ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g03 4/8 32 පි.
  • වසරේ වඩා වැදගත්ම රැස්වීම

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • වසරේ වඩා වැදගත්ම රැස්වීම
  • 2003 පිබිදෙව්!
2003 පිබිදෙව්!
g03 4/8 32 පි.

වසරේ වඩා වැදගත්ම රැස්වීම

හිතන්න ඔබේ ජීවිතයට අනතුරු වන විදිහේ ලෙඩකින් ඔබ පෙළෙනවා කියලා. ශල්‍යකර්මයකින් ඔබව සුව කළ හැකි වුවද එය කිරීමට ඔබට කොහෙත්ම වත්කමක් නැහැ. නමුත් පරිත්‍යාගශීලී කෙනෙක් ඔබේ ශල්‍යකර්මය සඳහා යන සියලුම වියදම් දරන්න කැමැත්තෙන් ඉන්නවා නම් ඔබේ ජීවිතය ගලවාගැනීම සඳහා ඔහු දෙන තෑග්ග කෙරෙහි ඔබ කෘතඥපූර්වක වන්නේ නැද්ද?

බයිබලයේ උගන්වන්නේ පළමු මිනිස් යුවළ වන ආදම් සහ ඒව ඔවුන්ගෙන් පැවතෙන සියල්ලන්ටම පාපය හා මරණය උරුම කර දුන් බවයි. වෙනත් වචනවලින් කියනවා නම් අපි හැමෝම ඉපදිලා තියෙන්නේ සුව කළ නොහැකි රෝගයක් ඇතුවයි. අප කිසි කෙනෙකුට හැකියාවක් නැහැ ඒ රෝගය සුව කරගන්න. (ගීතාවලිය 49:7-9) නමුත් යෙහෝවා දෙවි අපේ පාපවලට වන්දි ගෙවීම සඳහා ඔහුගේ ඒක ජාතක පුත්‍රයාව මිදීමේ මිලයක් ලෙස දුන්නා. ලබා දී තිබෙන මෙම ජීවිත ගලවන ත්‍යාගය නිසා පාරාදීසමය පොළොවක සදාකාලයටම ජීවත් වීමේ අවස්ථාව අපට ලැබී තිබෙනවා.—රෝම 6:23.

අප්‍රියෙල් 16වෙනි බදාදා හිරු බැස යෑමෙන් පසු යෙහෝවාගේ සාක්ෂිකරුවන් යේසුස්ගේ මරණය සිහි කරනු ඇති. පසුගිය වසරේ 1,50,00,000ක් මෙය සිහි කිරීමට පැමිණි අතර මෙයින් බහුතරයක් යෙහෝවාගේ සාක්ෂිකරුවන් නොවෙයි. මේ අවුරුද්දේ පවත්වනු ලබන යේසුස්ගේ මරණය සිහි කිරීමට පැමිණෙන්න කියා ඔබටත් ආරාධනා කරන්න කැමතියි. ඇත්ත වශයෙන්ම මෙය වසරේ වඩා වැදගත්ම රැස්වීමයි. කරුණාකර ඔබේ ප්‍රදේශයේ සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගෙන් මෙම විශේෂිත රැස්වීම පවත්වන වේලාව සහ ස්ථානය නිෂ්චිතවම දැනගන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න