විවාහයන් රැක දිය හැකි පොතක්
අමෙරිකා එක්සත් ජනපදයේ ලුෂියානාහි කාන්තාවක් වන ලෙස්ලිට ටූලේන් විශ්වවිද්‍යාලයෙන් දුරකථන ඇමතුමක් ලැබිණ. දුරකථනයෙන් ඇමතූ තැනැත්තිය, ටූලේන් හා තවත් විශ්වවිද්‍යාලයක් මගින් ලුෂියානාහි නව යුවතිපතීන් පිළිබඳව සමීක්ෂණයක් පවත්වන බව පැවසුවාය.
සමීක්ෂණයට සහභාගි වීමට එකඟ වූවායින් පසුව මෙම කාන්තාවට ප්‍රශ්න පත්‍රයක් එවන ලදි. ඈ එය පුරවා, පවුලේ සන්තෝෂයට රහස නමැති පොතේ පිටපතක්ද සමඟ එය තැපැල් කළාය. තමා සහ තම සැමියා යෙහෝවාගේ සාක්ෂිකරුවන් බවත්, විවාහයට පෙර සූදානමක් වශයෙන් දෙදෙනා එක්ව මෙම පොත අධ්‍යයනය කළ බවත් ඇය පැහැදිලි කළාය.
සති කීපයකට පසු ව්‍යාපෘතියේ අධ්‍යක්ෂකගෙන් ඇයට ලිපියක් ලැබිණ. ඔහු එහි ලියා තිබුණේ මෙසේය. “විවාහයක් ශක්තිමත් මෙන්ම ප්‍රීතිමත් එකක් කරගන්න අවශ්‍ය වන දේ, ඔබ හා ඔබේ සැමියා වැනි යුවළයන් අපට උගන්වයි කියා අපි බලාපොරොත්තු වෙනවා. ඔබ දෙදෙනා වෙනස් පසුබිම් දෙකකින් පැමිණි අය වීම වැදගත්. මොකද හුඟක් වෙලාවට විවාහයට පීඩන එල්ල වෙන්නේ ඒ හින්දයි. ඒත් විවාහයට කලින් සූදානම් වීම සඳහා විශේෂයෙන්ම ඔබ එවූ පොත වැනි දේවල් යොදාගැනීමෙන්, වෙනස්කම් නිසා මතුවට ප්‍රශ්න පැනනඟින අවස්ථාවලදී සාර්ථකව කටයුතු කරන්න ඔබට පුළුවන් වෙයි. ඒ විතරක් නෙවෙයි, ආගම දහමට ලැදිව සිටීමත් විවාහයකට ඉතාමත්ම වැදගත් කියන එකත් මේකෙන් පැහැදිලියි. ඔබ දෙදෙනාටම එක වගේ ශක්තිමත් ඇදහිල්ලක් තිබීමත්, දෙදෙනාම දෙවිගේ උපකාරය මත රඳා සිටීමත් වාසනාවක්.
“ඔබ මට එව්ව පොත මම මගේ මේසේ උඩ පේන්න තියලා තියෙනවා. මගේ ශිෂ්‍යයන් විවාහය සම්බන්ධයෙන් උපදෙස් ගන්න මා ළඟට ආවහම මම ඒක ඔවුන්ට පෙන්නනවා. මේ වගේ පොතක් මට වෙන කොහෙන්වත් ලැබිලා නැහැ. මේක නම් නියම පොතක්.”
ඔබටද මෙම පොත අමිල පොතක් වේවියි කියා අපි විශ්වාස කරන්නෙමු. ඔබේ පිටපත වෙන් කරවාගැනීම සඳහා පහත සඳහන් කූපනය පුරවා, එහි සඳහන් ලිපිනයට හෝ මෙම සඟරාවේ 5වන පිටුවේ තිබෙන සුදුසු ලිපිනයකට තැපැල් කරන්න. එමගින් ගැටලු විසඳාගැනීමට හා මැවුම්කරු අදහස් කළ පරිදි යුග දිවිය ප්‍රීතිමත් කරගැනීමට උපකාරවත් විය හැකි විශේෂ යෝජනා ඔබට ලැබෙනු ඇත.
□ පවුලේ සන්තෝෂයට රහස නමැති පොතේ පිටපතක් මට එවන්න.
□ නොමිලේ පවත්වන නිවාස බයිබල් පාඩමක් සඳහා මා හමු වන්න.