ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g00 11/8 32 පි.
  • සදාචාරය පිරිහීමට හේතු

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සදාචාරය පිරිහීමට හේතු
  • 2000 පිබිදෙව්!
2000 පිබිදෙව්!
g00 11/8 32 පි.

සදාචාරය පිරිහීමට හේතු

යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් කරනු ලබන දේවසේවය අගය කරමින් පසුගිය අවුරුද්දේ ඔක්තෝබර් මාසයේදී ඉක්වදෝරයේ ලොහාහි ලේඛකයෙකු සඳහන් කළ දේවල් අතරට පහත දැක්වෙන කරුණුද ඇතුළත් විය.

“මනුෂ්‍යවර්ගයා මුහුණ දෙන ප්‍රබලතම ගැටලුවලින් එකක් වන්නේ සදාචාරය පිරිහීමයි. . . . මිනිසුන් දස පනතෙහි සඳහන් දේවල් අමතක කර තිබෙන බවත්, තමුන්ගේ හෘදය සාක්ෂිය නොසලකා හැර තිබෙන බවත් පෙනෙන්නට තිබේ. අද පවතින මෙම තත්වය යටතේ එකිනෙකාව තේරුම්ගෙන කටයුතු කිරීම අසීරු දෙයක් වී ඇත. සෑම දවසකම සෑම තැනකින්ම අපට අසන්න දකින්න ලැබෙන්නේ වෛරය, ප්‍රචණ්ඩකාරි ක්‍රියා, අපරාධ, මත්ද්‍රව්‍ය ජාවාරම්, ත්‍රස්තවාදය හා මිනිසුන්ව පහත් ලෙස සැලකීම යනාදි දේවල්ය. . . . 

“යෙහෝවාගේ සාක්ෂිකරුවන් එවන් තත්වයන් ගැන කනස්සලු නොවී, සාමකාමීව ඔවුන්ගේ වැඩය දිගටම කරගෙන යයි. ඔවුන් විසින් ප්‍රකාශයට පත් කරනු ලබන මුරටැඹ සහ පිබිදෙව්! යන අලංකාර සඟරා දෙක මිනිසුන්ගේ නිවෙස්වලට ඔවුන් විසින්ම ගොස් බෙදාහරියි. එම සඟරාවල සිත්ගන්නාසුලු ලිපි පළ කෙරේ. විශේෂයෙන්ම පිබිදෙව්! සඟරාවේ විද්‍යාත්මක තොරතුරු හා නොයෙක් සංස්කෘතීන් පිළිබඳ විවිධත්වයකින් යුත් වැදගත් තොරතුරු අඩංගු වේ. එසේම එම තොරතුරු පැහැදිලි හා නිවැරදි ආකාරයකින් ඉදිරිපත් කර තිබේ.”

අදදින සදාචාරය පිරිහී තිබෙන බව සක්සුදක් සේ පැහැදිලිය. එහෙත් මෙම සඟරාවේ හතරවන පිටුවේ සඳහන් “පිබිදෙව්! ප්‍රකාශ කිරීමට හේතුව” නමැති කොටසෙහි සඳහන් වන පරිදි, පිබිදෙව්! සඟරාව “වත්මන් සිදුවීම් දෙස මතුපිටින් පමණක් නොබලා ඒවායේ සැබෑ අර්ථය ගෙනහැර දක්වයි.” මිනිසුන් දිගු කාලයක සිට දුක් වේදනා විඳිමින් සිටින බව ඇත්තටම දෙවි අප ගැන සලකන්නේද? යන විවරණිකාවේ අවධානයට ලක් කර ඇත. එහෙත් ඊට වඩා වැඩි යමක් එහි ඇතුළත් වේ. සදාචාරය පිරිහීමට හා ඉන් හානිකර ප්‍රතිවිපාක ඇතිවීමට හේතුව එහි පැහැදිලි කෙරේ. වඩාත්ම වැදගත් දෙය වන්නේ, වැඩිකල් නොගොස් මිනිසාට ගැටලුවලින් නිදහස හිමි වන ආකාරය ගැන එහි පෙන්වා දී තිබීමයි.

පිටු 32කින් යුත් මෙම විවරණිකාවේ පිටපතක් ලබාගැනීමට ඔබ කැමති නම්, මේ සමඟ ඇති කූපනය පුරවා, එහි සඳහන් ලිපිනයට හෝ මෙම සඟරාවේ 5වන පිටුවේ සඳහන් සුදුසු ලිපිනයකට තැපැල් කරන්න.

□ ඇත්තටම දෙවි අප ගැන සලකන්නේද? නමැති විවරණිකාවේ පිටපතක් මට එවන්න.

□ නොමිලේ පවත්වන නිවාස බයිබල් පාඩමක් පිළිබඳව තොරතුරු දැනගැනීමට මා කැමතියි.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න