“ඔබ මිනිසුන්ට විශිෂ්ට සේවයක් කරනවා”
ඉන්දියාවේ ගෝවෙහි ජීවත් වන මිනිසෙක්, තමාගේ නිවසට පැමිණි යෙහෝවාගේ සාක්ෂිකරුවන් දෙදෙනෙකුගෙන් පිබිදෙව්! සඟරාවේ පිටපත් දෙකක් ලබාගත්තා. ඒවා කියවීමෙන් පසු, ඔහු සඟරාවේ ප්‍රකාශකයන්ට මතු දැක්වෙන ලිපිය ලිව්වා:
“දවස් කිහිපයකට කලින් මාගේ නිවසට පැමිණ පිබිදෙව්! සඟරාවේ පිටපත් තබා ගිය ස්ත්‍රීන් දෙදෙනාට මම ස්තුතිවන්ත වෙනවා. ඒවා යම් ආයතනයක් ගැන ප්‍රචාරය කරන සඟරා කියා සිතූ නිසා, මා යම් කාලයක් යන තෙක් ඒවා බැලුවේ නැහැ. ඒත් දවසක් මම ‘ඇමසන් වැසි වනාන්තරය’ (1997 මාර්තු 22, ඉංග්‍රීසියෙන්) ගැන තොරතුරු ඇතුළත්ව තිබූ සඟරාව අතරින් පතර බැලුවා. මම ඒක කියවන්න පටන්ගත් අතර, ඒක පරෙස්සමින් සම්පූර්ණයෙන්ම කියවා අවසන් කරන තෙක් ඒක පැත්තකට දමන්න මට බැරි වුණා.
“පිබිදෙව්! සඟරාවේ තිබූ තොරතුරු ඉතාමත් සිත්ගන්නාසුලු මෙන්ම තොරතුරුවලින් බරිත ඒවා බව මට වැටහුණා. එහි තිබූ විෂයන්වල විවිධත්වයද මාගේ සිත් ගත්තා. මා වැඩියෙන්ම අගය කළ දෙය වුණේ, විවිධ ලිපිවල තිබූ තොරතුරුවලට සැබෑ හේතු සහිතව මෙන්ම සමබර ආකාරයකින් එළඹීමයි.”
පිබිදෙව්! සඟරාව පළමු වතාවට කියවූ මේ තැනැත්තා මෙසේද එක් කළා: “මේ තරම් වටිනා තොරතුරු මිනිසුන්ගේ දොරකඩ ළඟටම ගෙන යෑමෙන් ඔබ මිනිසුන්ට විශිෂ්ට සේවයක් කරනවා.”
පිබිදෙව්! සඟරා කියවීමෙන් ප්‍රයෝජන ලබන්න ඔබටත් පුළුවන්. වෙනත් පිටපත් ලබාගන්න ඔබ කැමති නම් හෝ ඔබ සමඟ බයිබලය ගැන සාකච්ඡා කරන්න යමෙක් ඔබේ නිවසට එනවාට ඔබ කැමති නම් හෝ කරුණාකර වොච්ටවර්, 711 දුම්රියපොළ පාර, වත්තල, 11300ට හෝ 5වන පිටුවේ සඳහන් යෝග්‍ය ලිපිනයකට ලියන්න.