මුරටැඹ ඔහු ඇත්තටම අගය කරයි
අමෙරිකා එක්සත් ජනපදයේ ඔහයෝ, ටොලිඩෝහි හයවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන ශිෂ්‍යයෙක් මෙසේ ලිව්වා: “මම කතෝලිකයෙක් වුණත්, ඔබේ මාහැඟි සඟරාවට දායකයක් ලබාගන්න මම කැමතියි. මුරටැඹ සඟරාව ගැන මට උනන්දුවක් ඇති වුණේ ට්‍රෙව’ නිසයි. පන්තියේදී එයා ඉඳගන්නේ මාත් එක්ක. දැනට අවුරුද්දක විතර ඉඳලා අපි දෙන්නා යාළුවෝ. එයා යේසුස්, යෙහෝවා සහ යෙහෝවාගේ සාක්ෂිකාරයන් ගැන ගොඩක් දේවල් කියල දුන්නා.
“ට්‍රෙව’ මගේම වයස, මගේම උස, ඒ වගේම එයාගේ ආගමට හරිම කැපවීමකින් ඉන්නේ. මුරටැඹ සඟරාව සඳහා එයාට දායකයක් තියෙනවා; එයා ඒවායින් එකක් මට දුන්නා. ඔයගොල්ලො ලියන ප්‍රායෝගික ලිපිවලට මට ආසා හිතුණා. මම හිතනවා මම යෙහෝවාගේ සාක්ෂිකාරයෙක් නෙවෙයි කියන එක ගානකට ගන්නේ නැතුව ඔබේ සඟරාවට දායකයක් ලබාගන්න මට ඉඩ දෙයි කියලා.”
මුරටැඹ සහ එහි සහකාර සඟරාව වන පිබිදෙව්!, ලොව පුරා සිටින බොහෝ ජාතීන්ට සහ ආගම්වලට අයත් අය ආස්වාදයෙන් යුතුව කියවා තිබෙනවා. පසුගිය වසරේදී භාෂා 120කටත් වැඩි ප්‍රමාණයකින් මේ සඟරා දෙක පිටපත් මිලියන 900කට වඩා මුද්‍රණය කළා!
මුරටැඹ සහ පිබිදෙව්! නොකඩවාම කියවීමෙන් ඔබත් ප්‍රයෝජන ගනීවි. මෙයින් පිටපතක් හෝ නොමිලේ පවත්වන නිවාස බයිබල් පාඩමක් ලබාගන්න කැමති නම්, ඒ සඳහා කරුණාකර වොච්ටවර්, 711 දුම්රියපොළ පාර, වත්තල, 11300ට හෝ 5වන පිටුවේ සඳහන් ළඟම ලිපිනයට ලියන්න.