“ඔහු පෙන්වූ ප්‍රේමයට මා සිත ඇදී ගියා”
නිස් නගරයේ වෙසෙන මනුෂ්‍යයෙක් යුගොස්ලෝවියාවේ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලයට ලිව්වේ මෙසේයි.
“මම මුලින්ම ඔබට ස්තුති කරනවා. මම හැමදාම බයිබලයේ පරිච්ඡේද කිහිපයක් කියවන අතර එමගින් මහත් ප්රබෝධයක් ලබනවා. මම මේ දිනවල දෙවිට අපෙන් ඕනෑ කරන්නේ කුමක්ද? යන විවරණිකාවත් කියනවා. බයිබලය කියවා තේරුම්ගැනීමට මෙවැනි අත් පොතක් නිර්මාණය කිරීම ගැන ඔබට මගේ ස්තුතිය පුද කරමි. විවරණිකාවේ තියෙන සෑම කරුණක්ම ඉතා සරලව හා තේරුම්ගත හැකි විදියට පෙන්වා තිබීම සතුටට කාරණයක්.
“විශේෂයෙන්ම මගේ සිත් ගත්තේ යේසුස් ක්‍රිස්තුස් ගැන ලියවිලා තියෙන පරිච්ඡේදයයි. නොදන්නා මිනිසුන් වෙනුවෙන් තම පරිපූර්ණ ජීවිතය පුද කරමින් ඔහු පෙන්වූ ප්‍රේමයට මා සිත ඇදී ගියා. අපි සෑම කෙනෙක්ම මෙම පූජාව අගය කළ යුතු අතර ඒ ගැන අනිවාර්යයෙන්ම කෘතඥපූර්වක විය යුතුයි.”
අපි විශ්වාස කරනවා පිටු 32කින් සමන්විත දෙවිට අපෙන් ඕනෑ කරන්නේ කුමක්ද? යන විවරණිකාවෙන් ඔබත් ප්‍රයෝජන ලබාගනියි කියා. “යේසුස් ක්‍රිස්තුස් කියන්නේ කවුද?” යන සිත් ගන්නා මාතෘකාවට අමතරව “දෙවි කියන්නේ කවුද?,” “පොළොව සඳහා දෙවිගේ අරමුණ කුමක්ද?” සහ “දෙවිගේ රාජ්‍යය කියන්නේ කුමක්ද?” යන තේමාවලින් යුත් ලිපිද එහි අඩංගු වේ. මේ සමඟ ඇති කූපනය පුරවා එහි ඇති ලිපිනයට හෝ මෙම සඟරාවේ 5වන පිටුවේ සඳහන් යෝග්‍ය ලිපිනයකට එවීමෙන් ඔබටත් මෙම විවරණිකාවේ පිටපතක් ලබාගත හැක.
□ දෙවිට අපෙන් ඕනෑ කරන්නේ කුමක්ද? යන විවරණිකාවේ පිටපතක් එවන්න.
□ නොමිලේ පවත්වන නිවාස බයිබල් පාඩමක් සඳහා මා හමු වන්න.