පරණ පත්තර කඩයකදී සම්බ වී
ඉන්දියාවේ චෙන්නයිහි වෙසෙන ද්‍රවිඩ බස කතා කරන යෞවනයෙක් 1999 අගෝස්තු මස 8වෙනි දා පිබිදෙව්! සඟරාවේ පිටපතක් දුටුවේ එතැනදීයි. එම සඟරාව හා ඔහුට ලබාගත හැකි වූ තවත් පිටපත්ද පිරික්සීමෙන් අනතුරුව ඒ පිළිබඳව තමන් දරන අදහස් ඇතුළත් කරමින් ඔහු යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ඉන්දියානු ශාඛා කාර්යාලය වෙත ලිපියක් යැවීය.
ඔහු ලීවේ මෙසේය. “පිබිදෙව්! සඟරාව තොරතුරු බරිත හා බොහෝ ප්‍රයෝජනදායක විශිෂ්ට සඟරාවකි. එහි පළ කර ඇති තොරතුරු ඉතා ප්‍රායෝගික ඒවාය. ඒ වෙනුවෙන් මගේ හද පිරි සන්තෝෂය පුදමි!”
අනතුරුව මෙම යෞවනයා ඉතා ඕනෑකමින් මෙසේ ඉල්ලා සිටියේය. “ලෝකයේ අස්සක් මුල්ලක් නෑර සැරිසරන දැනුම් සම්භාරයකින් සපිරි මෙම සඟරාවට මගේ පෞද්ගලික පුස්තකාලයේත් ඉඩක් වෙන් කිරීමට හැකි වේවා කියා මම පතමි. මෙතෙක් පළ වී ඇති සඟරා කියවීමෙන් පසුව ඉදිරියේදී පළ කෙරෙන සඟරාද ලබාගැනීමේ ආශාවෙන් පසු වන්නෙමි.”
මෙම සඟරාවේ 4වෙනි පිටුවේ සඳහන් වී තිබෙන පරිදි පිබිදෙව්! සඟරාව මගින් බොහෝ විෂයන් සම්බන්ධයෙන් අවබෝධය ලබා දේ. එනමුත්, එහි ප්‍රකාශිත අරමුණෙහි මෙසේ සඳහන් වෙයි. “වඩා වැදගත් ලෙස, මෙම සඟරාව දැනට පවතින දුෂ්ට, නොපනත්කමේ ක්‍රමය වෙනුවට, සාමකාමී එමෙන්ම සුරක්ෂිත නව ලොවක් බිහි කිරීමට වූ මැවුම්කරුගේ පොරොන්දුව කෙරෙහි නිසැකභාවය ගොඩනංවයි.”
පිටු 32කින් යුත් දෙවිට අපෙන් ඕනෑ කරන්නේ කුමක්ද? යන විවරණිකාවේ දෙවිගේ අරමුණ හා ඔහුගේ අනුමැතිය දිනාගැනීම සඳහා කළ යුතු දේ සම්බන්ධයෙන් බයිබලයේ අඩංගු තොරතුරු ගෙනහැර දක්වා ඇත. මේ සමඟ ඇති කූපනය පුරවා මෙහි සඳහන් ලිපිනයට හෝ මෙම සඟරාවේ 5වෙනි පිටුවේ ලැයිස්තුගත කර තිබෙන අදාළ ලිපිනයකට තැපැල් කිරීමෙන් මෙම විවරණිකාවේ පිටපතක් ඉල්ලුම් කිරීමට ඔබට හැක.
□ දෙවිට අපෙන් ඕනෑ කරන්නේ කුමක්ද? යන විවරණිකාවේ පිටපතක් මට එවන්න.
□ නොමිලේ පවත්වන නිවාස බයිබල් පාඩමක් සඳහා මා හමු වන්න.