1998 අප්‍රියෙල් 11—සිහිකටයුතු දවසක්
මියයෑමට කලින් සන්ධ්‍යාවේදී, යේසු මුහුන් නොදැමූ රොටියක් හා මුද්‍රිකපානය පිරවූ කුසලානයක් තම ප්‍රේරිතයන් අතිනත යවා, එය අනුභව කිරීමට හා පානය කිරීමට ඔවුන්ට නියම කළා. ඔහු ඔවුන්ට මෙසේද පැවසුවා: “මා සිහි කිරීම පිණිස මෙය දිගටම කරමින් සිටින්න.”—ලූක් 22:19, NW.
මේ වසරේ මේ උත්සවය සැමරීම යෙදී තිබෙන්නේ අප්‍රියෙල් 11වන සෙනසුරාදා හිරු බැසයෑමෙන් පසුවයි. යේසු අණ කළ පරිදි මේ අනුස්මරණය සැමරීම සඳහා ලොව වටා සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවන් මේ විශේෂ රාත්රියේදී එකට එක්රැස් වෙන්න යනවා. නිරීක්ෂකයෙකු වශයෙන් අප හා එක්වීමට ඉතාමත් උණුසුම් ලෙස ඔබට ආරාධනා කරන්නෙමු. රැස්වෙන නියමිත වේලාව හා ස්ථානය කරුණාකර ඔබ ප්‍රදේශයේ සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගෙන් විමසන්න.