“මට තවත් තොරතුරු දැනගන්න අවශ්‍ය වෙලා තිබුණා”
ගිය අවුරුද්දේදී එක් කාන්තාවක් ලිව්වේ මෙසේයි. “මම තැපෑලෙන් ඉල්ලා එවූ දෙවිට අපෙන් ඕනෑ කරන්නේ කුමක්ද? යන විවරණිකාව මට ඊයේ ලැබුණා.” ඊට කලිනුත් ඇය මේ විවරණිකාව සම්බන්ධව දැන්වීම් දෙකක්ම දැකලා තිබුණා. “මම මේ විවරණිකාව ලැබෙන තුරු නොඉවසිල්ලෙන් බලා සිටියා. මට තවත් තොරතුරු දැනගන්න අවශ්‍ය වෙලා තිබුණා.” “මට විවරණිකාව ලැබුණහම හැකි ඉක්මනින් මම එය කියවන්න පටන්ගත්තා. ඔයගොල්ලන්ගේ විවරණිකාවේ තියෙන තොරතුරු හරිම අර්ථාන්විතයි. ඒ වගේම එම තොරතුරු පදනම් වෙලා තියෙන්නේ බයිබලය මතයි.”
“මම කියෙවූ දේවල් සම්බන්ධව යමක් කිරීමේ හදිසිතාව මට දැනුණා” යැයි පවසමින් ඇය තම ලිපිය අවසන් කළා.
පිටු 32කින් යුත් දෙවිට අපෙන් ඕනෑ කරන්නේ කුමක්ද? යන විවරණිකාවෙන් ඔබත් ප්‍රයෝජන ලබයි කියා අපි විශ්වාස කරනවා. “යේසුස් ක්‍රිස්තුස් කියන්නේ කවුද?” යන සිත්ගන්නා මාතෘකාවට අමතරව “දෙවි කියන්නේ කවුද?” “පොළොව සඳහා දෙවිගේ අරමුණ කුමක්ද?” සහ “දෙවිගේ රාජ්‍යය කියන්නේ කුමක්ද?” යන තේමාවලින් යුත් පාඩම්ද එහි අඩංගු වෙනවා. මේ සමඟ ඇති කූපනය පුරවා එහි ඇති ලිපිනයට හෝ මෙම සඟරාවේ 5වන පිටුවේ සඳහන් යෝග්‍ය ලිපිනයකට එවීමෙන් ඔබටත් පිටපතක් ලබාගත හැකියි.
□ දෙවිට අපෙන් ඕනෑ කරන්නේ කුමක්ද? යන විවරණිකාවේ පිටපතක් එවන්න.
□ නොමිලේ පවත්වන බයිබල් පාඩමක් සඳහා මාව හමු වන්න.