“මට හතළිහක් ගේන්න. මම ඒවා බෙදන්නම්”
දකුණු ජර්මනියේ තම බයිබල් අධ්‍යාපන වැඩයේ කොටසක් වශයෙන් වුල්ෆ්ගං සහ ඔහුගේ භාර්යාව වූ වාල්ට්රෝට්, කීප වතාවකම එක් මිනිසෙකුට පිබිදෙව්! පිටපත් ඉදිරිපත් කළා. ඔහු මෙසේ පවසමින් හැමවිටම ප්‍රතික්ෂේප කරනවා: “මට දැනටමත් කියවන්න ඕනෙ තරම් තියෙනවා.”
කොහොමනමුත්, සමහරවිට ඒ මිනිසා 1996 නොවැම්බර් 22 පිබිදෙව්! (ඉංග්‍රීසියෙන්) කලාපයේ “යෙහෝවාගේ සාක්ෂිකරුවන් ගැන වැරදි හැඟීම් ඉවත් කිරීම” කියන ලිපිය කියවයි කියලා යුවළට හැඟුණා. ලිපිය, එක්සත් ජනපදයෙහි කැලිෆෝනියාවේ රෝටරි සමාජශාලාවක දෙන ලද කතාවක් පිළිබඳවයි.
වුල්ෆ්ගං සඟරාව ඇර ඒ ලිපිය ඒ මිනිසාට පෙන්වූ විට, ඔහු එය කියවන්න පටන්ගත්තා. ඔහුට එය තබාගන්න පුළුවන්ද කියලා ඔහු එවිට ඇහැව්වා. “මට නිවාඩු පාඩුවක් ලැබුණහම අද රෑම මම ඒක කියවන්නම්” යයි ඔහු පැවසුවා.
වුල්ෆ්ගං සහ ඔහුගේ භාර්යාව දවස් තුනකට පස්සේ මිනිසාව මුණගැසුණා. ඔහුගේ ප්‍රතික්‍රියාව කුමක් වුණාද? “ලිපියේ හොඳ කරුණු තිබුණා” කියා ඔහු පැවසුවා.
ඔහුව එච්චරටම ඇදිලා ගියේ ඇයි? ඔහුටත් යෙහෝවාගේ සාක්ෂිකරුවන් ගැන යම් වැරදි අවබෝධයන් තිබිලා තියෙන බවයි පෙනෙන්නේ. රෝටරි සමාජශාලාවේ සිටින ඔහුගේ මිත්‍රයන්ද ලිපිය කියවන්න කැමති වෙයි කියලා ඔහුට මෙවිට ස්ථිරයෙන්ම හැඟුණා. “මේ ලිපියේ තව පිටපත් ගෙනල්ලා දෙන්න ඔබට පුළුවන්ද?” ඔහු ඇහැව්වා.
“ඔබට කොච්චර ඕනද?” වාල්ට්රෝට් ඇහැව්වා.
“මට හතළිහක් ගේන්න. මම ඒවා බෙදන්නම්.”
පිබිදෙව්! පිටපතක් ලබාගන්න ඔබ කැමති නම් හෝ නොමිලේ බයිබල් පාඩමක් කිරීමට කැමති නම් කරුණාකර වොච්ටවර්, 711 දුම්රියපොළ පාර, වත්තල, 11300ට හෝ 5වන පිටුවේ සඳහන් ළඟම ලිපිනයට ලියන්න.