ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g01 11/8 24-25 පි.
  • “මම මේ දකින්නේ සිහිනයක්ද?”

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • “මම මේ දකින්නේ සිහිනයක්ද?”
  • 2001 පිබිදෙව්!
  • සමාන තොරතුරු
  • ‘පොඩ්ඩක්වත් බය වෙන්න එපා’
    දෙවියන් එක්ක ධෛර්යවන්තව ගමන් කරන්න
  • වංක ලොවක අවංකව සිටීම
    2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සත්‍යයට ප්‍රේමයක් දක්වන යෞවනයෝ
    2002 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ජීවිත වෙනස් කළ පොතක්
    2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2001 පිබිදෙව්!
g01 11/8 24-25 පි.

“මම මේ දකින්නේ සිහිනයක්ද?”

සීතල වූ ඇඟිලිතුඩුවලින් වෙව්ලන තොල් වසාගෙන ජනේලයෙන් ඈත එපිට පෙනෙන නගරය දෙස ලූඩ්ස් දෑස් අයාගෙන බලා සිටියා. ඇය ලතින් අමෙරිකානු කාන්තාවක්. ඇය අවුරුදු විස්සකට වඩා වැඩි කාලයක් තිස්සේ ඇයගේ පුරුෂයා වන ඇල්ෆ්‍රේඩෝගේ සැහැසියාවට ලක් වූ තැනැත්තියක්. ඇල්ෆ්‍රේඩෝ අවශ්‍ය වෙනස් වීම් කිරීමට පෙලඹීමක් ලබා තිබුණා. නමුත් ලූඩ්ස්ට කලින් දරාගන්න සිදු වුණු ශාරීරික හා මානසික වේදනා ගැන දැන් පවා කතා කිරීම එතරම් පහසු දෙයක් නොවෙයි.

ලූඩ්ස් පහත් ස්වරයකින් මෙසේ පවසයි. “අපි බැඳලා හරියට සති දෙකකට පස්සේ තමයි සැහැසියාව පටන්ගත්තේ. එක දවසක් ඔහු ගහපු පහරකින් මගේ දත් දෙකක් කැඩිලා ගියා. තවත් අවස්ථාවක ඔහු වැරෙන් අත මිට මොළවලා ගහද්දී මම පහත් වුණු නිසා ඔහුගේ අත තදින් අල්මාරියේ වැදුණා. මට ගොඩක් දුක හිතුණේ ඔහු මට නොහොබිනා නම්වලින් බණිනකොටයි. ඔහු මට කතා කළේ ‘වැඩකට නැති ගෑනි’ කියලයි. තවත් ඔහු මාව සැලකුවේ හරියට කිසිම දැනුමක් නැති අන්ත මෝඩ ගැහැනියක් විදිහටයි. මට ඔහුව අත්හරින්න උවමනා වුණා. ඒත් දරුවෝ තුන්දෙනෙක් එක්ක මම කොහොමද එහෙම කරන්නේ?”

ඇල්ෆ්‍රේඩෝ ඉතා ආදරයෙන් ලූඩ්ස්ගේ උරහිස මත අත තියලා මෙසේ පවසනවා. “මම උසස් වෘත්තියක නියැලෙන කෙනෙක්. මාව උසාවියට ගෙන්නලා ආරක්ෂිත නියෝගයක් දුන්නා. මේක මට හරි නින්දාවක්. මම හැම තිස්සේම වෙනස් වෙන්න සිතුවත් නැවතත් මම ඒ දේම කළා.”

මේ දේවල් වෙනස් වුණේ කොහොමද? “අපේ පාරේ කොනේ කඩේ කරගෙන ගියේ යෙහෝවාගේ සාක්ෂිකාරියක්” යයි ලූඩ්ස් පෙරට වඩා සන්සුන්ව පිළිතුරු දුන්නා. “එයා මට බයිබලය ඉගෙනගන්න උදව් කෙරුවා. යෙහෝවා දෙවි කාන්තාවන්වත් අගය කරන බව මම ඉගෙනගත්තා. මම රැස්වීම්වලට සහභාගි වුණා. නමුත් මුලදී මගේ රැස්වීම් යෑම ගැන ඇල්ෆ්‍රේඩෝ හුඟක් කෝප වුණා. රාජ්‍ය ශාලාවේදී හමු වන යහළුවන් සමඟ ආශ්‍රය කිරීමට ලැබීම මට අලුත් අද්දැකීමක් වුණා. මට කැමති දේ විශ්වාස කරන්නත්, ඒවා නිදහසේ ප්‍රකාශ කරන්නත්, අනික් අය සමඟ ඒ ගැන කතා කරන්නත් හැකිවීම ගැන මම සන්තෝෂයෙන් ඉපිල ගියා. දෙවි ඉදිරියේ මා වටිනා පුද්ගලයෙක් යන හැඟීම මට ශක්තිය ධෛර්යය ලබා දුන්නා.

“අපේ ජීවිතයේ අමතක නොවන සන්ධිස්ථානයකට අපි පැමිණියා. ඇල්ෆ්‍රේඩෝ එතකොටත් කතෝලික පල්ලියේ ඉරිදා පූජාවට සහභාගි වෙනවා. මම යෙහෝවාගේ සාක්ෂිකරුවන් සමඟ සම්බන්ධ වීම ගැන ඔහු විරුද්ධත්වය පළ කළා. මම කලබලයකින් තොරව නමුත් විශ්වාසවන්තව කෙළින්ම ඔහුගේ ඇස් දෙක දිහා බලලා කිව්වා ‘ඇල්ෆ්‍රේඩෝ ඔයා හිතන විදියට නෙවෙයි මම හිතන්නේ’ කියලා. ඔහු මට ගැහැව්වේ නැහැ. ඊට ටික කාලෙකට පස්සේ මම බව්තීස්ම වුණා. මේ අතරතුර අවුරුදු පහක පමණ කාලයක් මම ඔහුගෙන් ගුටි කෑවේ නැහැ.”

කාලය ගෙවෙද්දී මීටත් වඩා ලොකු වෙනස්කම් සිදු වුණා. ඇල්ෆ්‍රේඩෝ දැන් විස්තර කරයි. “ලූඩ්ස් බව්තීස්ම වෙලා අවුරුදු තුනකට පස්සේ, මාත් එක්ක වැඩ කරන යෙහෝවාගේ සාක්ෂිකරුවෙක් ඔහුගේ නිවසට මට ආරාධනා කළා. ඔහු මට බයිබලයේ තියෙන සිත් ඇදගන්නාසුලු පණිවිඩය කිව්වා. මම ලූඩ්ස්ට නොකියා බයිබල් පාඩමක් ආරම්භ කෙරුවා. වැඩිකල් නොගොස් මම ලූඩ්ස් එක්ක රැස්වීම්වලට ගියා. එහිදී අහන්න ලැබුණු බොහෝ ප්‍රසිද්ධ කථා පවුල් ජීවිතය සම්බන්ධව වූ අතර මට මං ගැනම ලැජ්ජාවක් ඇති වුණා.”

ඇල්ෆ්‍රේඩෝගේ හිතට කාවැදුණු තවත් දෙයක් තමයි රැස්වීම්වලින් පස්සේ සහෝදරයන්ද අනික් අය සමඟ ශාලාව අතුගානවා දැකීම. ඔවුන්ගේ නිවෙස්වලට ගියාම ඔහු දැක්කා පුරුෂයා භාර්යාවට පිඟන් කෝප්ප හෝදන්න උදව් කරන හැටි. මේ කුඩා දේවල් ඇල්ෆ්‍රේඩෝට උපකාරවත් වුණා අවංක ප්‍රේමය ක්‍රියාවට නංවන්නේ කොහොමද කියා තේරුම්ගන්න.

වැඩිකල් නොගොස් බව්තීස්ම වූ ඇල්ෆ්‍රේඩෝ දැන් ඔහුගේ භාර්යාව සමඟ පූර්ණ කාලීන දේවසේවයේ යෙදෙනවා. “ඔහු ඇඳ සකස් කරන්නත් කෑමෙන් පස්සේ මේසය අස් කරන්නත් මට උදව් වෙනවා” යයි ලූඩ්ස් පවසනවා. “මම හදන කෑමවලට ඔහු මට ප්‍රශංසා කරනවා. මම කැමති සංගීතයට සවන් දෙන්නත්, ගෙදරට අවශ්‍ය බඩු ගනිද්දී මට ඒවා තෝරන්නත් නිදහස දීලා තියෙනවා. මේ වගේ දේවල් නම් ඇල්ෆ්‍රේඩෝ ඉස්සර කවදාවත් කරන්න දෙන්නේ නැහැ. මේ ළඟකදී ඔහු මට මුල්ම වතාවට ලස්සන මල් පොකුරක් ගෙනත් දුන්නා. සමහර වෙලාවට මට හිතෙනවා ඇත්තටම මම මේ දකින්නේ සිහිනයක්ද කියලා.”

[24වන පිටුවේ පින්තූරය]

“දෙවි ඉදිරියේ මා වටිනා පුද්ගලයෙක් යන හැඟීම මට ශක්තිය ධෛර්යය ලබා දුන්නා”

[24වන පිටුවේ පින්තූරය]

සභාවේ අනෙකුත් සාමාජිකයන් සමඟ පුරුෂයන්ද රැස්වීමෙන් පසු ශාලාව අතුගානවා දැකීම ඇල්ෆ්‍රේඩෝගේ සිතට තදින් කාවැදුණා

[24වන පිටුවේ පින්තූරය]

ඔහු දැක්කා පුරුෂයා භාර්යාවට පිඟන් කෝප්ප සේදීමට උදව් කරන හැටි

[24වන පිටුවේ පින්තූරය]

“මේ ළඟකදී ඔහු මට මුල්ම වතාවට ලස්සන මල් පොකුරක් ගෙනත් දුන්නා”

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න