පියා ගැන ආඩම්බර වන දියණියක්
‘මගේ තාත්තා ගැන තිබුණු ගෞරවාදරය තවත් වැඩි වුණා!’ කියා 12වන වියේ පසු වන දැරියක් විසින් යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ඉන්දියානු ශාඛා කාර්යාලයට එවූ ලිපියක සඳහන් විය. ඇය යොමු දැක්වූයේ 1999 අගෝස්තු 22 පිබිදෙව්! (සිංහලෙන් පළ නොවුණි) සඟරාවේ “දස දෙසින්” යන කොටසේ පළ වූ “සැලකිලිමත් පියවරුන්ට සාර්ථක පුතුන්” යන ලිපියටයි. පියවරුන් පුත්‍රයන් කෙරෙහි මනා සැලකිල්ලක් දැක්වූ විට, ඔවුන් උස් මහත් වූ පසු මනා ආත්ම විශ්වාසයකින් හා බලාපොරොත්තු සහගතව කටයුතු කරන්න යන බව සොයාගත් එක් අධ්‍යයන වාර්තාවක් එම සඟරාවේ උපුටා දක්වා තිබුණි.
තමා සහ තම නිවුන් සහෝදරිය එවන් සැලකිලිමත් පියෙකුගේ රැකවරණය ලැබීම ගැන ඇත්තෙන්ම කෘතඥපූර්වක වන බව ඇය කියා සිටියාය. ලෝකයේ දසත තොරතුරු පිබිදෙව්! සඟරාව ඉදිරිපත් කරන ආකාරය ගැන ඇය සතුටු වන බව සහ “එය පාසැල් ශිෂ්‍යයන්ට ඉතා ප්‍රයෝජනදායක සඟරාවක්” බව ඇය තවදුරටත් සඳහන් කර තිබුණාය.
සිතාගැනීමටත් නොහැකි ප්‍රශ්නවලින් මිරිකී සිටින වත්මන් මනුෂ්‍යයන් තම පවුල් රැකගැනීමට දරන වෑයමට උපකාරයක් වශයෙන්, යෙහෝවාගේ සාක්ෂිකරුවන් පිටු 192කින් යුත් පවුලේ සන්තෝෂයට රහස නමැති පොත ප්‍රකාශයට පත් කර ඇත. එම පොතෙහි ස්වාමිපුරුෂයා, භාර්යාව, දෙමාපියන්, දරුවන්, ආච්චිලා සීයලා ඇතුළු පවුලේ සෑම කෙනෙකුටම මඟ පෙන්වීම ලබා දෙයි. “බිළිඳු අවදියේ පටන් ඔබේ දරුවා පුහුණු කරන්න,” ඔබේ නහඹරයාට සඵල වීමට උපකාර කරන්න,” “ඔබේ පවුල විනාශකාරි බලපෑම්වලින් ආරක්ෂා කරගන්න” සහ “ඔබේ පවුල තුළ සාමය පවත්වාගන්න” යන පරිච්ඡේද, එහි තිබෙන උපදෙස්වලින් පිරි පරිච්ඡේද අතුරින් කිහිපයකි.
ඔබේ පිටපත ලබාගැනීම සඳහා මෙයත් සමඟ තිබෙන කූපනය පුරවා එහි සඳහන් ලිපිනයට හෝ මෙම සඟරාවේ 5වන පිටුවේ සඳහන් සුදුසු ලිපිනයකට තැපැල් කරන්න. එහි තිබෙන නිශ්චිත යෝජනා මගින් ගැටලු නිරාකරණය කරගැනීමට ඔබට උපකාරයක් ලැබෙන අතර, මැවුම්කරු අරමුණු කළ ආකාරයට ප්‍රීතිමත් පවුල් ජීවිතයක් ගත කිරීමටත් ඔබට හැකියාවක් ලැබෙයි.
□ පවුලේ සන්තෝෂයට රහස නමැති පොතේ පිටපතක් මට එවන්න.
□ නොමිලයේ පවත්වන නිවාස බයිබල් පාඩමක් සඳහා මා හමු වන්න.