එන්න, නොමිලේ දෙන ප්‍රසිද්ධ ඇමතුම අසන්න “සදාකාල ජීවනයට එකම මඟ”
අවුරුදු 20කට පමණ කලින්, වෛද්‍ය. ඇල්වින් සිල්ව’ස්ටයින්, කොන්ක්වෙස්ට් අෆ් ඩෙත් (මරණය යටපත් කිරීම) නමැති තම පොතේ මෙසේ ලිව්වා: “අපි ජීවිතයේ යථාර්ථය බේරුමකට ලක් කරන්න යනවා. පුද්ගලයෙක් වයසට යන අයුරු . . . අපට තේරුම් යයි.” ඔහු මෙසේද අනාවැකි පළ කළා: “තවදුරටත් ‘වයසක’ අය සිටින්න යන්නේ නැහැ; මන්දයත් මරණය යටපත් කරන්න ඉවහල් වන දැනුමම සදාතනික යොවුන් වියත් ගෙනෙන්න යනවා.”
වඩාත් මෑතකදී, 1997 සැප්තැම්බර් 28 ද නියූ යෝක් ටයිම්ස් මැගසීන්හි, අදදින තිබෙන තාක්ෂණයේ දියුණුව ගැන උද්යෝගයෙන් සිටින සෞඛ්‍යය පිළිබඳ සාවධානීන් රැසක් අතරේ “ජීවිතය දීර්ඝ කිරීම” ගැන පවතින ඒකාන්ත මත ගැන වාර්තා කළා. එක් උද්යෝගියෙක් පැවසුවේ “සදහටම ජීවත් වෙන අයගෙන් අපි මුල්ම අය වෙයි කියලා මට නං ඇත්තෙන්ම විශ්වාසයි.” “[මේ පරම්පරාව] වයසට යෑම නැවැත්වීමටත්, සමහරක් විට එය පිටිපස්සට යැවීමටත්, අවශ්‍ය කරන ජාන වර්ධිත ක්රමෝපායන් නුදුරු අනාගතයේදීම අපිට ලබාගන්න පුළුවන් වෙයි කියලා . . . [තවත් කෙනෙක්] නිසැක” වුණ බවට වාර්තා වෙනවා. එවන් සර්ව ශුභවාදී හැඟීමක් ඔබව පුදුමයට පත් කරනවාද?
මනුෂ්‍යයා ඔහුගේ තාක්ෂණය මගින් මරණය පරාජය කරයි කියා ඔබ සිතනවාද? එසේත් නැත්නම් සදාකාලිකව ජීවත් වීමට තවත් ක්‍රමයක් තිබෙනවාද? සදාකාලික ජීවිතයක් අත් කරගත හැකි දෙයක් කියා මිලියන ගණන්දෙනාට ප්රත්යක්ෂ වී හමාරයි. “ජීවිතය සඳහා දෙවිගේ මඟ” නමැති යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ දිස්ත්‍රික් සමුළුවේ අංගයක් වන “සදාකාල ජීවනයට එකම මඟ” නමැති හද දනවන කතාව ඇසීමට වූ ආරාධනය පිළිගැනීමෙන් කෙසේද කියා දැනගන්න. මෙම මාසයේ මුල සිට එය ලොව පුරා සමුළු සිය ගණනක ඉදිරිපත් කරන්න යන නිසා, ඔබට ඔබේ නිවසට නුදුරු ස්ථානයකදී මෙයට සවන් දිය හැකියි.
ඔබට ආසන්නවම පිහිටි සමුළු ස්ථානය සඳහා ඔබ ප්‍රදේශයේ සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව අමතන්න නැත්නම් මෙම සඟරාවේ ප්‍රකාශකයන්ට ලියන්න.