනවත් යෝජනා ගණනාවක් දෙනු ඇත.

කලින් සඳහන් කළ රෙනේ තම ප්‍රමාද වීමේ ගතිය වෙනස් කිරීමට තීරණය කරගෙන සිටින්නීය. ඇය මෙසේ පවසයි. “වඩාත් හොඳින් දේවල් කරන්න මම මෑතකදී තීරණය කළා. ඒක ලේසි වුණේ නැතත් මම දැන් දියුණුවක් ලබමින් ඉන්නවා.” ඔබටද එසේ කළ හැක. මනසේ හරි ආකල්පයක් තබාගැනීමෙන් හා යම් වෑයමක් දැරීමෙන් වෙලාවට වැඩ කරන්න ඔබට ඉගෙනගත හැකියි.

[පාදසටහන]

a සමහර නම් වෙනස් කර තිබේ.

[16වන පිටුවේ පින්තූර]

පුරුද්දක් ලෙස ප්‍රමාද වීමෙන් ස්වාමියෙකුගේ අප්‍රසාදයට ලක් විය හැකි අතර අන්‍යයන් කෙරෙහි සැලකිල්ල නොදක්වන බවද පෙන්වයි

[17වන පිටුවේ පින්තූර]

කාලය අපතේ යැවීමෙන් වැළකීමට පෞද්ගලිකව හොඳින් සංවිධානය වීම උපකාරයක් විය හැක

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න