ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g03 11/8 32 පි.
  • නියම වේලාවට ලැබුණ සැනසිල්ල

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • නියම වේලාවට ලැබුණ සැනසිල්ල
  • 2003 පිබිදෙව්!
2003 පිබිදෙව්!
g03 11/8 32 පි.

නියම වේලාවට ලැබුණ සැනසිල්ල

කටයුතු කිරීමට අසීරු මෙම කාලයේ ජීවත් වන හුඟදෙනෙකුට සැනසිල්ල අවශ්‍යයි. මෙය විශේෂයෙන්ම අවශ්‍ය වන්නේ තමන්ගේ හදවතට සමීප කෙනෙකු මිය ගිය විටයි. තම මවගේ මරණයත් ඉන් ටික දවසකට පසු සිදු වූ තම නූපන් දරුවාගේ මරණයත් නිසා එක්තරා කාන්තාවකට දැඩි වේදනාවක් අත් විඳින්න සිදු වුණා. ඇය මෙක්සිකෝවේ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලයට ලියූ ලිපියෙහි සඳහන් වූයේ මෙයයි. “මට ලොකුම සැනසිල්ල ලැබුණේ ඔබ ප්‍රේම කරන යමෙක් මිය ගිය විට යන විවරණිකාවෙනුයි. එහි ඇතුළත් වටිනා තොරතුරු මට ලැබුණේ නියම වේලාවට. බයිබලයේ අඩංගු දැනුම මත පදනම් මෙවැනි ප්‍රකාශන සැපයීම සඳහා ඔබ දරන වෙහෙසට හා ඔබේ ක්‍රිස්තියානි ප්‍රේමයට ස්තුතියි.”

ඇය විශේෂයෙන් සැනසිල්ලක් ලැබුවේ එම විවරණිකාවේ සඳහන් කර ඇති බයිබල් පද තුළිනුයි. පළමුවෙනි කොරින්ති 15:26 ඉන් එක් පදයකි. “නැති කරනු ලබන්නාවූ අන්තිම සතුරා නම් මරණය” කියා එහි සඳහන් වෙයි. මෙම පිටු 32කින් යුත් විවරණිකාව කියවීමෙන් සමහරවිට ඔබට හෝ ඔබ හඳුනන කෙනෙකුට සැනසිල්ලක් ලබාගත හැකියි. ඔබ ප්‍රේම කරන යමෙක් මිය ගිය විට යන විවරණිකාවෙහි “මට මගේ ශෝකය සමඟ ජීවත් විය හැකිද?” “අනුන්ට කෙසේ උපකාර කළ හැකිද?” සහ “මළවුන්ට සැබෑ බලාපොරොත්තුවක්” යන මාතෘකා යටතේ තොරතුරු සඳහන් කර ඇත.

මෙයත් සමඟ තිබෙන කූපනය පුරවා එහි තිබෙන ලිපිනයට හෝ සඟරාවේ 5වන පිටුවේ ඇති සුදුසු ලිපිනයකට තැපැල් කිරීමෙන් ඔබටත් පිටපතක් ලබාගත හැකියි.

□ ඔබ ප්‍රේම කරන යමෙක් මිය ගිය විට නමැති විවරණිකාවේ පිටපතක් ලබාගැනීමට මම කැමතියි.

□ නොමිලයේ පවත්වන නිවාස බයිබල් පාඩමක් සඳහා මා හමු වන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න