ඔහුගේ සැකය දුරු වුණා
ජමෙයිකාවේ කැරිබියන් දූපතක වාසය කරන තරුණයෙකුට යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව හමු වූ අවස්ථාවේදී, දෙවිගේ පැවැත්ම සම්බන්ධයෙන් ඔහුට විශාල සැකයක් තිබුණා; ඒ වගේම බයිබලය දේවානුභාවයෙන් ලියා තිබීමත් ඔහු ප්‍රතික්ෂේප කළා. කොහොමවුණත්, ඔහු අකමැත්තෙන් වුණත් බයිබලය—දෙවිගේ වචනයද නැත්නම් මිනිසාගේද? (ඉංග්‍රීසියෙන්) නමැති පොතේ පිටපතක් ලබාගත්තා. ඔහුව නැවත හමුවීමට ගියත්, තමන් ආරාධනා කරන තෙක් නැවත එන්න එපා කියා ඔහු සාක්ෂිකරුවන්ට පැවසුවා.
“මාස කිහිපයකට පසු, ඔහු දුරකථනයකින් අමතා බොහෝ ප්‍රශ්න ඇසුවා” කියා සාක්ෂිකරුවන් වාර්තා කළා. “ඒත් ඔහු ඒ වෙද්දිත්, බයිබලයෙන් සපයන උත්තර විවේචනය කරමින් සිටියා.”
කාලයක් ගතවීමෙන් පසු, මේ තරුණයාට සදාකාල ජීවනයට මඟ පෙන්වන දැනුම පොතේ පිටපතක් ලබා දී, නිතිපතා පවත්වන බයිබල් පාඩමක් පටන්ගත්තා. ටික කලකට පසු, ඔහු මෙසේ අදහස් දැක්වුවා: “මේ වගේ පාඩමක් කිරීම අවශ්‍ය වෙන්නේ ඇයි කියල දැන් මට තේරුම්ගන්න පුළුවන්.” ඔහු ඉගෙනගනිමින් සිටි දේවල් ගැන ඔහු තුළ මොනතරම් උද්‍යෝගයක් ඇති වුණාද කියනවා නම්, සතියකට දෙවතාවක් පාඩම් කරන්න කියා ඔහු ඉල්ලා සිටියා. ඉක්මනින්ම ඔහු නිතිපතා ක්‍රිස්තියානි රැස්වීම්වලට පැමිණෙන්න පටන්ගත්තා.
බයිබලය—දෙවිගේ වචනයද නැත්නම් මිනිසාගේද? නමැති පොත කියවීමෙන් හා සදාකාල ජීවනයට මඟ පෙන්වන දැනුම පොත පාඩම් කිරීමෙන් දශලක්ෂ ගණනකගේ ඇදහිල්ල වඩාත් සවිමත් වී තිබෙනවා. මේ පොත්වල පිටපතක් ලබාගන්න ඔබ කැමති නම් හෝ ඔබ සමඟ නිවාස බයිබල් පාඩමක් පවත්වන්න යමෙක් එනවාට ඔබ කැමති නම් හෝ කරුණාකර වොච්ටවර්, 711 දුම්රියපොළ පාර, වත්තල, 11300ට හෝ 5වන පිටුවේ සඳහන් ළඟම ලිපිනයට ලියන්න.
[32වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
බයිබලය—දෙවිගේ වචනයද නැත්නම් මිනිසාගේද? නමැති පොතේ කවරය: තුන්වන සියවසේ පැපිරස් ලියවිලි සහ එස්තර්හි හෙබ්‍රෙව් ලියවිල්ල: The Trustees of the Chester Beatty Library, Dublin; මහ ඇලෙක්සැන්ඩර්ගේ උඩුකය ප්‍රතිමාව: Musei Capitolini, Roma